Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, October 3, 2022

අරිෂ්ට බොන කොට සිරෝසිස් හැදෙන කථාව (පළමු කොටස)



 අරිෂ්ට බොන කොට සිරෝසිස් හැදෙන කථාව අමූලික බොරුවක් ..! +++++++++++++++

සිංහල බේත් වල නුගුණ පෙන්වා ඉංග්‍රීසි බේත් වල අගුණ වහන අමන කතා ...!! 

ආහාර වල වස විෂ වල හානිය අරිෂ්ට පිටින් යවන කුමන්ත්‍රණය ...!!!   

අරිෂ්ට බොන අයගෙ අක්මාව නරක් වෙලා ලිවර් සිරෝසිස් හැදෙන බවට මතයක් ජනතාව අතර ප‍්‍රචාරය වෙමින් තිබෙන අවස්ථාවක එහි ඇත්ත නැත්ත විමසා බැලීමයි මේ ලිපියේ අරමුණ. අක්මාව ශරීරයේ ඉතා  වැදගත් ඉන්ද්‍රියක් වන අතර එය සිරුරේ බරින් වැඩිම ඉන්ද්‍රිය ලෙස ද විරුදාවලි ලබා වොරැඳේ. ශාස්තී‍්‍රය භාෂාවෙන් යකෘතය යන පාරිභාෂික වදනින් මෙම ඉන්ද්‍රිය සඳහා සාමන්‍ය ගැමියන් වහරනුයේ කැවුත්ත යන්නයි. එභෙත් දැන් දැන් සාමාන්‍ය මහජනතාව අතර වඩාත් මෙය ප‍්‍රචලිතව ඇත්තේ ලිවර් (liver) යන ඉංගී‍්‍රසි පදයෙනි. හදවත, මොළය සහ අක්මාව යන ඉන්ද්‍රියන් එකසේ වැදගත් වන එක් හේතුවක් වන්නේ ඒවා ජෝඩු වශයෙන් පිහිටා නොමැති නිසා යැයි අයෙකුට තර්ක කළ හැකිය. 

සාමාන්‍යයෙන් අක්මාවට හානි සිදු කරන එක් ප‍්‍රධාන හේතුවක් ලෙස සමාජය පිළිගත් මතය වූයේ අධික මද්‍යසාර භාවිතයයි. එය සාමාන්‍ය ජනමතය වූවා පමණක් නොව ප‍්‍රකට වෛද්‍ය මතය ද විය. අධික මද්‍යසාර කාලයක් තිස්සේ භාවිත කරන අයෙකු අවසානයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නේ අක්මා සිරෝසියාව භෙවත් ලිවර් සිරෝසිස් නමැති රෝග තත්වයට ගොදුරුවීමෙන් බව තවමත් සමාජගත මතයකි. මෙම සමාජ ප‍්‍රචාරණයේම නවතම මතය ලෙස ප‍්‍රචලිත වී තිබෙන්නේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අයත් අරිෂ්ට බීමෙන් ද අක්මාව දුර්වලත්වයට පත්ව ලිවර් සිරෝසියාව වැළඳෙන බවයි. මෙම චෝදනාව බොහෝ විට ආයුර්වේද ප‍්‍රතිකාර ගෙන බටහිර වෛද්‍යවරුන් කරා යන රෝගීන් මුහුණ දෙන ඉතා බරපතල ගැටළුවක් ද වේ. 

මෙබඳු මතයකට පාදක වී ඇති යම් විද්‍යාත්මක සාක්ෂියක් නොමැති වුවද අරිෂ්ට වල යම් මද්‍යසාර ප‍්‍රතිශතයක් අන්තර්ගත බවට ඇති විශ්වාසය විකෘති කොට ප‍්‍රකාශ කිරීම එහිලා හේතුකාරක වී තිබේ. අරිෂ්ට සහ ආසව යන ආයුර්වේද ඖෂධ වර්ග දෙකම නිෂ්පාදනය කරනු ලබන්නේ සන්ධාන (fermentation) කි‍්‍රයාවලියකින් අනතුරුවය. ඖෂධ ද්‍රව්‍ය සන්ධානය ආයුර්වේද හෙෂජ්‍ය කල්පනාවේ ඉතා ඈත ඉතිහාසයක් ඇති ඖෂධ සංස්කරණ විධියක් වන අතර ඊට ඉතා ක‍්‍රමානුකූල සහ විධිමත් ශාස්තී‍්‍රය පදනමක් තිබේ. ඖෂධය අවශ්‍ය වන්නාවූ ප‍්‍රධාන ඖෂධ වර්ග කිහිපයක් තම්බා ඉන් ලබා ගන්නා කෂායට තවත් ඖෂධ ද්‍රව්‍ය ප‍්‍රක්ෂේපණය කොට උක්සකුරු හෝ සීනි මිශ‍්‍ර කොට මලිත මල් සමඟ මසයක් පිඟන් මැටි බරණි හෝ ලී ගුදම් වල මාසයක් මැටි බැඳ තබා පෙරා ගැනීම මෙහි සරල සංස්කරණ කි‍්‍රයාවලියයි. 

මෙහිදී සන්ධානය භෙවත් ස්වයංජාත මද්‍යසාර ජනනය සඳහා යොදා ගනු ලබන්නේ ධාතකී නමින් හඳුන්වන මලිත මල් නමැති ශාකමය ද්‍රව්‍යයයි. ඒ අනුව අරිෂ්ටයක අවසන් ප‍්‍රතිඑලය තුළ අන්තර්ගත වන්නේ අතිශයින් සංකීර්ණ ජෛව පදාර්ථ සමූහයක සංයෝගයකි. එය රසායනික වශයෙන් විශ්ලේෂණය කළ හැකි තරම් සරල සංයෝගයක් නොවන අතර එක් එක් අරිෂ්ට හෝ ආසව වර්ගය අනුව එයට යොදා ගන්නා ඖෂධ වර්ග ද වෙනස්ය. ඒ අනුව එක් එක් අරිෂ්ටය හෝ ආසවය යොදා ගනු ලබන්නේ වෙනස් වෙනස් ප‍්‍රතිඑල අපේක්ෂාවෙන්ය. 

ඒ අනුව අරිෂ්ටයක් යනු හුදු මද්‍යසාර සහිත ද්‍රාවණයක් තූළට ඌනනය කිරීම ඉතා අසාධාරණය. එහි විවිධ ශාකමය සංඝටකයන් මෙන්ම ඒවායේ සංයෝගයෙන් බිහිවන ජෛව කි‍්‍රයාකාරකයන් ද ස්වාභාවික ලෙස අරිෂ්ටය තුළ ද්‍රාවණය වී තිබේ. එය ඉතා සකි‍්‍රය සංඝටක සහිත සෞඛ්‍යාරක්ෂක ඖෂධයක් වන අතර කිසි ලෙසකත් සෞඛ්‍යයට හානිකර විෂ සහිත ද්‍රව්‍ය අඩංගු නොවන පරිදි නිපදවීමට නිර්දේශ කර තිබේ. එසේම, සාමාන්‍ය අරිෂ්ටයක් හෝ ආසවයක් ස්වයංජාත මද්‍යසාරයෙහි නිස්සාරණය කළ බහුශාකමය (polyherbal) සංයෝගයක් ලෙස හැඳින්වේ. සමහර තැනෙක අරිෂ්ට ආසව ඖෂධීය වයින් (medicated wine) ලෙස හඳුන්වනු ලැබුවද එය එතරම් සාධාරණ නොවන්නේ වයින් නිෂ්පාදන කි‍්‍රයාවලිය, අන්තර්ගතය සහ ඉන් අපේක්ෂිත ප‍්‍රතිඑලය බෙභෙවින් වෙනස් නිසාය. එසේම අරිෂ්ටයක් එක් වරකට බීමට නිර්දේශ කරන මාත‍්‍රාව මේස හැඳි 2ක් භෙවත් මිලිලීටර් 30 ක් වේ. 

එමගින් ශරීර ගත වන මද්‍යසාර ප‍්‍රමාණය නොගිණිය හැකිය. එසේම, සීමාවකින් තොරව වෛද්‍ය නිර්දේශ වලට පටහැනිව අරිෂ්ට හෝ වෙනත් කිසිදු ආයුර්වේද ඖෂධයක් භාවිත කිරීම නුසුදුසය. සාමාන්‍යයෙන් ආයුර්වේද ඖෂධ වෛද්‍ය නිර්දේශ වලින් තොරව තමාම මිළදී ගැනීමට පුරුදුව සිටින ජනතාව විශ්වාස කරනුයේ ආයුර්වේද ඖෂධ කොතෙක් භාවිත කළ ද ඉන් සිදුවන හානියක් නොමැති බවය. එය මිථ්‍යා විශ්වාසයකි. රස ඖෂධ වැනි සමහර ආයුර්වේද ඖෂධ වර්ග වෛද්‍ය උපදේශයකින් තොරව භාවිත කිරීම අතිශයින් හානිකරය. 

පසුගිය කාලය තුළ මෙරට එබඳු හොර වෙදුන් අතින් අගතියට ලක් වූ රෝගීන් පිළිබඳව විවිධ අවස්ථාවන්හි වාර්තා විය. කොටුව පොලිසීය ඉදිරිපිට පැළතවානක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකු පාරම්පරික වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් මාධ්‍යයේද උපකාරය ඇතිව රෝගීන් මුලා කළ සිද්ධිය මෙයට හොඳම උදාහරණයයි. මොහුගෙන් ප‍්‍රතිකාර ලබා ගත් රෝගීන් විශාල සංඛ්‍යාවක් බරපතල රෝගාබාධ වලට ලක්වූ බවට පැමිණිලි ආයුර්වේද වෛද්‍ය සභාව වෙත ලැබුණු පසු පොලිසියේ සහාය ඇතිව එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබිණ. එහිදී භෙළිවූ වැදගත් තොරතුරක් වූයේ කොටුව පොලිසියේම පොලිස් පරීක්ෂකවරයෙකු මොහුගෙන් යම් ඖෂධයක් ලබාගෙන බීමෙන් පසු දැඩි ලෙස රෝගාතුර වී අවසානයේ මියගිය බවයි. 

ඉන් පසුව මොහුගෙන් එබඳු බෙභෙතක් ලබා ගත් රෝගීන් දෙදෙනෙකු බරපතල ලෙස අසනීපවී කොළඹ ආයුර්වේද මහරෝහලට ඇතුළත් කොට යාන්තමින් ජීවිත බේරා ගැණින. අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන් ද මෙම තැතනැත්තා වෙතින් ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ගිලන් වූ බව උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳ පත්කළ කොමිසම තුළ ද සාක්ෂියෙන් සනාථ විය. එභෙත් අපරාධ නීතිය යටතේ සිරගත කළ යුතු මෙම පුද්ගලයාට එරෙහිව සාමාන්‍ය චෝදනා පමණක් ගොනු කොට නඩු පැවරීමට සිදුව ඇත්තේ අපේ රටේ µනෙතික කි‍්‍රයාදාමයේ පවතින සමහර නිසග දුර්වලකම් නිසාය. 

සමහර පුද්ගලයින් තමාගේ හිතුවක්කාර මතයට ලබා ගන්නා ආයුර්වේද ඖෂධ හෝ සුදුසුකම් නොලත් බොරු වෙදුන් ගේ උපදෙස් මත භාවිත කරන සමාජයේ ඇති වන සෞඛ්‍ය ගැටළු සඳහා වගකිව යුත්තේ හුදු ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය නොවේ. හිතු මනාපයට අරිෂ්ට මිළදී ගෙන බීමේදී සිදුවිය හැකි අතුරු ආබාධ හෝ වෙනත් උපද්‍රව සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට චෝදනා එල්ල කිරීම ඉතා අසාධාරණය. ඒ සඳහා ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් ද ඖෂධ සුපරීක්ෂණ  (pharmacovigilance) වැඩසටහනක් කි‍්‍රයාත්මක කළ යුතුය. අරිෂ්ට ආසව පමණක් නොව වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිත කළ යුතු සුවිශේෂී ඖෂධ වර්ග ද හිතුමතේට භාවිත කරන තැනැත්තන් ගේ ඔළමොට්ටලකම නිසා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට පොදුවේ එල්ල වන වෝදනා එමටය. 

එසේම, යාන්තම් වෙදකම කට ගාගත් බොරු වෙදුන් නොයෙකුත් වෙළඳ සමාගම් වලින් ඖෂධ මිළදී ගෙන ඒවායේ ලේබලය කියවා රෝගීන්ට ප‍්‍රතිකාර කරන සමාජයක ආයුර්වේදයට මෙබඳු ඉරණමක් අත්වීම පුදුමයක් නොවේ. හුදු ලාබය පමණක් පතන ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගම් විශේෂඥ වෛද්‍ය තනතුරු පිරිනමා රෝගීන් සූරා කෑමට යොදවා ඇති වෛද්‍ය සූචකයින් අරිෂ්ට බෝතලයේ ලේබලය ගලවා එවලේම දසගුණයකට විකුණා රෝගීන් ගේ සෞඛ්‍යයට වින කරයි. ජනතාව බිය විය යුත්තේ අරිෂ්ට ආසව බීමට නොව මෙබඳු හොර වෙදුන් ගෙන් ප‍්‍රතිකාර ගැනීමටය. නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙතින් ලබා ගන්නා ඖෂධයක් සම්බන්ධයෙන් වගවීමක් තිබෙන නිසා නිතරම තමන් ප‍්‍රතිකාර ලබාගන්නා වෛද්‍යවරයාගේ සුදුසුකම් පිළිබඳ සැලකිලිමත්වීම අවශ්‍යය.
 
මේ තත්වය යටතේ ආයුර්වේද ප‍්‍රතිකාර ලබා ගන්නා රෝගීන් තලා පෙළා භෙළා කථා කිරීමේ අශික්ෂිත වෘත්තීය චර්යාවෙන් ගොඩ ආ නොහැකි බටහිර වෛද්‍යවරුන් ද අපේ රට තුළ තවමත් සිටීම කණගාටුවට කරුණකි. 

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා


Please Give Us Your 1 Minute In Sharing This Post!
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →
Powered By: Nirosha SoftNet

0 comments:

Post a Comment