Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Thursday, May 25, 2017

අර්ශස් රෝගයෙන් අත්මිදෙමු.



අර්ශස් රෝගය පිළිබඳ පැරණි වෛද්‍ය ග‍්‍රන්ථයන්හි දක්වා ඇත්තේ මෙසේය.

"අරිවත් ප‍්‍රාණාන් ශෘණාති හීනස්තීති අර්ශ: "

රෝග පිීඩාවන්ට කැදැල්ලක් බඳු වූ මේ ශරීරය වා, පිත්, සෙම් කිපීම හේතු කොට ගෙන සියළු රෝගයන්ගේ උපත සිදුවන බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පෙන්වා දෙයි. රෝග යනු වා, පිත්, සෙම් යන ත‍්‍රිදෝෂයන්ගේ විෂම භාවයයි.

මිනිසුන් හට දුක් වේදනා ඇති කරවන සමාජය තුළ බහුලව පැතිරී යන රෝගයකි අර්ශස් රෝගය. කුඩාකල පටන් මිය යන මොහොත දක්වා මේ රෝගයෙන් බොහෝ දෙනෙක් පීඩා විඳින බව නොරහසකි.


අර්ශස් රෝගය මිනිසාගේ ගුද මාර්ගය මස් දළු වලින් ඇහිරීම හේතුකොට ගෙන සතුරෙකු මෙන් වේදනා දෙන අතර අර්ශස් යැයි කී විට එකී රෝගය ගුද මාග_යට පමණක් සීමා නොවෙයි. එනම් ස්ත‍්‍රී පුරුෂ ශරීරයේ ගුදය ප‍්‍රධාන ලිංග, යෝනි, නාසා, තාලූ, ගෙල, චර්මය, මුහුණ, ඇස්, කන්, අත් පා ආදියේ ද අප‍්‍රධාන වශයෙන් අර්ශස් හටගන්නා බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී දක්වා තිබේ.

මෙලෙස ශරීරයේ නොයෙකුත් ඉන්ද්‍රියයන් ඇසුරුකොට ගෙන අර්ශස් රෝගය හටගත්තත් අර්ශස් යැයි කී විට අපට හැෙඟන්නේ එය ගුද මාර්ගය සම්බන්ධ බරපතල රෝග තත්වයක් බවයි.

ගුදය යනු මහා අන්ත‍්‍රයේ අවසාන භාගයයි. එහි මළ කොටස් බැහැරට ඇද දැමීම සිදු කරන රැුලි ගැසුනු වලි තුනක් පිහිටා තිබේ. එම ගුද වලි තැන පැරණි විකිත්සා ග‍්‍රන්ථයන්හී මෙසේ විස්තර කොට තිබේ.


01. ප‍්‍රවාහිනී – මෙය ගුදය අභ්‍යන්තරවලිය ලෙස හඳුන්වයි. තැටමීමේදී මළ යටට තෙරපා හැරීම ප‍්‍රවාහනීවලියෙන් සිදුවේ. මෙහි සෑදෙන අර්ශස් සුව කිරීමට අපහසු වේ.

02. විසර්ජනී – මෙය ගුදයේ මැදවලියයි. තැටමීමේදී මළ පදාර්ථ නිසා දිගහැරී මළ පිට කිරීම විසර්ජනීවලියෙන් සිදු කෙරේ. මෙහි සෑදෙන අර්ශස් සුව කිරීමට පහසු වන අතර උග‍්‍ර වුවහොත් ශල්‍ය කර්ම කිරීමට සිදුවේ.

03. සංවරණී – මෙය ගුදයේ අවසානවලියයි. තැටවීමේදී මළ පදාර්ථ පිට වූ පසු මළ මාර්ගය වසාලීම සංවරණීවලියෙන් සිදු කරයි.


මෙහි සෑදෙන අර්ශස් කෂාය, ලේප, දූම, ශ්වේද, ගුද වැටි වැනි ක‍්‍රම මගින් සුව කෙරේ.


රක්ත අර්ශස් රෝගයද අද සමාජයේ බහුලව දක්නට ලැබෙන අතර ගුද චක‍්‍රයේ ලේ පිරී මළ පිට කිරීමට තටමන විට අධික වේදනාවක් දෙමින් මළ සමඟ ලේ පිටවීමට පටන් ගනී.

අර්ශස් රෝගීන් තුළ බොහෝ විට මළ පිටකිරීමේ අපහසුව (මළ බද්ධය) දක්නට ලැබෙන ලක්‍ෂණයකි. වැසිකිලියට යන රෝගියා මළ පිට කිරීමට අධික වශයෙන් තටමන විට ගුද මාග_ය ඇතුලත අර්ශස් ගෙඩි ඇත්නම් එ් තුළින්ද මළ බැහැරට ඇද දැමීමට බාධා සිදුවන විට රෝගියාට ඇතිවෙන වේදනාකාරී තත්වය අතිමහත්ය. මෙවැනි අවස්ථා වලදී ගුදමාග_යේ අර්ශස් ගෙඩි පැසව ඇත්නම් අධික ලෙස ලේ යාමත් සමඟද සැරවද පිට වෙයි.

මෙකී අර්ශස් රෝගීන් එම රෝගය නිසා විඳවන වේදනාව මෙසේ ලිපියකින් කෙසේ නම් විස්තර කරන්නද? රෝගියාගේ එම රෝ්ගය උග‍්‍ර වීම හේතුවෙන් කායික මානසික සමතුලිත තාවය සහමුලින්ම බිද වැටේ. මෙකී රෝගීන්ට අධික ලෙස කේන්ති යාම, වැඩ කටයුතු වල නොඉවසිලිමත් භාවය හටගන්නා අතර මානසික අසහනය හේතුවෙන් ඇතැම් රෝගීන් දිවිනසා ගැනීමට පවා පෙළඹෙයි. මේ නිසාම අර්ශස් රෝගීන්ට ගම්මුන් කියන්නේ ‘මූලක්ගාය කාරයා’ කියාය.

කෙසේ වෙතත් මෙකී මහා රෝගය සෑදුන මුල් අවස්ථාවේදී ආයුර්වේද ප‍්‍රතිකාරයෙන් හෝ සිංහලයනට ආවේනික වූ දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර තුළින් නිට්ටාවට සුව කර ගත හැකිය. එ් සඳහා ඉතා වටිනා ප‍්‍රතිකාර (අත් බෙහෙත්) කිහිපයක් අපමණ වේදනා විදින අර්ශස් රෝගීන් කෙරෙහි මෙත් සිතින් මෙසේ පෙන්වා දෙමි.

හෙළ වෙද පිළියම්

අර්ශස් රෝගීන්ගේ මළ බද්ධ තාවය (මළ පිට කිරීමේ අපහසුභාවය) මුලින්ම නැතිකර ගැනීමට රෝගියා උනන්දු විය යුතුයි. එ් ස`දහා හැකි පමණ ජලය පානය අත්‍යාවශ්‍යය. එසේම කොහිල, කතුරුමුරුංගා කොළ, කෙසෙල් මුව, කෙසෙල් බඩ, ගස්ලබු, කෙසෙල් ගෙඩි, බෙලි, බතල, කිඩාරන් අල වැනි මල බද්ධය අඩු කරවන පලතුරු හා ආහාරපාන ඉතා යෝග්‍යය වේ. විශේෂයෙන්ම අර්ශස් රෝගයට මහෝඝ ඖෂධයක් වූ කොහිල ශාකය නිසි ලෙස පිළියෙල කර ආහාරයට ගැනීම ඉතා වැදගත්ය. මළ බද්ධතාවය බහුලව පවතී නම් මේ බෙහෙත පාවිච්චි කරන්න.


බෙහෙත් වට්ටෝරු

* වැල්මී චූර්‍ණය, අරළු චූර්‍ණය, සූකිරි, මුද්‍රප්පලම් සම ප‍්‍රමාණයෙන් ගෙන එකට අඹරා නෙල්ලි ගෙඩි ප‍්‍රමාණයෙන් රාත‍්‍රියට ගිල උණුජලය පානය කරන්න.
මීට අමතරව කොහිල අල, දඬු හා දළු, හීන් ගොටුකොල සමව ගෙන කොටා ඉස්ම මිරිකා රතු ළුෑනු ද දමා කැඳ පිස ගිතෙල් සමඟ වැලදීම අර්ශස් රෝගීන්ට මනා සුවපහසුවක් සලසයි.
සියළුම අර්ශස් රෝග වලට අත් බෙහෙත්


*අළු කෙසෙල් අල උණු අළු පල්ලේ තම්බා ගිතෙලින් අඹරා බුළු ගෙඩියක් පමණ දවල්ට / රෑට ගිල හී ගොටුකොල තැම්බූ දිය බොන්න.

*ගස් කරල් හැබ සහ මුල්, හීන් කොහිල අල දඬු හා කොල, වැල් කොහිල කොල, සූදුරු, රතුළුෑනු, බේත් අනෝදා කොල කලං 2 බැගින් ගෙන වතුර කෝප්ප 2/1 ට හිඳ උදේ / සවස එළඟිතෙල් දමා වැළඳීම ඉතා යෝගය්‍යයි. මෙකී ඖෂධ තම්බා නිතර වැළදීමද රෝග සුවයට මහෝපකාරී වෙයි.

*අරළු, බුළු, නෙල්ලි, හීරැස්ස පලූ, හීන් කොහිල අල කෂාය ද මැනවි.
අර්ශස් ගෙඩි සෑදි වේදනා දෙන විට.


*අර්ශස් ගෙඩි තද වී වේදනා දෙන විට උණු දිය භාජනයකට ලූළු කැට කීපයක් දියකර මද රස්නය තිබියදී අධෝමඟ වැසෙන පරිදි විනාඩි 15ක් 20ක් පමණ වාඩි වී සිටීම මැනවි.

*ගංසූරිය පොතු හෝ කරඳ පොතු බාගෙට කොටා එම තැම්බූ දිය මද රස්නය තිබියදී භාජනයක දමා ගුද මාග_ය වැසෙන පරිදි වාඩි වී සිටීම අර්ශස් ගෙඩි වලට ඉතා ගුණයි.

* එසේම බෙහෙත් අනෝදා කොල කොටා පොට්ටනි බැඳ වංඩුවේ තම්බා අර්ශස් ගෙඩි තැවීමෙන් වේදනාව අඩුවන අතර පසුව සව_ විෂාදී තෛලය හා ගිතෙල් සමව කවලම් කර ගැල්වීමෙන් අර්ශස් ගෙඩිවල වේදනාව හා ඉදිමීම අඩු වී යයි.

රක්තඅර්ශස් වලට (ලේ අර්ශස්)


*නෙළුම් රේණු ගිතෙලින් අඹරා වරකට බුළු ගෙඩියක් ප‍්‍රමාණයට ගිලින්න.

*හාතාවාරිය අල අඹරා එය හාල්පානු දියට දියකර කලතා වැලදීමද හොඳය.

*ගොටුකොල, රතුළුෑනු, කොහිල අල කෂාය මැනවි.

දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ මෙකී රෝගය සුවකර ගැනීම සදහා ඉතා ප‍්‍රත්‍යක්‍ෂ චිකිත්සා ක‍්‍රම රාශියක් දක්වා තිබෙයි. ඉහත ස`දහන් අත් ප‍්‍රතිකාරද ඔබ කරන්නේ නම් එ් අතරතුර සුදුසු වෛද්‍යවරයෙක් හමුවී රෝගය පරීක්‍ෂා කර බලා වෛද්‍ය උපදෙස් පැතීම ඉතා වැදගත්ය.

මෙකී අර්ශස් රෝගය නොසලකා හැරීම හේතු කොටගෙන ගුදඝ‍්‍රංශය (මළ මඟ පහත් වීම) භගන්දරය, මළ බද්ධය, කාමලාව, පාණ්ඩු, අත් පා ඉදිමීම වැනි බොහෝ ව්‍යාධීන්ට හේතු වන බැවින් අද අදම නිසි ප‍්‍රතිකාර කර ගැනීමට වගබලාගත යුතුය. මෙකී අර්ශස් රෝගීන් ප‍්‍රත්‍ය සලකා කටයුතු කිරීම රෝග සුවයට මනා පිටුවහලකි.

අර්ශස් රෝගීන් ඉස්සන්, දැල්ලෝ, බලමාළු, අච්චාරු, තක්කාලි, දෙල් වැනි සියළු උෂ්ණාධික ආහාර පාන වලින් වැලකිය යුතුය. එසේම අධික අම්ල, ලවණ ගතියෙන් යුත් ආහාර පාන, තෙල් අධික ලෙස යෙදූ බැදුම් වර්ග, ස්වාභාවිකත්වය ඉක්මවාගිය සියළු කෘතිම ආහාරපාන අපත්‍ය වන්නේය. එසේම අධිකව කය වෙහෙසීම, බර ඉසිලීම, එක තැන බොහෝ වේලා හිඳ සිටීම හෝ බොහෝ වේලා ඇවිදීම, මල වේග, වාත වේග ධාර්ණය කර ගෙන සිටීම වැනි විහරණ වලින් වැලකිය යුතුය. මෙයාකාරයෙන් නිසි වෛද්‍ය උපදෙස් මත ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර මඟින් අර්ශස් රෝගය නිට්ටාවට සුවකර ලීමේ හැකියාව ඇත.

මූලාශ්‍රය : - Swasthya Weda madura Facebook page

ආයුර්වේදයට අනුව අම්ල පිත්ත රෝගය යනු කුමක්දැයි හඳුනාගනිමු



වර්තමානයේ බහුල වශයෙන් දක්නට ලැබෙන මෙම රෝගය සමාජයේ වැඩි දෙනා අතර හැඳින්වෙන්නේ ගැස්ට්‍රයිටීස් (Gastritis) වශයෙනි. අම්ල පිත්තය පුළුල් රෝගයක් වන අතර ගැස්ට්‍රයිටීස් යනු එක් අංශයක් පමණක් වන බව කිව හැකිය. අමිල පිත්ත ස්වතන්ත්ර රෝගයකි. එහෙත් ගැස්ට්‍රයිටීස් හෙවත් ආමාශයික ප්රදාහය ස්වතන්ත්ර රෝගයක් විය නොහැකිය. අම්ල පිත්ත රෝගය පිළිබඳ දැනගැනීම ආමාශයේ ඇති විය හැකි බොහෝ රෝග වලින් වැළකී සිටීමට හේතු කාරණා වේ.

ආයුර්වේද විඥානයට අනුව වැළඳීමට හේතු වන කාරණා වන්නේ එකිනෙකට විරුද්ධව ආහාර වර්ග (උදාහරණ උෟරු මස්, හරක් මස්, මුදවාපු කිරි වැනි දෑ) නිතර අනුභව කිරීම, නරක් වූ ආහාර (වර්තමානයේ රසකාර යෙදු පෙර පිසින ලදුව අධි ශීතකරණ වල බහා කල් තබාගන්නා ආහාර වර්ග) නිතර කෑමට ගැනීම සැර ඇඹුල් ආහාර වර්ග ගැනීම (උදාහරණ අන්නාසි වැනි) විදාහී හෙවත් දැවිල්ල ඇති කරන ආහාර වර්ග (උදාහරණ රතු මිරිස් බහුල ආහාර, විනාකිරි, අබ වැනි දෑ යොදා සකස් කළ ආහාර) පිත කුප්පන සුළු ආහාර වර්ග (මත් පැන්, කිරෙන් තැනූ මෝරු රා ආසව ආදිය). උඳු මෑ අවර වැනි අහාර බහුලව හා වැඩි වාර ගනනක් ගැනීම, ආදී කරුණු හේතු කොට ගෙන කිපුණු ශාරීරික පිත අම්ල බවට පත්ව අම්ල පිත්ත රෝගය උපදවයි. ආයුර්වේදයේ ග‍්‍රන්ථාගත කරුණු මේ වුවද වර්තමාන ජන සමාජයේ දෛනික ජීවන රටාව විමසා බැලූ විට මෙම රෝගයට හේතු විය හැකි තවත් බොහෝ හේතු අපට හමුවේ.

විවිධ ආකාරයේ ශීත කළ හෝ නොකළ රසකාරක යෙදු කලින් පිසින ලද ක්‍ෂණික ආහාර, කෘත්රීම පාන වර්ග, වෛද්‍ය උපදෙස් නොලැබ බටහිර හා ආයුර්වේදීය ඖෂධ භාවිතා කිරීම, රැකියාවේ ක්රියාකාරකම් වලදී විෂ සහිත රසායනික ද්‍රව්‍ය හෝ ද්‍රව ආශ්‍රිතව සිටීමට සිදුවීම, මත් කුඩු හෝ කංසා භාවිතය, ධූම පානයට ඇබ්බැහි වීම, රාත්රිය නිදි වරමින් වැඩ මුරයේ වැඩ කරන්නට සිදුවීම, රෙදි හා ඇඟළුම් කර්මාන්තය ආශ‍්‍රිත විවිධ ක්රියාකාරකම්, Take away කෑම කඩ හරහා සමාජගත වන විවිධ නොගැලපෙන හා නරක් වූ ආහාර පාන ගැනීමට පෙළඹීම, නිසි වෙලාවට ආහාර නොගැනීම හා ගත් ආහාර දිරවීමට පෙර වරින් වර ආහාර ගැනීම, විවිධ කරුණු හේතුවෙන් මානසික ආතතියට ලක්වීම ආදී මෙවැනි කරුණු රාශියක් වර්තමානයේදී අම්ල පිත්ත රෝග නිදානාංශයට ඇතුළත් කළ යුතු බැව් පෙනේ. දේශිය ආහාර රටාවෙන් හා චින්තන රටාවෙන් ඔබ්බට ගිය ආහාර රටාවකට ඇබ්බැහි වීම හා අවුල් සහගත සිතිවිලි ඇති කර ගැනීමද අම්ල පිත්තයට පමණක් නොව තවත් බෝ නොවන රෝග ගනණයකට හේතු වී ඇත.

ශරීරික පිත ප්‍රකෘත හා විකෘත යැයි ශාස්ත්රයේ සඳහන් වේ. ප්‍රකෘත පිත කටුකය. එය ආහාර පරිපාකය හොඳින් සිදු කර සිරුරට සැප ලබාදෙයි. විකෘත පිත අම්ලාධිකය. ඒ තත්වය අම්ල පිත්ත රෝගය ලෙස ගැනේ. එලෙස පිත විකෘත වීමට යට දැක්වූ හේතු සමුදාය ඉවහල් වේ. බටහිර මතය අනුව Hyper Acidity යයි ගැනුයේ එයයි. ආමාශය හා ඉන් පහළ කොටසේ වණ තුවාල හට ගැනීම, අධික දුම් පාණය, පිටි සහිත ආහාර වැඩි පුර ගැනීමෙන් රා ආදිය පැහෙන්නාක් මෙන් පැහීමට පත්වීම ආදිය ඊට හේතු වෙතියිද ඉන් උපදනා අම්ලය පිත සමඟ එක්වීමෙන් අම්ල පිත්තය Hyper Acidity හටගනිතියි ද ඔව්හු සළකති. මෙය ආයුර්වේද මතය නොවුනද ආයුර්වේදය එය ඉවත නොදමයි.

බටහිරින් කියැවෙන තවත් මතයක් වන්නේ අම්ල පිත්තය හෙවත් Heart Burn තත්වයැයි කියනුයේ ගලනාලයේ මුල ඇතිවෙන දැවිල්ලටය යන බවයි. එම තත්වය ඇති වන්නේ ආහාරගෙන ටික වේලාවක් ගතවූවාට පසුව බවද එහිදී දැවිල්ල සමඟම ඇඹුල් රසැති ඔක්කාරය ඇතිවන බවද බොහෝ විට මේ දැවිල්ල ගලනාලය කෙලවර හෝ ආමාශය කැලඹීමෙන් හෝ ඇති වන බවද ඊට බාහිරව අම්ල වර්ග කරණ කොට ගෙන ඇති විය හැකි බවද කියැවේ. එහෙත් Gastritis හෙවත් ආමාශික ත්රීව්ර පර්ධාන (දැවිල්ල) හටගන්නේ අධික මත් පැන් පානයෙන් හෝ ආහාර අජීරණයෙන් හෝ එම දෙකින්ම යැයි සඳහන්වේ. එහි දී බඬේ තද බල කැක්කුම ඔක්කාරය හෝ වමනය හා ඇතැම් විට උණ ගතියද ඇති විය හැකි බවත් කල් ගත වීමේ දී ආහාර අරුචිය ඔක්කාරය විටින් විට සෙම වමනය විය හැකි බවත් මෙබඳු තත්වයන් දිරවීමට අපහසු ආහාර නිතර ගැනීමෙන් ඇතිවිය හැකි බවත් ආමාශය පිළිබඳ පිළිකා වැනි වෙනත් රෝග වලදී ද මෙබඳු තත්වයන් ඇති විය හැකි ඉවත් බටහිර රෝග විඥානයේදී කියැවේ. මානසික උද්වේග මුත‍්‍ර විෂ වීම වැනි අවස්ථා වලදීද ආමාශය රෝග ග‍්‍රස්ත වේ යැයිද සඳහන් වේ.

මෙහි රෝග ලක්‍ෂණ ලෙස ආයුර්වේදීයව කිව හැක්කේ කෑ දේ නිසි පරිදි නොදිරවීම, වෙහෙසීමෙන් තොරව සිරුරට දැනෙන මහන්සිය - විඩාව, ඔක්කාරය, තිත්ත ඇඹුල් රස උගුරට ඒම, සිරුර බර බව, පපුවේ හා බෙල්ල (ගලනාලය) ඇතුලතින් එන දැවිල්ල, ආහාර අරුචිය යනාදී රෝග ලක්‍ෂණයන්ය. මේ හැර මේවාටම යාවන සුළු සුළු වෙනස්කම් ඇතිව උපදනා අපහසුතාද හමුවේ.

අම්ල පිත්තය දෙආකාර බව ආයුර්වේදය කියති. ඒ ඌර්ධ්වගත සහ අධෝගත වශයෙනි. අම්ල පිත්තයේ දෝෂය පිතයි. වාතය සහ සෙම පිත අනුව ක‍්‍රියා කරයි. ඌර්ධ්වගත අම්ල පිත්තය ආමාශය හා ඉන් ඉහළටම ගිය අවස්ථාවයි. බහුලව දැකිය හැක්කේ මෙයයි. මෙය සෙම සමඟ විශිෂ්ට ලෙස සම්බන්ධ වූ රෝග අවස්ථාවකි. අධෝ ගත අම්ල පිත්ත අන්ත‍්‍ර මාර්ගයේ ආමාශයෙන් පහළ කොටසට පැතිරුනු රෝගාවස්ථාවයි. මෙය නිතර දක්නට නොලැබෙයි.

සෙම සමග එක් වූ ඌර්ධ්ව ගත අම්ල පිත්තය කොළ කහ නිල් කළු පාටයි. සෙම සහිතව වමනය ඇති කරයි. පිටත මද රතු පාටද ඇතුළ තද රතු පාටද වෙයි. තද අම්ලයක් ඇති කරයි. ඒවා මස් සේදු වතුර මෙන් කළු රතු වර්ණ වෙයි. බොහෝ සෙම් සහිත බවක් පෙන්වයි. විවිධ වූ රස ඇති කරයි. කෑ අහර විකෘතව පැසුණු කල්හිද අහර ගත යුතු වේලාවේ නොගෙන සිටීමද නිසා තිත්ත වූත් ඇඹුල් වූත් වමනයක් ඇති කරයි. එලෙස ඔක්කාරයද වෙයි. උගුර පපුව හා බඬේ තද දැවිල්ල හා තද බල හිසේ කැක්කුම ඇති කරයි. එසේම සෙම සම්බන්ධය ඇත. අම්ල පිත්තය අත් පා වල පවා දැවිල්ල ඇඟේ ගිණියම තද අරුචිය උණ, කැසීම, පලූ දැමීම බොහෝ කොට බිබිලි ඇති වීම සහ වෙනත් නොකියූ රෝග ගහනයක් උපදවයි.

අධෝ ගත අම්ල පිත්තයෙහි සෙම සම්බන්ධයක් නැත. ඇත්තේ ශාරීරික පිතේම කිසියම් විශේෂත්වයක් පමණි. පිපාසය දැවිල්ල මූර්ච්ඡා වීම - කරකැවිල්ල - මුළාව මෙහිදී ඇතිවේ. විවිධ වර්ණ සහ දුර්ගන්ධයේ එක් වීමෙන් කිසි විටෙක උපදනා පිත්ත විකෘති තා නිසා ඔක්කාරය - ඇඟේ පලූ නැගීම - ගින්න මද කම - ලොමු දැහැ ගැන්ම - ඩහදිය වැඩිපුර ගැලීම - ඇඟ පත කහ පැහැ වීම ආදිය සිදු කරමින් අධෝගත වෙයි. මේ අවස්ථාව නිතර දක්නට නොලැබෙයි. අළුත් අම්ල පිත්ත රෝගය උත්සාහයෙන් සුව කර ගත යුතු බවද කල් ගත වූ අම්ල පිත්තය හිතවත් ඖෂධ ආහාර පාන විහරණ උපයෝගී කර ගනිමින් වැර වෑයමින් සුව කර ගත යුතු බවද ආයුර්වේදය අවධාරණයෙන් දක්වයි. ඒ වෙනත් රෝග ගහණයකට අම්ල පිත්ත රෝගය හේතු විය හැකි බැවිනි.

වාත දෝෂය පර්ධාන අම්ල පිත්තය වාත සහ සෙම පර්ධාන අම්ල පිත්තය හා සෙම පර්ධාන අම්ල පිත්තය යැයි මෙය ත්රිවවිධාකාරය. වාත පර්ධාන අම්ල පිත්තයේදී වෙව්ලීම, නන් දෙඩවීම, මූර්ච්ඡාව, පුපුරු ගසන්නාක් බඳු වේදනාව, ඇඟ පත පණ නැති වීම, අවයවයන්හි බුරුල් බව, අනින්නාක් බඳු වේදනාව, දකින දේ අඳුරු පැහැයෙන් දැකීම, කරකැවිල්ල, මුලා බව, ලොමු දැහැ ගැන්ම ආදී රෝග ලක්‍ෂණ දකින්ට ලැබේ.

සෙම අධික අම්ල පිත්තයේදී බොහෝ කොට සෙම කාරා දැමීම, සෙම බේරීම, ඇඟ පතේ බර බව වැඩිපුර දැනීම, ක‍්‍රියා හානිය, සියල්ල අරුචි වීම හෙවත් නොරිස්සුම, සීතල දැනීම, ඇඟ පත අවයව බුරුල් වූවා සේ දැනීම, වමනය යාම, මුඛයේ සෙම ඇලී තිබීම, මන්දාග්නි තත්වය ඇතිවිම, ශරීර ශක්තිය හීන වීම, කැසිල්ල, නිදිමත ආදී ලක්‍ෂණ දැකිය හැකිය. වාත හා සෙම් ප‍්‍රධාන අම්ල පිත්තයේදී ඉහත කී රෝග ලක්‍ෂණ මිශ‍්‍රව පවතින්නේය.

පිතේ විශේෂතාව සහිත සෙම අධික අම්ල පිත්තයක් ගැන ආයුර්වේදයේ සඳහන් වේ. එහිදී තිත්ත ඇඹුල් හා කුළු (කටුක) රසයෙන් යුතු ඔක්කාරයක් ඇතිවේ. හෘදය පෙදෙස උදර පෙදෙස බෙල්ල ආදී තන්හි දැවිල්ල කරකැවිල්ල මුලාව අරුචිය වමනය අලස ගතිය හිසරදය සෙම් වැගිරීම මුඛයේ පැණි රස දැනීම ආදී ලක්‍ෂණ ඇතිවේ. අම්ල පිත්තයේ ප‍්‍රධාන දෝෂය පිතයි. මෙහි සාමාන්‍ය සහ විශේෂ තත්ව දක්නා ලැබේ. සෙම බහුල අම්ල පිත්තයේදී පිතේ ඇති එම විශේෂත්වය යහමින් දක්නට ලැබෙන බව සැළකිය යුතුය.

මෙකී සියලූම රෝග ලක්‍ෂණ එක රෝගියෙකු කෙරේ දකින්ට නොලැබෙතත් බොහෝ ලක්‍ෂණ දක්නට ලැබේ. බෝ නොවන රෝග ගණයේ බහුලව දක්නට ලැබෙන රෝගයක් වන මෙම රෝගය වැළඳීමෙන් පසු බොහෝ දුක් උසුලා සුව කර ගැනීමට වඩා රෝගය වැළඳීමෙන් වැළකී සිටීම ඉතා අගනේය. ඒ සඳහා අප ගත යුතු ක්රියා මාර්ග රාශියකි. පළමුකොට සිරුර හා මනස පවිත්රව තබා ගත යුතුය. ආහාර පරිවෘත්ති හෙවත් දිරවා එහි රසය සිරුරට උරා ගැනීමේ ක්රියාවලිය හෙඳින් සමබරව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

විශේෂයෙන්ම ආහාර පැසවන ශාරීරික ගින්න නිසි පරිදි පවත්වා ගත යුතුය. මෙහදී සුදුසු කල්හී ආහාරයට ගත් සැහැල්ලූ හිතකර ආහාරය පවා වැඩිපුර වතුර බීම නිසා නිසියාකාර පැසවීමකට නොයන බව ශාස්ත‍්‍රයේ සඳහන් වේ. එවිට අග්නිය හෙවත් ගින්න මන්දාගිනි තත්වයට යයි. එවිට සිරුරේ අමු බව හා සෙම වර්ධනය වෙයි. එකල අවයවයන්හි ක්රියාකාරීත්වය දුබල වීම සිරුර බර බව ආදී ලකුණු පහළ වෙයි. ආහාර අඩුවෙන් හෝ වැඩියෙන් ගැනීමද නොකල්හි ආහාර ගැනීමද මළ මූත්ර කිවිසුම් අධෝ වාත ආදී ශාරීරික වේග පහ නොකර දරා ගෙන සිටීමද රාත්රී නිදි වැරීම හා දහවල් හි නිදි ගැනීම යනාදී කරුණු ආහාර පැසවෙන ගින්න මැඩ පැවැත්වීමට හේතුවේ. එකල අම්ල පිත්ත පමණක් නොව ආමාශය අන්ත්ර මාර්ග ගත වෙනත් බොහෝ රෝගයන් පවා පහසුවෙන් උපදී. මානසික දෝෂ වශයෙන් ගැණෙන ඊර්ෂයා කිරීම, අධික ලෙස බිය වීම, දැඩි සේ ක්‍රෝධ කිරීම, ආදී කරුණු ලබන්නා කෙරෙහිද අධික ලෝභයෙන් යුතු වූවන් කෙරෙහිද මානසිකව නිවට ගති ඇත්තවුන් කෙරෙහිද රෝග පීඩිතයින් කෙරෙහිද අනුන්ට දිවේශ කරන්නන් කෙරෙහිද ගත් ආහාරය නිසි පැසවීමකට නොයයි. එමෙන්ම නිසි පමණින් නිසි පරිදි වැළඳු හිතකර ආහාරය වුවද අධික සිතිවිලි ඇතිව දැඩි කණගාටුවට පත්ව දැඩි බියෙන් යුතුව අනුනට ක්‍රෝධ සිතින් යුතුව නම් නිසි පැසවීමට නොයයි. සුව පහසු නැතිව දුකසේ නිදා ගැනීමද නිදි වැරීමද ආහාරය නොදිරවීමට ප‍්‍රධානවම හේතුවේ. මේ බැව් ආයුර්වේදයේ මූලික ග‍්‍රන්ථ දෙකක් වන සුශ්රැත සංහිතාවේ සහ චරක සංහිතාවේ කෙළින්ම දක්වා ඇත.

නින්ද ආහාර ජීරණයට බලපාන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්ට පුළුවන. දහවල හි සිරුරේ බාහිර අවයව මෙන්ම අභ්‍යන්තර අවයවද ක්රියාකාරීව සිට රැුයේදී විශ‍්‍රාමයට පත්වෙති. බඩවැල සහ අක්මාව ඊට වෙනස්ව රැයේදී හොඳින් ක්රියාත්මක වේ. රැයෙහි නිදි මැරීමෙන් ආහාර පැසවීමේ ක්රියාව අඩපණ වන්නේ එබැවිනි. එයින් වාත දෝෂය වර්ධනය වී ආහාර නොදිරවීමේ තත්වය පැන නැගේ. දහවල් හි නිදා ගැනීමෙන් සෙම වැඩිවී ගින්න නිවී යයි. එම නිසා ආහාර නිසි පරිදි නොපැසවා පල් වෙයි; විෂ වෙයි. ඊර්ෂයා භය ආදී මානසිකතත්වයන් නිසා මොළයේ සහ නාඩි ව්‍යූහයේ සිදුවන විකෘතිතා නිසා ආහාර පැසවන පාචක ද්‍රව්‍ය වැගිරීමේ ඇණහිටීමක් සිදුවේ. නිසි මානසික ව්‍යාපාරය ආහාර දිරැවීමේ ක්රියාවලිය නියමිත පරිදි මෙහෙයවයි. ආයුර්වේදය ඈත අතීතයේ දුටු මේ තත්වය අද නවීනයෝත් එකහෙළා පිළිගනිති.

මේ රෝගය හා ඇති විය හැකි තවත් රෝග බොහෝමයක් ආහාර ජීරණ පද්ධතියේ ක‍්‍රියා විකෘතිය නිසා උපදී. අසාත්මක භෝජණය හෙවත් නොගැලපෙන ආහාර ගැනීම අර්ධපක්ව භෝජණය හෙවත් බාගෙට පිසූ ආහාර ගැනීම පිලූනු වූ ආහාර ගැනීම හොඳින් නොපිසූ ආහාර ගැනීම සහ අද බහුලව දක්නට ලැබෙන වරක් පිස ශීතකරණ වල බහා තබා පසුව ගෙන නැවත රත්කර කර ආහාරයට ගැනීම අතිශයින්ම අන්ත‍්‍ර මාර්ගික රෝග උපදවයි. එසේ නැවත රත්කර ගන්නා ආහාර විෂ බව ආයුර්වේදය සාරංගධර සංහිතාවේ ලා දක්වයි. මෙවැනි තත්වයන්ගෙන් තොර වූ හිත ආහාරය ලෙඩ හදන්නෙ නැත. බහුල වශයෙන් පොල්තෙල් ද ඊට අඩුවෙන් මීතෙල් එලඟිතෙල් දුන්තෙල් ද ආහාරයට ගත් අපේ රටේ වැසියන් අද තෙල් යැයි කියා කන්නේ මොනවාදැයි ඔවුන්ම නොදනී. විවිධ වූ ඇට වර්ග මද වර්ග සිඳි තෙල් වෙළඳ පලේ බහුලය.

ඒ තෙල් සහිත ආහාර ගැනීම නොකළ යුතුය. විවිධ දේශගුණික කලාප වලට අයත් නොරටුන්ගේ ආහාර රටාවට අප පුරුදු විය යුතු නැත. පාන් වැඩිපුර ආහාරයට ගැනීමෙන් ලෙඩ හැදෙන බවට අද සමාජය තරමකට හෝ දැනුවත් වී ඇත. අම්ල පිත්තයට එයද ප්රධාන හේතුවකි. මිරිස් තෙල් අධික ආහාර මෙන්ම ඒවා රසවත් කිරීමට යොදා ගනු ලබන මොනසෝඩියම් ග්ලූමේට් නමැති කෘත‍්‍රීම රසාකාරකය අපේ ආහාර ජීරණ පද්ධතියට කරන අපරාධය පිළිබඳව හොඳින් අවබෝධ කර ගත යුතුය. එමෙන්ම කෘත්රීමව සෑදු පැණි බීම වර්ග ශරීරයේ ක්‍ෂණික ශක්තිය ඇති කරවතියි වෙළඳ ප්රචාරණයට පත් පානීය වර්ග ශක්ති ජනක බව කියන කිරිපිටි වර්ග භාවිතය පිළිබඳව අපේ රට වැසියා මීට වඩා අවබෝධයෙන් ක‍්‍රියා කළ යුතුය.

එමෙන්ම මානසික යහ පැවැත්ම මෙහිදී අත්‍යවශ්‍ය වෙයි. සිතේ දුර්ගුණ වැඞීමෙන් ගතේ රෝග හට ගන්නා බව බටහිරින්ද අවධාරණය කරන කරුණකි. අදහන ඕනෑම ආගමකට ධර්මයක සමාජයේ අනුනට කරදරයක් නොවන පරිද්දෙන් ජීවත්වන ක්රමය දැක්වෙයි. එලෙස ජීවත් වන්නාගේ මානසික දුර්ගුණ විකෘතිතා ඇති නොවේ. බෞද්ධයින් නම් සිල් පද පහ හොඳින් රැක ගැනීමෙන් නිරෝගී පුද්ගලයෙකු ලෙස ජීවත් වීම හැකිවේ.

මත් ද්‍රව්‍ය හා මත්පැන් වලින් වැළකී සිටීම සෞඛ්‍යය රැකගැනීමට වඩාත් ඉවහල් වේ. මත් පැනින් වළකින්නටම බැරි නම් එය ප්රමාණාත්මකව ක්රමයෙන් අඩු කළ හැකිය. එළෙස ක්රමානුකූල පැවැත්මෙන් මත්පැනින් වැලකී සිටීමටද පුරුදු වන්නට පුළුවන. එවිට ලෙඩ දුක් නැති නිරෝගී ප්රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව පෑදේ. මධුමේහය හෘදයාබාධ අධි රුධිර පීඩනය අක්මාගත ආබාධ ආමවාත සන්ධිවාත පීනස වැනි රෝග ගහණයකින්ද වැළකීමට යහපත් ශාරීරික මානසික සෞඛ්‍ය සංරක්‍ෂණය හේතු වේ.


මූලාශ්‍රය : - Swasthya Weda madura Facebook page

Tuesday, January 12, 2016

සෙම්ප්‍රතිශ්‍යාවට ආයුර්වේද බෙහෙත් 7 ක්



 සෙම්ප්‍රතිශ්‍යාව සරල රෝගයක් ලෙස පෙනුනද බොහෝ කල් පැවතුනහොත් නියුමෝනියාව වැනි ලෙඩ රෝග දක්වා වර්ධනය විය හැක. එනිසා හැකි ඉක්මනට සුව කර ගැනීම ඔබගේ ශරීර සෞඛ්‍යට ඉතා යහපත්ය. 

සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ

  • හිසරදය
  • ඇස් රතු වීම
  • කිඹුහුම් යාම
  • හිස බර ගතිය
  • ඇඟපත රිදීම
  • සොටු දියර ගැලීම
  • මද උණ ගතිය

සෙම්ප්‍රතිශ්‍යාව වැළදී හුස්ම ගැනීමට අපහසු විට.

  • දෙහි කොළ පොතු හා පේර කොළ එකට තම්බා මුහුණට වාෂ්පය අල්ලන්න. උණුසුම් ජලයෙන් මුහුණ හොඳින් තවන්න.

සෙම්ප්‍රතිශ්‍යාව රෝගයට

1. ඉඟුරු කොත්තමල්ලි හොඳට තම්බා සීනි දමා බී හොදාකාර ඇඟ වසා පොරවාගෙන සුළං නොවදින තැනක නිදා ගන්න. නැවත උණු දියෙන් මුහුණ, අතපය දවසට දෙතුන් වරක් සෝදන්න.

2.පැසවූ ඉඟුරු ඉස්ම ටිකක් නාසයට උරා සෙම් ඇරීමද යහපත්ය.

3.ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, පත්පාඩගම්, තිප්පිලි තම්බා බොන්න.

4.මඳ උනුසුම් වතුරට ලුණු දිය කර කට, උගුර සෝදන්න.

5.තිප්පිලි කුඩු මී පැණි සමග අනා දිවේ ගාන්න.

6.කොත්තමල්ලි, යකිනාරං කොළ, දෙහි කොළ තම්බා උදේ සවස දුම් අල්ලන්න. හුමාලය හිස, නළල, මුහුණ හා පපුවට වැදෙන සේ දුම් අල්ලා ගැනීමෙන් නාසය හිරවීම, හිසරදය හොඉස බර ගතියට ක්ෂණික සහනය ලැබේ.
SHARE THIS ARTICLE :
+

තුවාලයකින් ලේ යාම නැවැත්වීමට (මන්ත්‍ර)



“ ඕං ඉර ඉරා ඉර බැන්දෙන් සද ඉර ඉරා සද බැන්දෙන් ලේ පූට්ටු මස් පූට්ටු ඇට පූට්ටු පූට්ටු ඒස්වාහ: “

උදුගොව්වන් කනවට නොවරදින පෞරාණික කෙම් ක්‍රම 4ක්







කිසිවෙකුට නොකියා කරන්න. කෙම් ක්‍රමය. අත්දුටුවයි.
 
  • කුකුල් ඛෙටි මුත්‍රාවලින් අඹරා ගාන්න.
  • ජයපාල ඇටයක් පුච්චා කොහොඹ තෙලින් අඹරා ගාන්න.
  • කරිවිල කොළ මුත්‍රා වලින් අඹරා ගාන්න. පෙර ඛෙහෙත මෙනි.
  • එළබටු ඉස්ම මී පැණි සමඟ ගාන්න.
  

Friday, November 20, 2015

හැඩට වැඩට ඉන්න









රුව ලස්සන කරගන්න සම පැහැපත් කරගන්න උනන්දුවන වැඩි දෙනෙක් සිතන්නේ අපට නිතර දකින්නට අසන්නට ලැබෙන එක එක විදිහේ ආලේපන අවශ් බවයි. නමුත් ඔය හැටි වියදම් නොකර ඔබේ රුව ලස්සන කරගත හැකි ආලේපන ඔබට ගෙදරදීම සකසා ගන්නට පුළුවන්.


ස්වාභාවික දේවල්වලින්. වියදමකුත් නෑ. සමට අහිතකරත් නෑ. රසායනික දේ මිශ් වෙලත් නෑ. ලේසියෙන්ම ලස්සන වෙන්න පුළුවන්.

අපි සූදානම් වෙන්නේ ඇත්තටම ඔබට ලස්සන වෙන්න පුළුවන් ආලේපන ගැන කියන්නටයි.

සම පැහැපත් කරගැනීමේදී සම පිරිසුදු කරගැනීම හරිම වැදගත්. අප ක්ලෙන්සර් පාවිච්චි කරන්නේ සම පිරිසුදුකර ගන්නටයි. සඳහා මෙන්න ඔබටම සකසාගත හැකි ක්ලෙන්සර් එකක්.

* පිපිඤ්ඤා යුෂ සමඟ කිරි ස්වල්පයක් මිශ්රකර සමේ තවරා පසුව සෝදා හරින්න. වියළි සමකට නම් මෙය ඉතාම යෝග්යයි.

* අයිස් වතුර කෝප්ප 1/2 කට ලෙමන් යුෂ බිංදු 8 – 10 ක් කළවම්කර මුහුණේ ආලේපකර පසුව ඉවත් කරන්න. මෙය මුළු සිරුරටම වුවද සුදුසුවනවා. තෙල් සහිත සමකට මෙය භාවිත කරන්න පුළුවන්.

* කිරි ස්වල්පයක් ගෙන එය හොඳින් ගසාගන්න. ඉන්පසු ඉතිරිවන යොදය ඉවත් කරන්න. වියළි සමට මෙම යොදය භාවිත කළ හැකියි. දියරමය කොටස තෙල් සහිත සමට භාවිත කරන්න මෙය ස්වාභාවිකවම සම සුදු කරයි.

කෝමාරිකා ජෙල් බ්ලෙන්ඩර්කර මී පැණි තේ හැඳි එකකට වතුර තේ හැඳි දෙකක්, දෙහි බිංදු දෙකක් කළවම්කර ගාන්න.

මේ අයුරින් ක්ලෙන්සර් කළ පසු අනිවාර්යයෙන් ටෝනර් කළ යුතුයි. අපි බලමු සමට සුදුසු ටෝනර් එකක් සාදා ගන්නා ආකාරය.

පිපිඤ්ඤා ඉස්ම, අයිස් වතුර සමඟ හෝ රෝස වතුර සමඟ මිශ්රකර ගන්න.

අපේ මැරුණු සම ඉවත් කිරීමට ස්ක්රබ් කළ යුතුයි. වියළි සමක් ඇති අයෙක් නම් සති දෙකකට වරක් ස්ක්රබ් කළයුතු අතර සාමාන් හෝ තෙල් සහිත සමක් ඇති පුද්ගලයෙක් නම් සතියකට වරක් ස්ක්රබ් කිරීම ප්රමාණවත්.

ස්ක්රබ් එකක් සාදා ගැනීම

රතුහාල් පිටි මේස හැඳි 3 ක්

උළුඳු පිටි මේස හැඳි 3 ක්

කස්තුරි කහ කුඩු තේ හැඳි 1 ක්

එළකිරි

මේ සියල්ල හොඳින් මිශ්රකර මුහුණේ උඩු අතට ආලේපකර විනාඩි 10 ක් පමණ තබා සීතල වතුරෙන් සම තෙත්කර උඩු අතට පිරිමැද හොඳින් ස්ක්රබ්කර තෙත පුළුන්වලින් ඉවත් කරන්න. මුළු ශරීරයම ස්ක්රබ් කළ හැකියි.

සාමාන් සමකට නම් -

ඉදුණු අලිගැට පේර - කස්තුරි කහ

කොකුම් පොතු - වෙනිවැල්ගැට

මේ සියල්ල රෝස වතුරෙන් මිශ්රකර මුහුණේ ආලේපකර විනාඩි 20 කින් පිරිසුදු ඇල්දියෙන් සෝදා ඉවත් කරන්න.

වියළි සමකට නම් -

අලිගැටපේර - බිත්තර කහමදය

යෝගට් - මීපැණි මිශ්රකර ගන්න.

තෙල් සහිත සමකට නම් -

කඩල පිටි -මුං පිටි

මීපැණි, දෙහි යුෂ

යෝගට් මිශ්රකර ස්ක්රබ් එක ලෙස භාවිත කරන්න.

මිශ් සමට -

අඹරාගත් කොහොඹ දළු -බිත්තර සුදුමද

අමු කහ - මීපැණි

එමෙන්මබිත්තර කහමදය - මීපැණි - අලිගැටපේර

යෝගට්

සමස්තයක් වශයෙන් මුහුණ පැහැපත් වීමට සකසාගත හැකි ආලේපනයක් මේ.

පොල්කිරි - මීපැණි

මුංඇට හෝ කඩල පිටි තේ හැඳි එක බැගින් ගෙන මිශ්රකර තවරා විනාඩි 20 ක් තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න. මේ සියලු දේවල් මුහුණට සත්කාර වශයෙන් සකසා ගැනීමේදී යොදා ගන්නා අමුද්රව්යයන් හා භාජන හැකිතාක් පිරිසුදුව භාවිත කිරීමට සැලකිලිමත්වන්න.

ඔබ මෙම ආලේපන භාවිත කරමින් නිරතුරුවම සම පැහැපත්කර ගන්නට සම රැක ගන්නට උත්සාහ කරනවා නම් එහි ප්රතිඵල ඔබට අත්විඳින්නට ලැබේවි. සැබෑම ලස්සන රුවකට ස්වාභාවික ආලේපන තරම් හිතකර වෙනත් කිසිදු ආලේපනයක් නොවේ.