Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Friday, August 21, 2020

ආයුර්වේදය හා ගර්භනීහාවය




ආයුර්වේදයේ ගර්භනීය තෙල් පිරවූ කළයකට සමාන කරනු ලබයි. තෙල් නොසැලෙන සේ බදුන නොසෙල්වා තබා ගන්නේ කෙසේද ගර්භනිය ද ඒ අයුරින්ම ආරක්ශා කල යුතුයි. මවගේ හැසිරීම් හා සිතුවිලි අනුව දරුවාගේ හැසිරීම් සිතුවිලි හැඩ ගැසීම සිදු වන නිසා ගර්භනී කාලය පුරා මව සතුටින් සිටීම වැදගත් වේ. ගර්භනී කාන්තාවක් ඇයගේ ජීවන රටාව, ආහාර රටාව, විහරණ රටාව ගර්භනිභාවය අනුව සකසා ගත යුතුයි. 

දරුවාගේ යහපත් මානසික තත්වය උදෙසා මව ගර්භනී සමයේදි ආගමික කටයුතු වල යෙදීම වැදගත් වේ. ආයුර්වේදය ට අනුව මෙමගින් දරුවාගේ රජස් හා තමස් ගුණයන් යටපත් වී සත්ව ගුණය වඩා ඉස්මතු වේ. 

මව විසින් ඉතා උස් නොවූ මිටි නොවූ ආසන , ඇදක් භාවිතා කල යුතුයි. ඇද ඇතිරිලි මෙට්ට මෘදු විය යුතුයි. ඒවා මවට අපහසුවක් ඇති නොකල යුතුයි. ගර්භනිය ඇදිය උතු ඇදුම් පිලිබද සදහන් කිරිමේදී සුදු හෝ ලා පැහති බව දක්වා ඇත. තද ඇදුම් ඇදීමේන් උදරය තද වී amonitic fluid තෙරපීමෙන් miscarriage විය හැක. 

රතු පාට අදින්න එපා ලෙස දක්වන්නේ මුල් කාලයේදි threatened abortion එකක් වෙන්න යනව නම් මුලින්ම යෝනි මගින් පිටවන්නනේ ඉතා රතු පාට ස්‍රාවයක් වගෙ දෙයකි. ලා පැහැති ඇදුමක් ඇන්ද විට මුල්ම අවස්තාවේ දි එම sign එක හදුනගෙන මවට bed rest කිරීමට උපදෙස් ලබා දී ශතාවරී ජටාමාංශ වැනි ඖශධ ලබා දී ගර්භ ස්‍රාවය වලක්වා ගත හැක. තව ද මව පාවට්ට කොල එඩරු කොල නික කොල වැනි කොල තම්බා ස්නානය කිරීමද සුවද ඒම ට රෝස පෙති සැවන්දරා මුල් සුදු හදුන් ආදිය භාවිතා කලහ. 

ගර්භනී කාලයේ මුල් මාස තුන යනු ඉතා අපහසු කාලයක් වේ. අපගේ ශරිරය ට ආගන්තුක ද්‍රව්‍යක් (ශුක්‍රාණු) ඇතුල් වීම නිසා හටගත් කලලය නිසා ශරීරයේ විවිද හෝර්මෝනමය වෙනස්කම් ඇති වේ. මේ නිසා මව ට විවිද සන්කූලතාවන් හා අපහසුතාවන් හට ගනී. වමනය , ක්ලාන්තය , ඇගේ බර බව නිදිමත ගතිය කේන්තිය ආදී එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට අපහසුතාවන් ඇති වේ. මව ආගමික කටයුතු වල නිරත වීමේදි මෙවනි සන්කූලතා වලින් හිත මදකට ඉවත් වීම නිසා සැහැල්ලුවක් ඇති වේ. 

ආයුර්වේදය ට අනුව ගර්භයක් ඇති වනුයේ ශුක්‍රාණු (sperm) , ශ්‍රෝනිත (ovum ) හා ජීව යන ත්‍රිත්වයන්ගේ සංයෝගයෙනි. මෙම ජීව කොටස අකුසල කර්ම කරන ලද කොටසක් නම් මෙසේ ආගමික කටයුතු වල නිරත වීමෙන් එහි පින් බලයෙන් ගර්භයේ රදා පැවත්ම තහවුරු වේ. (එනම් miscarriage වීමට ඇති chance එක අඩු වේ). 

ගර්භනී මවකට මුල් මාසයේදි එලකිරි පානය සුදුසු බව ආයුර්වේදයේ දක්වයි. එසේම මුල් මාස තුනේදී ක්ලාන්තය ඔක්කාරය කටට කෙල ඉනීම ලක්ශන පහල වන අතර ඇය ට ඇඹුල් ආහාර අබ අච්චාරු ලුනු දෙහි ආදී දේවල් ගැනීමට ආසාවල් ඇති වේ. ඒවා අහාරය ට ගැනීමෙන් තව දුරටත් අපාන වාතය කෝප වන බැවින් ඉන් වැලකීම සුදුසුයි. 

එසේම මෙම පලමු මාස තුන ඇතුලත දරුවාගෙ අංග විකසනය සිදු වේ. එම නිසා මව තමාගේ ආහාර පිලිබද ඉතා සැලකිලිමත් විය යුතුයි. මේ කාලයේදි විවිධ ඖශධ වර්ග ගැනීමෙන් වැලකීම ඉතා සුදුසුයි. ඔබ හිසරදයට බොන පැනඩෝල් පෙත්ත වුවද දරුවා තුල විකෘතිතාවක් ඇති කිරීමට හේතු වේ. එම නිසා වඩාත්ම සුදුසු දෑ වනුයේ බෝ වෙන රොග වලින් වැලකීම සදහා සෙනග ගැවසෙන ස්ථාන වලට යාමෙන් වැලකී සිටීමයි . 

පලමු ත්‍රෛමාසිකය අවසන් වන විට වමනය ක්‍රමයෙන් අඩු වන අතර දරුවාගෙ ප්‍රමානාත්මක වර්දනය ආරම්භ වේ. මේ කාලයේදී දරුවාගේ බර වැඩිවීම සිදු වේ. දරුවා පෝෂණ ද්‍රව්‍ය ඉක්මනින් උරා ගනී. මේ නිසා මවට ශක්තිය ලාබාදෙන අහාර දිය යුතුයි. මාලු වර්ග , පොඩි මාලු , එලවලු , බිත්තර , පලතුරු , පලා , ධාන්‍ය වර්ග , වට්ටක්කා , බතල වැනි ආහාර ගැනීම සුදුසුයි. මස් වලට වඩා කුඩා මාලු ගැනීම ඉතා සුදුසුයි. 

මන්ද යත් දරුවාගෙ අස්ථි වර්දනයට මවගෙන් කැල්සියම් උරා ගන්නා නිසා මවගේ දත් දිරායාම අස්ථි දුර්වල වීම හා cartilage ගෙවී යාම සිදු වේ. තව ද මව ට කොන්ද වේදානා අස්ථි භග්න ආදිය සිදුවිය හැක. එම නිසා කැල්සියම් සපිරි හාල්මැස්සන් කුඩා මාලු තෝර මාලු සුදුසුය. බලයන් දැල්ලන් ඉස්සන් වැනි ඌශ්න ආදික ආහාර ගැනීම නිසා දරුවා ඉපදීමෙන් පසු දරුවාට සමේ රෝග හා රත ගාය ඇති වීම ට හේතු වේ. 

පස්වන මාසය වන විට දරුවා මවගෙන් තව දුරටත් පෝෂණ ද්‍රව්‍ය උරා ගන්නා නිසා මව කෘශ වීම නිරක්තිය ඇති වීම සිදු වේ. මවගේ කකුල් ඉදිමීම , මුහුණ ඉදිමීම , අතේ ඇගිලි ඉදිමීම , ආදිය ඇති වේ. මේ කාලයේදි ගිතෙල් ම්‍ශ්‍ර කර ආහාර සැකසීම සුදුසු වේ. හැකි තරම් ධාන්‍ය වර්ග පලා වර්ග මාංශ රස ලබා දිය යුතුයි. තව ද මේ කාලයේදී ගර්භ වලිප්පුව (pre eclampsia ) යන තත්වය ඇතිවිය හැක. එහිදී

    1. මුත්‍ර වල ඇල්බියුමීන් අඩංගු වීම 
    2. අධික රුධිර පීඩනය 
    3. පාද වල ශෝථය යන යන ලක්ශන තුනම ඇති වේ. මෙහිදී ගොකටු , සාරණ අඩංගු මුත්‍ර කාරක ඖශධ ලබා දීම සුදුසුයි . 

හයවන මාසය වන විට දරුවාගෙ බුද්ධි වර්ධනය සිදුවන නිසා මව තවත් වඩා පෝෂ්‍යදායක ආහාර ලබා ගත යුතුයි. හත්වන අටවන නවවන මාස මාස වන විට දරුවාගෙ වර්ධනය ෂ්‍රීගයෙන් සිදු වේ. එම නිසා තව දුරටත් ශක්ති වර්ධක ආහාර ගත යුතුයි.

හත්වන මාසය වන විට ඇවිදීම , යෝග කිරීම නිර්දේශ කර ඇත. එකම ඉරියව්වෙන් සිටීම සුදුසු නැත. තවද උදර විශාල වීම සැලකිය යුතුව වැඩිවන නිසා තද ඇදුම් ඇදීම නුසුදුසු ය. සැහැල්ලු ඇදුමක් ඇදීම වඩාත් යෝග්‍ය වේ. තව ද මෙම කාලයේදී ගිතෙල් මිශ්‍ර ආහාර , වෘංහණ ගුණ සහිත අාහාර ද සුදුසුයි ඔබ විසින් රොටියක් සැදුව ද එය ට ගිතෙල් මිශ්‍ර කර සාදා ගත හැක. මෙයට පාන් පිටි වෙනුවට ආට පිටි වලින් සාදා ගැනීම ඉතා සුදුසුයි. නිවුඩු හාල් බත් , මාලු වර්ග , පලා වර්ග , පරිප්පු , එලවලු ආහාර වේලට එකතු කර ගන්න. 

අටවන මාසය වන විට මවට ඇවිදීම දුර ගමන් යාම තහනම් කෙරේ. මව වඩාත් පරිස්සම් විය යුතු කාලයක් ලෙස මෙය දක්වා ඇත. ආයුර්වේදය ට අනුව නවවන මාසයේදි අපාන වාතය අනුලෝමනය බලාපොරොත්තුවෙන් මවට වස්තිකර්ම සිදු කරයි. මේ කාලයේදි මවට හැරෙන්න ට නැවෙන්න ට වත් අපහසු කාලයක් බැවින් ජීරණය ට පහසු ආහාර ලබාදීම අවශ්‍ය වේ. 

ආයුර්වේදයේ මෙසේ ගර්භනී පිලිවෙත් දක්වා ඇත්තතේ බිහිවන දරුවා වඩා නීරෝගිමත් බුද්ධිමත් හා මවට වේදනාවෙන් තොර පහසු ප්‍රසවයක් සදහා යි. මවට ගර්භනීහාවය වදයක් නොවී අවසානය දක්වා ගත කිරීමටයි . ඉතින් මෙම සියලුම කාරණා සදහා ඇය ට ඇයගේ ස්වාමි පුරුෂයාගේ රැකවරණය විශෙශ්ෂයෙන් ලැබිය යුතුයි. පවුලෙන් හා සමාජයෙන් රැකවරණය ආරක්ෂා ව ලැබිය යුතුයි. 

ආයුර්වේදයෙ දක්වන පරිදි මෙම පිලිවෙත් පිලිපැදීමෙන් පූර්ව ප්‍රසව(pre term), පසු ප්‍රසව (post term) වලින් තොරව නිසි කාලින ප්‍රසවයක් ද (term baby), උපත ලබන දරුවා දැනුමෙන් හා බාහිර පෙනුමෙන් නෑදෑයන් අතර බැබලෙන දීර්ඝ ආයුශ සහිත බවද බලය වර්ණය අතින් ශේෂ්ඨ වන අතර සෞඛ්‍ය සම්පන්න බවින් ඉතා ඉහලය. 


සැකසුම - නිමේශා හක්මනගේ 
                    BAMS (UoC). 

Please Give Us Your 1 Minute In Sharing This Post!
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →
Powered By: Nirosha SoftNet

0 comments:

Post a Comment