අළු ගෝමර " පිට්රියසිස් වර්සිකොලර් " නමින් හැදින්වේ. මේවා වැඩිපුරම වැලදෙන්නේ මල්බර වයසේ පසුවන කෙල්ලන්ටය. ළමැදෙහි හා බෙල්ලෙහි බහුල ව හැදෙන ගෝමර රවුම් ලප සේ දිස් වේ. මදක් ඇතිල්ලුවොත් සමින් කුඩු හැළෙන සෙයක් ද පෙනේ. නාන විට එය නොපෙනේ. මෙය දුබල පුස් වර්ගයක් නිසා හට ගන්නා බව සැලකේ.
මෙම රෝගයට ප්‍රතිකාර වශයෙන්,
- පළමු ව කල යුත්තේ රක්ත ශෝධනයයි. මේ සදහා කිහිරි එන ඔසු හොදය.
- ඛදිරාරිෂ්ටය
- රත් හදුන් මහ කෂාය
- ශාරිබාද්‍යාසවය
- නිම්බාරිෂ්ටය
- අග්‍රරාජ චූර්ණය
- චෞපචීනී චූර්ණය
- අල බේත් චූර්ණය
- වැල් දෙහි චූර්ණය
මූලාශ්‍රය - ආයුර්වේදයේ ජීවන දර්ශනය (වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම)