Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Showing posts with label බාල රෝග. Show all posts
Showing posts with label බාල රෝග. Show all posts

Sunday, August 30, 2020

ඔට්සම් ගැන දැනුවත් වෙමු ( autism )



ඔටිසම් යනු දරුවන්ගේ සාමාන්‍ය හැකියාවන් හා හැසිරීම සම්බන්ධයෙන් ගැටලු ඇති කරන රෝග තත්වයක් . මෙම රෝගය පිළිබඳ දෙමව්පියන්ට නිසි දැනුමක් නොමැති වීම දරුවා මෙම රෝගයට ගොදුරු වීමට ප්‍රධානම හේතුවක් වෙනවා. මෙහිදී සිදුවන්නේ දරුවාගේ මොලයේ ස්නායු වර්ධනය ගැටලුකාරී තත්වයක් ඇතිවීමයි.
ආයුර්වේදයේ මේ ගැන සඳහන් වේ. ආයුර්වේදයේ මෙය මනෝදෞර්බල්‍ය රෝගයක් ලෙස දක්වයි. මෙම තත්වය උපතින් පළමු වසර තුළ ඇතිවෙන අතර දරුවාට අවුරුදු 2 - 3 පමණ වන විට රෝගය නීර්ණය කර ගත හැක.


ඔට්සම් රෝගය සදහා හේතු.

මේ සදහා නිශ්චිතවම එක් හේතුවක් දක්වන්නට අපහසුයි. මේ රෝගයට කාරණා කීපයක්ම හේතු වෙන්න පුලුවන්. ඒ හේතුව දරුවාගෙන් දරුවට වෙනස් වෙනවා. ආයුර්වේදයේ මෙම හේතු වර්ග කර දක්වනවා. එනම් ගර්භජ හේතු , ජන්මෝත්තර හේතු , සහජ හේතු හා ආගන්තුක හේතු ලෙසට වේ.

🏵️ ගර්භජ හේතු ලෙස දක්වන්නෙ ගර්බනී කාලයේදි මවට ඇතිවන රෝග තත්වයන්ය

🏵️ ඒ වගේම එම රෝග සදහා මව ගන්නා ඖෂධ ද දරුවාට බලපෑම් ඇති කල හැක.

🏵️ මව ගර්භණී සමයේ දී ගන්නා හා නොයකුත් ආහාර ආදිය ( කටු , තික්ත ලවණ රස ආහාර වැඩිපුර ගැනීම )

🏵️ මවගේ හැසිරීම් රටාව ,විහරණ ආදිය 

මෙහිදී මවගේ මානසික තත්වය කුසයේ වැඩෙන දරුවාට බලපානු ඇත. ගර්භණී සමයේ දී මව ගැටළු පීඩා වලට මුහුණ දීම , මවගේ මානසික ආතතිය , මවට ඇති වන දොල දුක තත්ත්වයන් නොසලකා හැරීමත් රෝග හේතු කාරකයන්.

දරුවා ඉපදීමේ දී හා ඉපදීමෙන් පසු සිදු වන බලපෑම් ජන්මෝත්තර හේතු ලෙස දක්වනවා.
ඒවා නම්,

🏵️  දරුවා ඉපදීමේදි දරුවාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයවත් තරම් නොලැබී යාමෙන් දරුවාගෙ ස්නායු වලට හානි වීම.

🏵️ දරුවා ඉපදීමෙන් පසු නිසියාකාරව මව්කිරි පානය නොකිරීම ( මෙය ඕටිසම් දරුවන් බොහෝ පිරිසක් අතර දැකගත හැකි හේතුවකි. )

🏵️ මවගේ ක්ශීර දෝශ ( උශ්න ක්ශීර , අල්ප ක්ශීර ආදිය )

🏵️ දරුවාගේ ආහාර රටාව ( කටු , තික්ත , ලවණ රස ආහාර වැඩිපුර ගැනීම ) .

🏵️ ගර්බනී මවගේ හා උපත ලද දරුවාගේ නින්ද. ( මවට ගර්බනී කාලයේදි හා දරුවාටද ප්‍රමාණවත් නින්දක් තිබිය යුතුය . )

🏵️ බබා ගේ මානසික තත්වය ද මෙම ඔටිසම් රෝගයට ප්‍රධානම හේතුවක් වෙනවා . දරුවාට අවුරුදු පහක් වත් යනකම් ආදරය කරුණාව මෙන්ම අවධානය යොමු කරන්න ඕන

🏵️ මීට අමතර ව සහජ ද හේතු ද එ නම් ජානමය හේතු බලපානවා මවගේ හා පියාගේ පාර්ශ්වයෙන් ඔටිසම් රෝගයට ගොදුරු වූ අයෙක් සිටියේ නම් තම දරුවාට ද මෙම රෝගය ඇතිවීමේ රෝග ඇති වීමේ සම්භාවිතාවක් ඇත.

🏵️ ඒ වගේ ම තමයි ආගන්තුක හේතු මේ රෝගයට හේතු වෙනවා . එනම් හිසට සිදුවන ආබාධයන් වැටීම් , පහරදීම් හා දරුවා බිහිවීමේදී හිරවීම ( forcep delivery ) ආදියයි. මේවා ආයුර්වේදයේ දක්වන්නෙ ශිරෝ මර්ම අභිඝාත ලෙසට.

🏵️ දරුවා හුදෙකලා වීම ,දරුවාට ආදරය ආරක්ෂාව කුඩා කාලයේදීම නොලැබී යාමත් ඔටිසම් රෝගයට හේතු වෙනව.


රෝග ලක්ෂණ

ඔටිසම් යනු රෝග ලක්ෂණ කිහිපයක එකතුවකි ( autism spectrum disorder ).
මෙම ලක්ෂණ දරුවාගෙන් දරුවාට වෙනස් වෙන්න පුළුවන් . ඒ වගේ ම තමයි මෙම රෝග ලක්ෂණ තිබූ පමණින් එය ඔටිසම් කිව නොහැක . එනමුත් ඔටිසම් දරුවන් තුළ මෙම ලක්ෂණ දැකගත හැක .

🏵️ ප්‍රධාන ම ලක්ෂණයක් තමයි මේ දරුවන් ට eye contact නොමැති ව්ම. එනම් මව සමග පවා ඇසට ඇස බලන් කතා කිරීමට අපහසු වීම. ඕනෑම දරුවෙකු කුඩා කාලයේ දී පවා තම මවට අවධානය යොමු කරනවා .නමුත් ඔටිසම් සහිත දරුවන් තුල මෙම අවදානය දක්නට ලැබෙන්නෙ නැහැ.

🏵️ සාමාන්‍යයෙන් දරුවෙක් මාස හයක් පමණ වන විට සිනහවකින් ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙනවා . නමුත් ඔටිසම් දරුවකු තුළ මෙම සිනහවත් දැකගත නොහැකිය.

🏵️ දරුවාගේ නම පවසා ආමන්ත්‍රණය කළ ද එයට ද ප්‍රතිචාර නොදක්වයි.

🏵️ දරුවාට අවුරුදු එකහමාරක් වන තුරුත් දරුවා කතා නොකරයි. දරුවා සතුව වචන දෙකක් තුනක් පමණක් තිබුණ ද ඉන් එහාට කතා කිරීමේ ප්‍රවනතාවක් දරුවා තුළ නො වීම

🏵️ සමහර විට දරුවා අවුරුදු එක හමාර වන විට කතා කිරීමට පටන් ගෙන එම කථා කිරීමේ හැකියාව එකවර නතර කිරීමටත් හැක.

🏵️ එසේම මෙම ඔටිසම් රෝග සහිත දරුවන් තනිවම කාලය ගෙවීමට කැමති ය.

🏵️ සම වයසේ දරුවන් සමඟ වුවද සෙල්ලම් කිරීම පවා ප්‍රතික්ෂේප කරයි

🏵️ මෙම දරුවන් කැරකෙන වස්තුන් දෙස බලා සිටීමට දැඩි කැමැත්තක් දක්වයි .විදුලි පංකාවක් ඇත්නම් එය කැරකෙන දෙස බොහෝ වේලා බලා සිටී .

🏵️ සෙල්ලම් කිරීමට සෙල්ලම් බඩු දුන් විට ඒවා පෝලිමට තබයි සෙල්ලම් බඩු වල කුඩා කොටස් අතගා බලයි දරුවාට සෙල්ලම් බඩු අවබෝධ කරගත නොහැක ඒ කටේ දාගන්න උත්සාහ කරයි .

🏵️ දරුවා තම ඇඟිල්ලෙන් යම් දෙයක් නොපෙන්වයි. දෙයක් පෙන්වීමට අවශ්‍ය වූ විට මවගේ හෝ වෙන  කෙනෙක්ගේ කෙනෙක්ගෙ ඇඟිල්ල භාවිතා කරමින් එය පෙන්වයි

🏵️ කඩදාසියක් දුන් විට එය කැබලි වලට ඉරා දැමීම හෝ ඉරා දැමූ ඒවා රෝල් වැනි ක්‍රියාකාරකම් වල නිරත වෙයි .
🏵️ දරුවාගෙන් සරල ප්‍රශ්නයක් ඇසුවද එයට කල්පනා කර බලා උත්තර දීමේ හැකියාවක් නැත.

🏵️ මෙවැනි දරුවන් නිවසින් පිටතට රැගෙන ගිය විට ද දරුවාගේ හැසිරීම වෙනස් විය හැක .දරුවා නොසන්සුන් වෙයි කලබල කාරී වෙයි

🏵️ දරුවාගෙන් ප්‍රශ්නයක් ඇසූ විට ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට නැවත එම ප්‍රශ්නය ම උච්චාරණය කරයි

🏵️ හේතුවකින් තොරව කෑගසා හැඟීම හේතුවකින් තුළ සිනා වීම ආදිය ලක්ෂණද දැකගත හැක

🏵️ සමහර විට කෑමට දැඩි කැමැත්තක් හෝ අකමැත්තක් දැක්විය හැක .මොවුන්ගේ ඇති අසාමාන්‍ය ස්නායු සන්නිවේදන ය ද මෙයට හේතු වේ .

🏵️ දරුවා විවිධ ශබ්ද හා අංග චලන භාවිතා භාවිතා කිරීම ඇඟිලි සෙලවෙමින් ඒ දෙස බලා සිටීම උඩ පැනීම වේගයෙන් දිවීම ද මෙහි ලක්ෂණ වෙයි

🏵️ මෙම ලක්ෂණ සියල්ලම එක දරුවකු තුළ නොතිබීමට හැක නමුත් ලක්ෂණ දෙක තුනක් ලෙස ආදී අන්තර්ගතයක් තිබිය හැක .


ඔටිසම් රෝගී දරුවෙකු බලා ගැනීම

මෙවැනි දරුවෙක්ගේ සාමාන්‍ය දරුවෙක් ට වඩා ආදරේ ආදරය රැකවරණය ආරක්ෂාව අවශය වගේම තමයි විශේෂ අවධානයක් යොමු කිරීමත් ඉතා වැදගත්. 

මෙවැනි දරුවෙක්ගේ වැරදි වලට දඬුවම් කිරීම සැර සැරවැර කිරීම සුදුසු නැහැ. දරුවාට ආදරයෙන් යම් දෙයක් පැහැදිලි කර දිය යුතුයි මෙවැනි දරුවකු නොසලකා හැරීමෙන් සිදු වනුයේ මෙම රෝගී තත්ත්වය ජීවිත කාලය පුරාම බලපාන අයුරින් වර්දනය වීමයි .
.
වැදගත් ම දේ තමයි දරුවා සමඟ කාලය ගත කිරීම. වර්තමානය සමාජයේ කාන්තාව ගත්තම ගොඩක් කාර්යබහුලයි.
 
බොහෝ විට දරුවා කුඩා කාලයේ සිටම හ හැදී වැඩෙන්නේ දිවා සුරකුම් මධ්‍යස්ථාන වල. මෙය දරුවාගේ මානසික තත්ත්වයට බොහෝ සෙයින් බලපෑම ඇති කරයි.

ඒ වගේම තමයි දෙවැනි වර දරුවෙක් උපත ලද විට පලමු දරුවාට අවධානය නොලැබී යෑම . එසේ නොවී එම දරුවාට ද ආදරය රැකවරණය අවදානය ලබා දිය යුතුයි .

සියලු දෙනාගේ ම කැමැත්ත තමයි නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරුවෙක්. ඉතිං ඒ සඳහා ගර්භනී කාලයේදී මෙන්ම දරුවා උපත ලද පසුත් ඒ වෙනුවෙන් කැප වී කටයුතු කළ යුතුයි .

ප්‍රතිකාර

රෝගීන් මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාරවලට යොමුවීම සංකූලතාවලින් තොර වීමට හේතුවක් වෙනවා .

මේ සදහා බටහිර වෛද්‍ය අනුකූල ව මනෝ රසායනික චිකිත්සා ප්‍රතිකාර , සංවේදන හැකියාවන් වර්ධනය කිරීම දරුවාට නිවැරදි හැසිරීම් රටා පුරුදු කිරීම කථන පුහුණු ආදීය අනුගමනය කරනු ලැබේ

ආයුර්වේදයට අනුව මේද්‍ය රසායන ඖෂධ එනම් බුද්ධි වර්ධක ඖෂධ හා පංචකර්ම ප්‍රතිකාර අඩංගු ( ශිරෝ තෛල අභ්‍යංග , ශීරෝධාරා , ශිරෝ වස්ති ) ප්‍රතිකාර පද්ධතියක් පවතිනව.

එම නිසා දෙමව්පියන් වශයෙන් දරුවාට වැඩි අවධානය යොමු කොට මෙම මෙවැනි රෝග තත්ත්වයන් හඳුනාගෙන දරුවා ව නිසි සුදුසුකම් සහිත පළපුරුදු වෛද්‍යවරයකු වෙත යොමු කිරීම දෙමාපියන්ගේ වගකීම යි.

සැකසුම - නිමේශා හක්මනගේ 
                    BAMS (UoC).