නමුත් මෙම පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමෙ තත්වය ( BPH)
ප්‍රතිකාර මගින් සුවකර ගත හැකි තත්වයකි.
මෙවැනි ඇතැම් රෝගින්ට මුත්‍ර බටයක් යොදා මුත්‍ර පිටකිරීමට ද සිදු වේ. සාමාන්‍යයෙන් මෙම රෝග තත්වය මුල්ම අවස්ථාවේ ආහාර හා ඖෂධ වලින් පාලනය කල හැක. රෝග ලක්ශන දරුණු අතට හැරනවාද , නව රෝග ලක්ශන හට ගන්නේ ද යන්න අවධානය යොමු කරමින් ප්‍රතිකාර කිරීම සිදු කරයි.
අවසාන ප්‍රතිකර්ම වශයෙන් සිදු කළ හැකි වන්නේ ශල්‍යකර්මයක් කිරීමයි. මුත්‍ර මාර්ගය තුළට උපකරණයක් යවා එම විශාල වූ පටක කොටස් සිරීමක් සිදු කරනු ලබයි. එමගින් මුත්‍ර පිටවන මාර්ගය විශාල වෙයි . ( TURP , TUIP surgery ). නමුත් මෙය වයස් ගත වීමත් සමග ඇති වන රෝගයක් නිසා ශල්‍යකර්ම සදහා යොමු වීම මගින් සංකූලතා ඇතිවිය හැක. තවද කාලය ගත වීම සමග නැවත නැවත රෝගය හට ගත හැක.
තව ද මේ සදහා වාත ශමන ප්‍රතිකාර , මූත්‍ර කාරක ඖෂධ අභ්‍යන්තර ඖෂධ ලෙස ලබා දෙන අතර බාහිරව වාත සමන පැලැස්තර යෙදීම ද සිදු කරයි. මෙසේ ලබදෙන ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. රෝගියාගේ ප්‍රකෘතිය , රෝග ලක්ෂණ , රෝගියාට ඇති වෙනත් රෝග ( දියවැඩියාව ආදි ) අනුව වෙනස් වන නිසා මෙම ප්‍රතිකාරයන් නිසි සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගේ උපදෙස් යටතේ ලබා ගැනීමෙන් ඔබට මෙම රෝගය සුව කර ගැනීමට හැක. ප්‍රතිකාර ලබා ගන්න කාලය තුල මෙන්ම ඉන් පසුවද දුම්පානය , මත්පැන් පානය හා ඌශ්න ආහාර පාන වලින් වැලකී සිටීම මෙම රෝගය හා සම්බන්ධ ඔබගේ සෞඛ්‍ය තත්වය ඉහල යාමට හේතුවේ.
සැකසුම - නිමේශා හක්මනගේ
BAMS (UoC).