Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, June 21, 2015

මාරක වූ කෑම අරුචිය



     ආහාර ගැනීමට කැමැත්තක් නැති වීම කෑම අරුචිය නම් වේ. ශාරීරික, මානසික හා පාරිසරික වශයෙන් අරුචිය තුන් ආකාර වේ. නිසි පිළියම් නොලද හොත් අවසානයේ දී මරණය පවා සිදු වීමට ඉඩ ඇති අතර කලට වේලාවට කෑම බීම නොගැනීම, හිතන පතන දේ නොලැබීම, පෙම් හබ, රැකියාවේ ගැටලු, ශෝකජනක සිතිවිලි ද ආහාර ගන්නා පරිසරය අප්‍රිය ජනක වීමද මේ සදහා බලපානු ලබයි.

කෑම අරුචිය සදහා පිළියම් ,

  • අමු ඉගුරු, සවිද ලුණු හෝ සීනි හෝ සමග කෑම.
  • දෙහි ඉස්මට නැතහොත් ඇඹුල් දොඩම් ඉස්මට සීනි හා ලුණු ස්වල්පයක් දමා බීම.
  • මිංචි කොළ, ගම්මිරිස්, දියලුණු, කරාබු නැටි දෙහි ඇඹුලින් අඹරා වරකට තිබ්බටු ගෙඩියක් විතර දිනකට තුන්වරක් කෑමට පෙර ගැනීම.
  • අමුඉගුරු, සවිද ලුණු සමව ගෙන දෙහි ඇඹුලින් අඹරා වරකට තිබ්බටු ගෙඩියක් විතර දිනකට තුන්වරක් කෑමට පැය භාගයකට පෙර ගැනීම.
  • ගම්මිරිස්, කොත්තමල්ලි, එනසාල් චූර්ණ කොට සීනි ගිතෙල් සමග මිශ්‍ර කර ටිකින් ටික කෑම.
  • කුරුදු පොතු, කලාදුරු අල, එනසාල්, කොත්තමල්ලි සමව ගෙන චූර්ණ කොට වරකට තේ හැදි 1/2 ක් පමණ උණු වතුරින් ගැනීම.
  • අමුඉගුරු ඉස්ම තේ හැදි 2, මී පැණි තේ හැදි 1 මිශ්‍ර කර කෑමට පළමු බීම.
  • දෙළුම් ඉස්ම, සූදුරු සීනි මීපැණි හා තලතෙල් මිශ්‍ර කොට කටේ තියාගෙන සිටීම.
  • දෙළුම් ඉස්ම, නස්නාරං ඉස්ම, මුද්දරප්පළම්, සීනි, මීපැණි සම ව ගෙන අඹරා වරකට තේ හැදි 1 බැගින් බීමට දීම.
  • දෙළුම් යුෂ, සවිද ලුණු මීපැණි මිශ්‍ර කර ටික ටික බීම.
  • ලුණු, අබ, ගම්මිරිස්, දිවුල් මද, වියළි ඉගුරු මී පැණියෙන් අඹරා තිබ්බටු පමණ ගුලි කර කටේ තියාගෙන සිටීම.
  • දෙළුම් ඉස්ම, නස්නාරං ඉස්ම, මුද්දරප්පළම්, සීනි, මීපැණි සම ව ගෙන ඊට ඉගුරු, ගම්මිරිස්, තිප්පිලි, සූදුරු චූර්ණය දමා බීම.
  • සියඹලා බොර, සූදුරු, ඉගුරු, ගම්මිරිස්, තිප්පිලි, සවිද ලුණු සම ව ගෙන චූර්ණ කර මීපැණියෙන් අනා ලේහ කිරීම.
  • කරාබු නැටි, කපුරු, එනසාල්, කුරුදු පොතු, ඉරිවේරිය, සුදු හදුන්, සූදුරු සම ව ගෙන චූර්ණ කර මීපැණියෙන් අනා සීනි සමග කෑම.
  • සිවිය මුල්, වියළි ඉගුරු, එනසාල්, සූදුරු, තිප්පිලි, කලං 2 මදටිය 8 බැගින් පත 8-1 ට සිදුවා පෙරා උදේ සවස දෙවරට බීම.

[ මූලාශ්‍රය - ආයුර්වේදයේ ජීවන දර්ශනය - වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම ] 

Please Give Us Your 1 Minute In Sharing This Post!
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →
Powered By: Nirosha SoftNet

1 comments: