ලොව වෙසෙන සියලු සත්වයින් ඉපදී ජීවත් වී මිය යයි. සෑම පුද්ගලයෙක්ටම සහ ද්‍රව්‍යකටම අකමැත්තෙන් හෝ මේ න්‍යායට යටත් වීමට සිදු වේ. කිසිවකු දුක් විඳීමට කැමති නැත. මා මෙන්ම ඔබද සුව සේ ජීවත් වීමට කැමතිය. මෙහිදී ලෞකික දිවිය ගෙවන්නා සැපය ලෙස හඳුන්වනුයේ පසිඳුරන් පිනවීම සහ මනස පිනවීමය. එසේ නම් පසිඳුරන් පිනවීමට පංච ඉන්ද්‍රිය යහපත් අයුරින් පවත්වා ගත යුතුය. එවිට මනසද ඉබේම යහපත් වේ.
නමුත් මේ පසිඳුරන්ට කුමක් හෝ අශුභ දෙයක් වූවොත් එය අපගේ දිවි ගමනට භාධාවකි. එම අවයව රෝගී වීම හෝ විකෘති වීම මගින් ඉන් ලැබෙන ඵලය නොමැති වී යයි. අප විසින් ඒ අවයව වල උපදින රෝගාබාධ පිලිබඳව දැන සිටීම වටී. එසේ නම් අද අප මුල්ම සංවේදී අවයවයේ ඇති වන රෝග පිලිබදව කතා කරමු. මුලින්ම රෝග හේතු සහ ප්‍රබේධ පිලිබඳව දැන ගනිමු.

- නේත්‍ර රෝග පොදු හේතු.
*අධික උෂ්ණයේ සිට විත් සැනින් ජලය ස්නානය කිරීම - තාප විපර්‍යාසය නිසා
*දුර පිහිටි දෙයක් දෙස බොහෝ වේලා බලා සිටීම - ඉන් ඇසට රුධිර සැපයුම අඩු වී ඇස දුර්වල වේ.
*දවල් නිදීම, රාත්‍රී නිදි වැරීම.
*බොහෝ වේලා හැඬීම - අනවශ්‍ය ලෙස නේත්‍රයෙන් කඳුලු ගැලීම නිසා ඇස වියලී කඳුලු නාල වියලී යයි.
*අධික කෝපය හා ශෝකය - ක්‍රෝමිසෝල් ස්‍රාවය වීම නිසා අඬන විට ඇස් රතු වේ. මෙය සෑම කෙනෙකුගේම නොපෙනේ. මෙසේ වන්නේ හෝමෝන බලපෑම නිසයි
*ඇසට පහර වැදීම - මෙවිට ඇස තැලේ.
*අධික මෙවුන්දම් සේවනය - ඇසට අවශ්‍ය රුධිර ප්‍රමාණය නොලැබී යයි.
*උෂ්ණ විදාහී දේවල් නිසා ඇස් වල කැසීම් ඇති වීම.
*කොල්ලු උඳු ආදිය අධික සේවනය.
*ඇසට අධිකව දුම් ඇල්ලීම.
*නිදා ගැනීම වැලැක්වීම.
*දූවිලි ආදිය ඇසට ප්‍රවේශ වීම.
*වමනය වැලැක්වීම හා වමනය අධික ලෙස පිට වීම - ඉන් ඇස් රතු වේ. රුධිර නාල වල පීඩනය වැඩි වේ. ඇසේ පීඩනයද වැඩි වේ.
*ඉතා සියුම් දේ දීර්ග කාලීනව ඇසුරු කිරීම.
යන මෙම හේතු දීර්ග කාලයක් ඇසුරු කිරීම නිසා නේත්‍ර රෝග උපදී.
ඉහත හේතු වලින් කිපෙන දෝෂ ශරීරයේ ශිරා සහ ධමනි ඇසුරු කර ඉන් හිසට ගමන් කොට නේත්‍රයේ විවිධ දරුණු රෝග උපදවයි. මෙහිදී විශබීජද දෝෂ කෝපයට හේතු වේ.
යන මෙම හේතු දීර්ග කාලයක් ඇසුරු කිරීම නිසා නේත්‍ර රෝග උපදී.
ඉහත හේතු වලින් කිපෙන දෝෂ ශරීරයේ ශිරා සහ ධමනි ඇසුරු කර ඉන් හිසට ගමන් කොට නේත්‍රයේ විවිධ දරුණු රෝග උපදවයි. මෙහිදී විශබීජද දෝෂ කෝපයට හේතු වේ.
- ඇස් ලෙඩක් වැළඳීගෙන එන බවට පෙර නිමිති.
1) ඇසේ කඳුලු පිරී බොර පාටට අපහැදිලි අඳුරු පාටින් පෙනීම
2) මද ලෙස ඉදිමුම.
3) කඳුලු ගැලීම.
4) කබ බැඳීම.
5) ඇසේ බර බව.
6) දැවිල්ල, වේදනාව.
7) ඇදුම් කෑම.
8) ඇස රතු වීම.
යන මේවා මද වශයෙන් පහල වේ.
වර්ත්ම කෝපයකදී ශූලය පහල වේ. තවද,
යන මේවා මද වශයෙන් පහල වේ.
වර්ත්ම කෝපයකදී ශූලය පහල වේ. තවද,
*ඇසේ පිරුණාක් වැනි දැනීම.
*විවිධ වර්ණ පෙනීම.
*පෙර පරිදි ඇස ක්‍රියා කිරීමට අපහසු වේ.
*එනම් ඇසිපිය චලන විකෘති රූප දැකීමේ විකෘති ඇති වේ.
- නේත්‍ර රෝග සංඛ්‍යා.
නේත්‍ර රෝග සම්පූර්ණ ප්‍රමාණය 76කි.
මෙම ප්‍රමාණය නේත්‍රයේ රෝග ඇති වන ස්ථානය අනුව ප්‍රභේද වේ.
නේත්‍ර සංධි ඇසුරු කොට රෝග - 09
නේත්‍ර සංධි ඇසුරු කොට රෝග - 09
වර්ත්ම මංඩල ගත රෝග - 21
ශුක්ල ගත රෝග - 11
කෘෂ්ණ මංඩල ගත රෝග -04
සර්ව නේත්‍ර ගත -17
දෘෂ්ටි ගත රෝග -02
භාහ්‍ය රෝග -02
මූලාශ්‍රය : Indigenous Medical Treatment Center Facebook group