Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Showing posts with label අධ්‍යාපන. Show all posts
Showing posts with label අධ්‍යාපන. Show all posts

Monday, October 3, 2022

අරිෂ්ට බොන කොට සිරෝසිස් හැදෙන කථාව (දෙවන කොටස)


 

බහුසෞඛ්‍ය පද්ධතීන් (pluralistic healthcare systems) පවතින රටක පැවතිය යුතු වෘත්තීය සමෝධානය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඒකාධිකාරය නිසා වල් වැදී තිබීම නිසා රෝගීන් ගේ තෝරා ගැනීමේ අයිතිය අභියෝගයට ලක්වී තිබේ. එනිසාම රත්කල්කයට, කොළ මැල්ලුම් පත්තු බැඳීමට, ගුලි කල්ක අරිෂ්ට බීමට එරෙහිව ප‍්‍රසිද්ධියේ අවඥාව එල්ල කරන කිසිදු වෛද්‍ය විශාරදයෙකු මෙබඳු දේශීය  වෛද්‍ය ක‍්‍රම ගොඩගැනීමට අතහිත දී නොමැත. එභෙත් අරිෂ්ට බීමෙන් සිරෝසිස් හැදෙන බව කීමට විද්‍යාත්මක සාක්ෂියක් නොමැතිවම ඉදිරිපත්වීමට තරම් ජනහිතකාමීය.

ලිවර් සිරෝසියාවේ සත්‍ය හේතු සඟවා ඒ සියල්ල අරිෂ්ට පිට පටවා අහක බලා ගන්නා වෛද්‍ය විශේෂඥයින් ගේ අවධානය යොමු නොවන කරුණු ජනතාව දැනගත යුතුමය. මේවා දැන දැන ජනතාවට බොරු කියනවාද එසේ නොමැති නම් නොදන්නා කම නිසා ජනතාවට ඇත්ත කියනවාද යන්න විමතියකි. විශේෂයෙන්ම, සියළු රෝග සුවපත් කළ හැකි සර්ව ද්‍යෝෂ නිවාරණ වෛද්‍ය ක‍්‍රම මේ ලොව නොපවතින නිසා වෛද්‍ය ක‍්‍රම වල අන්‍යෝන්‍ය සහයෝගය සහ එකිනෙක කෙරෙහි ගරුකිරීමේ වෘත්තීය සදාචාරය අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. 

ඕනෑම බටහිර වෛද්‍ය පාඨ්‍ය ග‍්‍රන්ථයක් පෙරළා බැලුවහොත් එහි ලිවර් සිරෝසියාවට හේතුකාරක දේ අතර චිරකාලීනව මද්‍යසාර භාවිතය දැක්වෙන අතර එය එතරම් නිශ්චිත සහ ඒකායන හේතුව ලෙස නොදැක්වේ. යමෙක් ලිවර් සිරෝසියාව මද්‍යසාර නිසාම වැළඳෙන රෝගයක් යැයි පැවසුව හොත් එය වෛද්‍යමය වශයෙන් ඉතා අතාර්කික සහ අවිනිශ්චිත ප‍්‍රකාශයකි. එසේම, මීට අමතරව එහි දැක්වෙන තවත් සාධක කිහිපයක්ම තුළ ඖෂධ වර්ගයන් මෙන්ම ඇතැම් රසායනිකයන් ද ඒ අතර වේ.  ඒවා සම්බන්ධයෙන් සොයා බලන විට අරිෂ්ට වෙත එක් ඇඟිල්ලක් දිගු කරන විට තමන් දෙසට ඇඟිලි දෙකක් එල්ල වී ඇති බව එල්ල වන බව ඉඳුරාම පෙනේ.

අද සමාජයේ ජීවත් වන ජනතාවගේ ජීවන ශෛලිය දෙස බලන විට සිරුරට ඇතුළු වන අහිතකර පදාර්ථ සියල්ල තුළින්ම නිරන්තර පීඩාවට පත් වන ඉන්ද්‍රිය අක්මාව බව අමුතුවෙන් කිව යුතු නොවේ. අක්මාවේ කි‍්‍රයාකාරිත්වය දෙස බලන විට එය සිරුර තුළ භෞතවේදීය සමබරතාව ආරක්ෂා කර ගැනීමේ ලා ඉතා වෙභෙසකර මෙභෙයක නියැලෙන බව ඉතා පැහැදිලිය. මේ තත්වය යටතේ අපේ අක්මාව අනතුරට පත් කිරීමේ ලා දායක වන දේ දහසකුත් එකක් දිනපතා නිතිපතා අපේ සිරුරු තුළට ඇතුළු වන බව නිසැකවම පෙනේ. අද සමහර රෝගාබාධ සම්බන්ධයෙන් ඍජුව සහ අනියමින් බලපාන එක් හේතුවක් ලෙස අක්මා කි‍්‍රයාකාරිත්වයේ දුර්වලතාව ද පෙන්වා දිය හැකිය. 

විශේෂයෙන්ම, මිනිසුන් නිතර නිතර වේදනා නාශක භාවිතය ද අක්මාවේ කි‍්‍රයා හානියට බලපාන මෙබඳු එක් සාධකයකි. එහිදී වඩාත් භායානක වන්නේ කුඩා දරුවන්ට නිතරම විවිධ අවස්ථාවන්හි දෙමාපියන් හිතුමනාපයේ අත්බේත් ලෙසට ෆාමසියෙන් ගෙනවිත් දෙන උණ සහ වේදනානාශක ලෙස ප‍්‍රකට ඖෂධයන්ය. එසේම, ප‍්‍රදාහ අවස්ථාවන්හිදී භාවිත කරන ස්ටෙරොයිඩ වර්ග සහ සමහර ප‍්‍රතිජීවක ඖෂධ ද අක්මාවේ සෞඛ්‍යයට හානි සිදුකරන බවට විද්‍යාත්මක සාක්ෂි එමටය. Drug-Induced Liver Injury (DILI) හෙවත් Drug-Induced Hepatotoxicity (DIH) යනු එයයි. ශාකමය සංඝටක නිසා ඇතිවන Herb-Induced Liver Injury (HILI) නමින් හැඳින්වේ. 

ඖෂධ, විෂ හා ශාක 900 කට වැඩි ප්‍රමාණයක් අක්මාව හානි වීමට හේතු වන අතර, පූර්ණ අක්මා හානි  වලින් 20-40% අතර ප්‍රමාණයකට හේතු වන්නේ ඖෂධ වේ. ඖෂධ ප්‍රතික්‍රියා වලින් 75% ක් පමණ අක්මාව බද්ධ කිරීම හෝ මරණයට හේතු අන්දමේ බරපතල හානි වලට හේතු වේ. පුද්ගලයින් 10,000 සිට 100,000 කින් 10 දක්වා 15 ක් සංඛ්‍යාවක් අක්මා හානිය සිදුවන බෙහෙත් වට්ටෝරු වලට නිරාවරණය වන බවට ගණන් බලා ඇත. ඒ අනුව, එක්සත් ජනපදයේ 44,000 ක් පමණ දෙනා වාර්ෂිකව මෙවැනි හානි අත්විඳින, එය මිනිසුන්ට සිදුවන හානිය පමණක් නොව අධික සෞඛ්‍ය වියදම් සඳහාද හේතු වේ. International Organizations of Medical Sciences (CIOMS) මගින් ගිය වසරේ නිකුත් කළ “Drug-induced liver injury (DILI): Current status and future directions for drug development and the post-market setting” නම් වාර්තාව මේ පිළිබඳ වැදගත් තොරතුරු හෙළි කරයි. 

ඊළඟට වැදගත් කරුණ වන්නේ අපේ ආහාරය සමඟ සිරුරට ඇතුළු කර ගනු ලබන විවිධ කෘති‍්‍රම රසායනික පදාර්ථ විශාල සංඛ්‍යාව අතර අක්මාවට හානි සිදුකරන ඒවාද තිබීමය. මේවා ගැන නොකියන වෛද්‍යවරුන් සිය වගකීම අමතක කරන්නේ ඒවා බහුජාතික සමාගම් වල නිෂ්පාදන නිසා නම් එය මහත් සමාජ ඛේදවාචකයකි. අපේ ආහාර සමඟ ශරීරගත වන බැර ලෝහ, කෘමිනාශක, වෙනත් කෘෂිරසායන ආදිය ඍජුවම අක්මාවේ කි‍්‍රයා හානියට බලපාන බව නොකිවමනාය. එසේම, සුපර්මාකට් සංස්කෘතිය හරහා අපේ ආහාර වේලට එක් වන විවිධ ටින් කෑම නිසා ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය නිතැතින්ම අක්මාවට හානි කරයි. 

ඊළඟට අප අශ්වාස කරන වාතය විවිධ හේතු නිසා දූෂණය වීමේ අවසන් ප‍්‍රතිඑලය ද අක්මාවේ කි‍්‍රයාකාරිත්වයට බලපාන රසායනික ද්‍රව්‍ය සිරුරට ඇතුළු වන එක් මඟක් වේ. ප‍්‍රධාන හේතු සමුදාය අත්හැර අවශේෂ සැකයක් පිටුපස හඹායන්නේ ද්වේෂසහගතව ආයුර්වේදයට පහර එල්ල කිරීමේ යම් අවශ්‍යතාවක් නිසාදැයි සිතේ. මෙරට යටත්විජිත යුගයේ දී පැවති පරාධීන හීන දීන මානසිකත්වයෙන් උරුම වූ චින්තන සම්ප‍්‍රදායේ එක් ප‍්‍රතිඑලයක් ලෙස දේශීය වෛද්‍ය ක‍්‍රමය කෙරෙහි උපහාසාත්මක ප‍්‍රකාශ නිකුත් කරන සෞඛ්‍ය බලධාරීන් ද වත්මනෙහි සිටී. ඒවාට උඩගෙඩි දෙමින් ඇරියස් කවර් කරන දොස්තර මහතුන් ද එලෙසින්ම බොරු මත රෝගීන් අතර පතුරුවා හරියි.  

මෙහිදී මතු කළ යුතු ඉතාමත් වැදගත් කරුණ වන්නේ සමහර ආයුර්වේද ඖෂධ අක්මාව ආරක්ෂා කරන අතර අක්මාවේ භෞතවේදීය සෞඛ්‍යය ද රැක දෙයි. දැනට සිදුකර ඇති පර්යේෂණ අනුව ආයුර්වේදයේ භාවිත කරන ශාකමය ඖෂධ වෙනත් බාහිර හේතු නිසා අක්මාවට සිදු විය හැකි හානි වැළක්වීමට මෙන්ම අක්මාවේ කි‍්‍රයාකාරිත්වය ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමේ හැකියාවක් සහිත බව භෙළිවී තිබේ. සමහර විටෙක අක්මා හානිය සිදුවූ විටෙක පවා එය සුවපත් කළ හැකි ශක්තියක් මෙබඳු ශාකමය ඖෂධ වල තිබේ. එබඳු එක් ප‍්‍රකට ඉන්දියානු ආයුර්වේද ඖෂධයක් අද බටහිර වෛද්‍යවරුන් අප‍්‍රසිද්ධියේ රෝගීන් හට නිර්දේශ කරන බව බොහෝ දෙනා නොදනී. ඉන්දියානු විද්වතුන්ගේ පර්යේෂණ අනුව මෙම ශාකමය ඖෂධ අක්මාවේ එන්සයිම ස‍්‍රාවය සාමාන්‍ය මට්ටමෙන් පවත්වාගෙන යන අතර අක්මා µසෙල ප‍්‍රතිජනනය කිරීමේ කි‍්‍රයාවලිය ද මෙමගින් ඉහළ යන බව ද සොයාගෙන තිබේ. 

අප මෙබඳු අවස්ථාවක කළ යුත්තේ මෙරට අක්මා හානියට හේතුවන අවශේෂ කරුණු සම්බන්ධයෙන් මීට වඩා ජනතාව දැනුවත් කිරීමත් ඒ සම්බන්ධයෙන් ගත හැකි විසඳුම් උපරිම මට්ටමෙන් කි‍්‍රයාවට නැංවීම විද්වත් සමාජයේ කාර්යභාරය විය යුතුය. එහිදී ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට කළ හැකි දෑ සඳහා ද යම් ඉඩකඩක් සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ නිර්මාණය කළ යුතුය. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය සම්බන්ධයෙන් දියුණු ලෝකයේ අවධානය යොමු වන විට අපේ අරිෂ්ට යුරෝපයේ ඇමරිකාවේ අලෙවි කෙරෙන විට ඒවාට අපහාස උපහාස කිරීමෙන් ආයුර්වේදයට ඇති වෙමින් පවත්නා ගෝලීය ඉල්ලුම පහළ නොබසී. එසේම, ආයුර්වේදය භෙළා දැකීමෙන් එය අනාගතයේ දී විද්‍යාත්මක සාක්ෂි මත පාදක වන වෛද්‍ය ක‍්‍රමයක් ලෙස ලොව ප‍්‍රචලිත වීම වැළක්වීමත් කළ නොහැකිය. අප කළ යුත්තේ ආයුර්වේදය වැනි ජාතික සම්පතක දායකත්වය ජනතා සෞඛ්‍ය සංවර්ධනයට උපරිම ලෙස යොදාගැනීම සඳහා අවශ්‍ය මංපෙත් සැලසීමයි.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

අරිෂ්ට බොන කොට සිරෝසිස් හැදෙන කථාව (පළමු කොටස)



 අරිෂ්ට බොන කොට සිරෝසිස් හැදෙන කථාව අමූලික බොරුවක් ..! +++++++++++++++

සිංහල බේත් වල නුගුණ පෙන්වා ඉංග්‍රීසි බේත් වල අගුණ වහන අමන කතා ...!! 

ආහාර වල වස විෂ වල හානිය අරිෂ්ට පිටින් යවන කුමන්ත්‍රණය ...!!!   

අරිෂ්ට බොන අයගෙ අක්මාව නරක් වෙලා ලිවර් සිරෝසිස් හැදෙන බවට මතයක් ජනතාව අතර ප‍්‍රචාරය වෙමින් තිබෙන අවස්ථාවක එහි ඇත්ත නැත්ත විමසා බැලීමයි මේ ලිපියේ අරමුණ. අක්මාව ශරීරයේ ඉතා  වැදගත් ඉන්ද්‍රියක් වන අතර එය සිරුරේ බරින් වැඩිම ඉන්ද්‍රිය ලෙස ද විරුදාවලි ලබා වොරැඳේ. ශාස්තී‍්‍රය භාෂාවෙන් යකෘතය යන පාරිභාෂික වදනින් මෙම ඉන්ද්‍රිය සඳහා සාමන්‍ය ගැමියන් වහරනුයේ කැවුත්ත යන්නයි. එභෙත් දැන් දැන් සාමාන්‍ය මහජනතාව අතර වඩාත් මෙය ප‍්‍රචලිතව ඇත්තේ ලිවර් (liver) යන ඉංගී‍්‍රසි පදයෙනි. හදවත, මොළය සහ අක්මාව යන ඉන්ද්‍රියන් එකසේ වැදගත් වන එක් හේතුවක් වන්නේ ඒවා ජෝඩු වශයෙන් පිහිටා නොමැති නිසා යැයි අයෙකුට තර්ක කළ හැකිය. 

සාමාන්‍යයෙන් අක්මාවට හානි සිදු කරන එක් ප‍්‍රධාන හේතුවක් ලෙස සමාජය පිළිගත් මතය වූයේ අධික මද්‍යසාර භාවිතයයි. එය සාමාන්‍ය ජනමතය වූවා පමණක් නොව ප‍්‍රකට වෛද්‍ය මතය ද විය. අධික මද්‍යසාර කාලයක් තිස්සේ භාවිත කරන අයෙකු අවසානයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නේ අක්මා සිරෝසියාව භෙවත් ලිවර් සිරෝසිස් නමැති රෝග තත්වයට ගොදුරුවීමෙන් බව තවමත් සමාජගත මතයකි. මෙම සමාජ ප‍්‍රචාරණයේම නවතම මතය ලෙස ප‍්‍රචලිත වී තිබෙන්නේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අයත් අරිෂ්ට බීමෙන් ද අක්මාව දුර්වලත්වයට පත්ව ලිවර් සිරෝසියාව වැළඳෙන බවයි. මෙම චෝදනාව බොහෝ විට ආයුර්වේද ප‍්‍රතිකාර ගෙන බටහිර වෛද්‍යවරුන් කරා යන රෝගීන් මුහුණ දෙන ඉතා බරපතල ගැටළුවක් ද වේ. 

මෙබඳු මතයකට පාදක වී ඇති යම් විද්‍යාත්මක සාක්ෂියක් නොමැති වුවද අරිෂ්ට වල යම් මද්‍යසාර ප‍්‍රතිශතයක් අන්තර්ගත බවට ඇති විශ්වාසය විකෘති කොට ප‍්‍රකාශ කිරීම එහිලා හේතුකාරක වී තිබේ. අරිෂ්ට සහ ආසව යන ආයුර්වේද ඖෂධ වර්ග දෙකම නිෂ්පාදනය කරනු ලබන්නේ සන්ධාන (fermentation) කි‍්‍රයාවලියකින් අනතුරුවය. ඖෂධ ද්‍රව්‍ය සන්ධානය ආයුර්වේද හෙෂජ්‍ය කල්පනාවේ ඉතා ඈත ඉතිහාසයක් ඇති ඖෂධ සංස්කරණ විධියක් වන අතර ඊට ඉතා ක‍්‍රමානුකූල සහ විධිමත් ශාස්තී‍්‍රය පදනමක් තිබේ. ඖෂධය අවශ්‍ය වන්නාවූ ප‍්‍රධාන ඖෂධ වර්ග කිහිපයක් තම්බා ඉන් ලබා ගන්නා කෂායට තවත් ඖෂධ ද්‍රව්‍ය ප‍්‍රක්ෂේපණය කොට උක්සකුරු හෝ සීනි මිශ‍්‍ර කොට මලිත මල් සමඟ මසයක් පිඟන් මැටි බරණි හෝ ලී ගුදම් වල මාසයක් මැටි බැඳ තබා පෙරා ගැනීම මෙහි සරල සංස්කරණ කි‍්‍රයාවලියයි. 

මෙහිදී සන්ධානය භෙවත් ස්වයංජාත මද්‍යසාර ජනනය සඳහා යොදා ගනු ලබන්නේ ධාතකී නමින් හඳුන්වන මලිත මල් නමැති ශාකමය ද්‍රව්‍යයයි. ඒ අනුව අරිෂ්ටයක අවසන් ප‍්‍රතිඑලය තුළ අන්තර්ගත වන්නේ අතිශයින් සංකීර්ණ ජෛව පදාර්ථ සමූහයක සංයෝගයකි. එය රසායනික වශයෙන් විශ්ලේෂණය කළ හැකි තරම් සරල සංයෝගයක් නොවන අතර එක් එක් අරිෂ්ට හෝ ආසව වර්ගය අනුව එයට යොදා ගන්නා ඖෂධ වර්ග ද වෙනස්ය. ඒ අනුව එක් එක් අරිෂ්ටය හෝ ආසවය යොදා ගනු ලබන්නේ වෙනස් වෙනස් ප‍්‍රතිඑල අපේක්ෂාවෙන්ය. 

ඒ අනුව අරිෂ්ටයක් යනු හුදු මද්‍යසාර සහිත ද්‍රාවණයක් තූළට ඌනනය කිරීම ඉතා අසාධාරණය. එහි විවිධ ශාකමය සංඝටකයන් මෙන්ම ඒවායේ සංයෝගයෙන් බිහිවන ජෛව කි‍්‍රයාකාරකයන් ද ස්වාභාවික ලෙස අරිෂ්ටය තුළ ද්‍රාවණය වී තිබේ. එය ඉතා සකි‍්‍රය සංඝටක සහිත සෞඛ්‍යාරක්ෂක ඖෂධයක් වන අතර කිසි ලෙසකත් සෞඛ්‍යයට හානිකර විෂ සහිත ද්‍රව්‍ය අඩංගු නොවන පරිදි නිපදවීමට නිර්දේශ කර තිබේ. එසේම, සාමාන්‍ය අරිෂ්ටයක් හෝ ආසවයක් ස්වයංජාත මද්‍යසාරයෙහි නිස්සාරණය කළ බහුශාකමය (polyherbal) සංයෝගයක් ලෙස හැඳින්වේ. සමහර තැනෙක අරිෂ්ට ආසව ඖෂධීය වයින් (medicated wine) ලෙස හඳුන්වනු ලැබුවද එය එතරම් සාධාරණ නොවන්නේ වයින් නිෂ්පාදන කි‍්‍රයාවලිය, අන්තර්ගතය සහ ඉන් අපේක්ෂිත ප‍්‍රතිඑලය බෙභෙවින් වෙනස් නිසාය. එසේම අරිෂ්ටයක් එක් වරකට බීමට නිර්දේශ කරන මාත‍්‍රාව මේස හැඳි 2ක් භෙවත් මිලිලීටර් 30 ක් වේ. 

එමගින් ශරීර ගත වන මද්‍යසාර ප‍්‍රමාණය නොගිණිය හැකිය. එසේම, සීමාවකින් තොරව වෛද්‍ය නිර්දේශ වලට පටහැනිව අරිෂ්ට හෝ වෙනත් කිසිදු ආයුර්වේද ඖෂධයක් භාවිත කිරීම නුසුදුසය. සාමාන්‍යයෙන් ආයුර්වේද ඖෂධ වෛද්‍ය නිර්දේශ වලින් තොරව තමාම මිළදී ගැනීමට පුරුදුව සිටින ජනතාව විශ්වාස කරනුයේ ආයුර්වේද ඖෂධ කොතෙක් භාවිත කළ ද ඉන් සිදුවන හානියක් නොමැති බවය. එය මිථ්‍යා විශ්වාසයකි. රස ඖෂධ වැනි සමහර ආයුර්වේද ඖෂධ වර්ග වෛද්‍ය උපදේශයකින් තොරව භාවිත කිරීම අතිශයින් හානිකරය. 

පසුගිය කාලය තුළ මෙරට එබඳු හොර වෙදුන් අතින් අගතියට ලක් වූ රෝගීන් පිළිබඳව විවිධ අවස්ථාවන්හි වාර්තා විය. කොටුව පොලිසීය ඉදිරිපිට පැළතවානක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකු පාරම්පරික වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් මාධ්‍යයේද උපකාරය ඇතිව රෝගීන් මුලා කළ සිද්ධිය මෙයට හොඳම උදාහරණයයි. මොහුගෙන් ප‍්‍රතිකාර ලබා ගත් රෝගීන් විශාල සංඛ්‍යාවක් බරපතල රෝගාබාධ වලට ලක්වූ බවට පැමිණිලි ආයුර්වේද වෛද්‍ය සභාව වෙත ලැබුණු පසු පොලිසියේ සහාය ඇතිව එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබිණ. එහිදී භෙළිවූ වැදගත් තොරතුරක් වූයේ කොටුව පොලිසියේම පොලිස් පරීක්ෂකවරයෙකු මොහුගෙන් යම් ඖෂධයක් ලබාගෙන බීමෙන් පසු දැඩි ලෙස රෝගාතුර වී අවසානයේ මියගිය බවයි. 

ඉන් පසුව මොහුගෙන් එබඳු බෙභෙතක් ලබා ගත් රෝගීන් දෙදෙනෙකු බරපතල ලෙස අසනීපවී කොළඹ ආයුර්වේද මහරෝහලට ඇතුළත් කොට යාන්තමින් ජීවිත බේරා ගැණින. අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන් ද මෙම තැතනැත්තා වෙතින් ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ගිලන් වූ බව උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳ පත්කළ කොමිසම තුළ ද සාක්ෂියෙන් සනාථ විය. එභෙත් අපරාධ නීතිය යටතේ සිරගත කළ යුතු මෙම පුද්ගලයාට එරෙහිව සාමාන්‍ය චෝදනා පමණක් ගොනු කොට නඩු පැවරීමට සිදුව ඇත්තේ අපේ රටේ µනෙතික කි‍්‍රයාදාමයේ පවතින සමහර නිසග දුර්වලකම් නිසාය. 

සමහර පුද්ගලයින් තමාගේ හිතුවක්කාර මතයට ලබා ගන්නා ආයුර්වේද ඖෂධ හෝ සුදුසුකම් නොලත් බොරු වෙදුන් ගේ උපදෙස් මත භාවිත කරන සමාජයේ ඇති වන සෞඛ්‍ය ගැටළු සඳහා වගකිව යුත්තේ හුදු ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය නොවේ. හිතු මනාපයට අරිෂ්ට මිළදී ගෙන බීමේදී සිදුවිය හැකි අතුරු ආබාධ හෝ වෙනත් උපද්‍රව සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට චෝදනා එල්ල කිරීම ඉතා අසාධාරණය. ඒ සඳහා ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් ද ඖෂධ සුපරීක්ෂණ  (pharmacovigilance) වැඩසටහනක් කි‍්‍රයාත්මක කළ යුතුය. අරිෂ්ට ආසව පමණක් නොව වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිත කළ යුතු සුවිශේෂී ඖෂධ වර්ග ද හිතුමතේට භාවිත කරන තැනැත්තන් ගේ ඔළමොට්ටලකම නිසා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට පොදුවේ එල්ල වන වෝදනා එමටය. 

එසේම, යාන්තම් වෙදකම කට ගාගත් බොරු වෙදුන් නොයෙකුත් වෙළඳ සමාගම් වලින් ඖෂධ මිළදී ගෙන ඒවායේ ලේබලය කියවා රෝගීන්ට ප‍්‍රතිකාර කරන සමාජයක ආයුර්වේදයට මෙබඳු ඉරණමක් අත්වීම පුදුමයක් නොවේ. හුදු ලාබය පමණක් පතන ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගම් විශේෂඥ වෛද්‍ය තනතුරු පිරිනමා රෝගීන් සූරා කෑමට යොදවා ඇති වෛද්‍ය සූචකයින් අරිෂ්ට බෝතලයේ ලේබලය ගලවා එවලේම දසගුණයකට විකුණා රෝගීන් ගේ සෞඛ්‍යයට වින කරයි. ජනතාව බිය විය යුත්තේ අරිෂ්ට ආසව බීමට නොව මෙබඳු හොර වෙදුන් ගෙන් ප‍්‍රතිකාර ගැනීමටය. නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙතින් ලබා ගන්නා ඖෂධයක් සම්බන්ධයෙන් වගවීමක් තිබෙන නිසා නිතරම තමන් ප‍්‍රතිකාර ලබාගන්නා වෛද්‍යවරයාගේ සුදුසුකම් පිළිබඳ සැලකිලිමත්වීම අවශ්‍යය.
 
මේ තත්වය යටතේ ආයුර්වේද ප‍්‍රතිකාර ලබා ගන්නා රෝගීන් තලා පෙළා භෙළා කථා කිරීමේ අශික්ෂිත වෘත්තීය චර්යාවෙන් ගොඩ ආ නොහැකි බටහිර වෛද්‍යවරුන් ද අපේ රට තුළ තවමත් සිටීම කණගාටුවට කරුණකි. 

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා


Sunday, October 2, 2022

ආයුර්වේදය හා මුඛ සෞඛ්‍යය (Oral Hygiene Form Ayurveda)

 


සෞඛ්‍යමත් දිවි පෙවතක් සදහා " සුවපත් මුඛයක් " යනු අත්‍යාවශ්‍ය අංගයකි. වර්තමානයේ බාල තරුණ මහලු ආදි භේදයකින් තොරවම බොහෝ පිරිසක් මුඛ රෝග නිසා පීඩා විඳිති.

ආයුර්වේදයේ මුඛ රෝග පිළිබඳව හා ඒවා වලක්වා ගැනීම මෙන්ම මුඛ සෞඛ්‍යය පවත්වා ගැනීම පිළිබඳව මනාව විස්තර කොට ඇත. ආයුර්වේද මතානුකූලව වත් පිළිවෙත් අනුගමනය කිරීම ඔබට මුඛ රෝග සෑදීමෙන් වැළකීමට හා සෑදුණු මුඛ රෝග නිවාරණය කරගැනීමට බොහෝ ඉවහල් වනු ඇත

ආයුර්වේදයට අනුව මුඛය යනු අංග අටකින් සමන්විත අවයවයකි.
ඕශ්ටය( තොල් ) , දන්ත මූලය ( වීදුරු මස )
දන්ත( දත් ). , ජ්හ්වා ( දිව ) , තාලු ( තල්ල ) , ගල ( උගුර ) , සර්වසර (සම්පූර්ණ මුඛය ). මේව සප්තාංග ලෙස හහදුන්වන අතර මේවායේ ඇති වන රෝග 65ක් සුශ්‍රැත සංහිතාවේ දක්වා ඇත.

මුඛ රෝග ඇති වීමට හේතු

• වැරදි ආහාර පුරුදු
එනම් අදික පැනිරස ආහාර ගැනිම , ආම්ලිකතාවය අදික පාන වර්ග හා ආහාර ගැනීම , ආහාර ගැනීමෙන් පසු දත් පිරිසිදු නොකිරීම , ඌශ්න අදික ආහාර ගැනීම

• විටමින් C ඌනතාවය

• දැත් වලින් බෝතල් මූඩි ආදි විවිධ දේ විවෘත කිරීමට උත්සාහ කිරීම

• දත් හෑරීම

• දුම්බීම ( මෙය මුඛ පිලිකා ඇති වීමට ප්‍රධානම හේතුවයි )

• අධිකව බුලත්විට කෑම

• දැඩ් කෙදි සහිත හා රලු දන්ත කුඩු වලින් දත් මැදීම

• දිගු වේලාවක් දත් මැදීම නිසා එනැමලය සීරි යාම


වර්තමානයේ බහුලව දක්නට මුඛ රෝගයන් අතර විදුරුමස් සම්බන්ධ රෝගයන් බොහෝය. එසේම පාසල් යන මෙන්ම තරුන පිරිස් අතර ද දත් මුල් දිරා යාම , ව්දුරුමස් දියවිම , වීදුරුමස් වලින් ලේ ගැලීම , අකලට දත් සෙලවිම , දත් හිරි වැටීම් , දත් වල මැලියම් බැදීම , දත් කැක්කුම් , මුඛ දුර්ගන්ධය , මුඛ පිලිකා ආදීය බහුලව දක්නට ඇත.

🏵️ මේ අතුරින් දත් හිරිවැටීම යනු ඉතා කරදරකාරී රෝග තත්වයකි. ආයුර්වේදයේ මෙය දන්ත හර්ශ රෝගය ලෙස දක්වයි. දතෙහි එනැමලය සීරී යාම , දිය වී යෑම හා එනැමලයට හානී වේම දත් හිරිවැටීමට ප්‍රධානම හේතුවයි. ඔබ විසින් ඕනෑම උණුසුම් , සීතල හා ඇඹුල් ආහාරයක් ගැනීමේ දී මෙම හිරිවැටීම ඇතිවිය හැක.

මෙවැනි හිරිවැටීම් හා වේදනාත්මක අවස්ථාවන් වලදී දිනකට දෙවරක් ලුණු වතුරෙන් මුඛය සේදීමෙන් මෙම තත්වය සමනය කරගත හැක.
ප්‍රධානම කරුණ නම් හොද ප්‍රම්තියකින් යුත් දත් බුරුසුවකින් දිනකට දෙවරක් දත් මැදීම සිදු කල යුතුයි.
දිගින් දිගටම මෙම හිරි වැටීම තත්වය පවතී නම් දන්ත වෛද්‍ය වරයෙකුගේ උපදෙස් පැතීම අනිවාර්යෙන් කල යුතුය. මන්ද යත් දිරා ගිය දත් ඇතින්ම් ඒවා ගලවා ඉවත් කල යුතුය. හානි වූ දත් ඇත්නම් ඒවා පිරවිය යුතු නිසාවෙනි.

🏵️ පණු ගෙඩි ,උශ්න බිබිලි යනු ඔබ පීඩා විදින තවත් මුඛ රෝගයකි. අදික උශ්න ආහාර ගැනීම මීට ප්‍රධානම හේතුවයි.
මෙවනි අවස්ථා වලදී අරලු බුලු නෙල්ලි තම්බා සහිද ලුනු මිශ්‍ර කර මුඛය සේදීම කරන්න. ආම්ලික හා ඌශ්න ආහාර ගැනීම අවම කරන්න. කතුරුමුරුංගා කොල වැඩිපුර ඔබගේ ආහාර වේලට එක් කර ගන්න. ඔබ මෙවැනි තත්වයන් නොසලකා හැරීමෙන් සිදු වන්නෙ එය වීදුරුමස් පැසවීමේ රෝග ( දන්ත් වේශ්ටා ) දක්වා වර්ධනය වීමයි. දන්ත වේශ්ටා තත්වය ඇති වූ විට වීදුරුමස් වලින් රුධිරය හා සැරව ගැලීම ඇති වේ. දත් සෙලවීමට ද පටන් ගනී.

මෙවැනි අවස්ථාවලදී දත් මැදීමට


කපුරු, එනසාල් , කරාබු නැට් , කුරුදු පොතු , අසමෝදගම් , කලු ගම්බිරිස් , වියලි ඉගුරු , මූනමල් පොතු , අරලු , කහ , පුවක් හා සීනක්කාරම් චූර්නය ප්‍රතිඵල දායක වේ .

තවද අරලු බුලු නෙල්ලි තම්බා සින්ක්කාරම් දමා කට සේදීම

ඉරිමේදාදි තෙල් , කොහොබ තෙල් , හෝ තල තෙල් ගා දත මුල පිරිමැදීමෙන් ලේ ගැලීම වලක්වා ගත හැක.

🏵️ වීදුරුමස් වලින් ලේ ගැලීම ආයුර්වේයේ දක්වන්නෙ ශීතාද රෝගය යනුවෙනි. ( scurvy , bleeding gum ). මීට ප්‍රධානම හේතුව විටමින් C ඌනතාවය යි. දත දරා සිටින්නේ වීදුරුමස බැවින් එය නිරෝගීව පවත්වා ගැනීම පළමුව සිදු කළ යුතුයි.

අතීතයේ පැරැන්නන් දත් මුල් වලින් ලේ ගලන විට අරළු ගෙඩියේ පොතු හා මූණ මල් ගහේ පොතු කුඩා කැබලි වලට කපා නිතර දෙවේලේ හපන්නට දෙයි. දත් කැක්කුමක් ආ විගස කරාබු නැට්ටක් තලා දතෙහි තබා ගැනිමට දෙයි.. එමගින් එසේ ඇති වන්න වූ අබාධයන් දුරු වී යයි.

🏵️ වීදුරුමස් වලින් ලේ ගැලීම හා ඒවායේ නීරෝගිතාවය උදෙසා මුඛ සේදුම් දියර වලින් ඉටු වන්නෙ මහත් වූ කාර්‍යකි. මේවා කිසිම ආකාරයක රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවන බැවින් හා ස්වභාවික ශාක ද්‍රව්‍ය බැවින් ද මුඛයේ නීරෝගිතාවය පවත්වාගෙන යාමට භාවිතා කළ හැක .

එවැනි මුඛ සේදුම් දියර ලෙස භාවිතා කල හැකි ද්‍රව්‍ය

අරලු ,බුලු , නෙල්ලි , පිල මුල් , සීනද්ද මුල් , මගුල් කරද මුලේ පොතු මේවා කසාය ලෙස සාදා මුඛය සේදීමට ගත හැක

තවද පොල් මල් , ළපටි පුවක් මල් , මූණමල් පොතු , අරළු , මඟුල් කරඳ පොතු සමව ගෙන තම්බා සීනක්කාරම් දමා මුඛය සේදීම.

එමගින් ඔබට මුඛ දුර්ගන්ධය වලක්වා ගැනීමට දත් දිරා යාමෙන් වැළකීමට , දත් හිරිවැටීම අවම කර ගැනීමට මෙන්ම වේදනාව ද සමනය කර ගත හැක.


🏵️ දිව තොල් පැලීම ඔබ මූන දෙන තවත් මුඛ රෝගයක්. කාලගුණ වෙනස් වීම එනම් සීතල පරිසර ආදිය මීට හේතුවක්. මෙවනි අවස්ථාවන් හිදී ගිතෙල් , මී පැනි හෝ තල තෙල් ආලේපයෙන් තත්වය සමනය කර ගත හැක. .

අරලු , බුලු , නෙල්ලි තම්බා කට සේදීම ,

අරලු , බුලු , නෙල්ලි , සමන්පිච්ච කොල , කොහොබ කොල , ලොත් සුබුලු , නුග පොතු , අමු කහ සමව ගෙන තම්බා මුඛයේ දරා සිටීමනෙ අනතුරුව ඉරිමේදාදි තෙල් ආලේප කිරීම.

නෙල්ලි රසකිඳ තම්බා බීම.


මුඛ සෞඛ්‍ය හා දැහැටි කූර.

🏵️ වර්තමානයේ විවිධ වූ මාදිලියේ දත් බුරුසුව වල වෙළඳ දැනවීම වල අඩුවක් නොවූවද මුඛ රෝග වල නම් අඩුවක් දක්නට නැත. අපේ මුතුන් මිත්තන් අනාදිමත් කාලයක් සිට දත් මැදීම සදහා බාව්තා කලේ දැහැටි කූර යනුවෙන් හඳුන්වන ශාකමය කොටසක්. මෙය නොයෙක් ශාකයන්ගේ මුලක් හෝ අතු කැබැල්ලක් ( අංගුලි 12ක් පමන දිග අතෙහි කුඩා ඇගිල්ල තරම් ඝනකම ඇති ) ගෙන එහි අග පිරිසිදුව සිහින් කෙදි සේ සකස් කර ගැනීමෙනි. මේ සදහා කොහොබ , කිහිරිය , මී , කරද , කුඹුක් , වරා , කනේරු , දෑ සමන් , පිලමුල් , රත්මල් ආදී ඖෂධීය ශාක ගෙන ඇත. නොයෙක් ආකාර වූ මුඛ රෝගයන්ගෙන් වැලකී සිටීමට පැරන්නන්ට හැකි වූයේ මෙම දැහැටි කූරු බාවිතයෙනි.

මුඛ සෞඛ්‍ය රැක ගැනීම

• දවසට දෙවරක් මිනිත්තුව 3ක් 5ක් අතර කාලයක් ප්‍රමිතියකින් යුත් දන්තාලේපයකින් දත් මැදීම.

• සෑම මාස දෙකකට හෝ මාස තුනකට සැරයක් ඔබගේ දත් බුරුසුව ඉවත් කර නව බුරුසුවක් බාවිත කරන්න

• හානි වූ හෝ දැඩි කෙදි සහිත බුරුසු බාව්තා නොකරන්න

• පැනි රස අහාර ගන්නෙ නම් ප්‍රදාන ආහර වේලෙන් පසුව ගැනීම සුදුසු අතර ඒව ආහාරයට ගැනීමෙන් පසුව හොදින් කට සේදීම අත්‍යාවශ්‍ය වේ.

• ඔබගේ දත් වලින් දැඩ් දේවල් සැපීමට නොයන්න. එමගින් දත් වලට හානි සිදු වේ.

රාතී නින්දට පෙර දත් මැදීම පුරුද්දක් කර ගන්න

• ඔබ ට කුඩා දරුවන් සිටී නම් ඔවුන්ගේ දත් පිරිසිදු කිරීම ඔබ විසින් සිදු කරන්න. ඔවුන් වයසින් වැඩෙනව සමගම ඔවුන්ට තනිවම දත් පිරිසිදු කර ගැනීමට උපදෙස් දෙන්න.

• ඔබ දීර්ග කාලීන මුඛ රෝග වලින් පීඩා විදින්නෙනෙක් නම් දන්ත වෛද්‍යවරයකු හමු වී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්න.

• අරලු බුලු නෙල්ලි පුලුස්සා ගම්බිරිස් හා ලුනු දමා ම්ශ්‍ර කර දන්තාලේපයක් ලෙස බාව්තා කිරීමට හැකි නම් වඩාත් හොදය.

• ඔබ දුම් බීම , බුලත් විට හා මධ්‍යසාර වලට පුරුදු වූ කෙනෙක් නම් එම පුරුදු අත හැරීම අත්‍යාවශ්‍ය කරුණක්. ඒවායෙන් අත් මිදීමෙන් තොරව ඔබ කුමන ප්‍රතිකාරයක් කල ද එය නිශ්ඵලදාය වේ.

• මුඛ සෞඛ්‍ය ගැන කතා කිරීමේදී දත් වීදුරුමස් පමනක් නොව දිව පිරිසිදු කිරීමත් අවශ්‍යයි. මෙය ගොඩක්ම බල පානුයේ ලදරුවන්ටයි. කිරි මැලියම් හා උල්ලෝගම් දිවේ ඇති වීම නිසාවෙනි. එව්ට මුඛ දුර්ගන්ධය ඇති වේ. මෙව්ට රෙදි කැබැල්ලක් මී පැණියෙන් පොගවා එය දබර ඇඟිල්ලේ දවටා මේ මැලියම් ඉවත් කරන්න.

🏵️ දත් යනු මුඛයේ එක් අංගයක් පමනක් වුවද එය පංච කල්‍යාණියනෙ ගෙන් එකකි. එසේනම් එහි වටිනාකම ඔබට වැටහෙනු ඇත. නීරෝගි මුඛයක් යනු ඔබට ආත්ම ශක්තියක් ගෙන දෙන්නක් යැයි කීවහොත් නිවැරදියි.

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
නිමේශා හක්මනගේ .
දේශීය වෛද්‍ය විද්‍යායතනය
කොලබ විශ්වවිද්‍යාලය

Sunday, August 30, 2020

ඔට්සම් ගැන දැනුවත් වෙමු ( autism )



ඔටිසම් යනු දරුවන්ගේ සාමාන්‍ය හැකියාවන් හා හැසිරීම සම්බන්ධයෙන් ගැටලු ඇති කරන රෝග තත්වයක් . මෙම රෝගය පිළිබඳ දෙමව්පියන්ට නිසි දැනුමක් නොමැති වීම දරුවා මෙම රෝගයට ගොදුරු වීමට ප්‍රධානම හේතුවක් වෙනවා. මෙහිදී සිදුවන්නේ දරුවාගේ මොලයේ ස්නායු වර්ධනය ගැටලුකාරී තත්වයක් ඇතිවීමයි.
ආයුර්වේදයේ මේ ගැන සඳහන් වේ. ආයුර්වේදයේ මෙය මනෝදෞර්බල්‍ය රෝගයක් ලෙස දක්වයි. මෙම තත්වය උපතින් පළමු වසර තුළ ඇතිවෙන අතර දරුවාට අවුරුදු 2 - 3 පමණ වන විට රෝගය නීර්ණය කර ගත හැක.


ඔට්සම් රෝගය සදහා හේතු.

මේ සදහා නිශ්චිතවම එක් හේතුවක් දක්වන්නට අපහසුයි. මේ රෝගයට කාරණා කීපයක්ම හේතු වෙන්න පුලුවන්. ඒ හේතුව දරුවාගෙන් දරුවට වෙනස් වෙනවා. ආයුර්වේදයේ මෙම හේතු වර්ග කර දක්වනවා. එනම් ගර්භජ හේතු , ජන්මෝත්තර හේතු , සහජ හේතු හා ආගන්තුක හේතු ලෙසට වේ.

🏵️ ගර්භජ හේතු ලෙස දක්වන්නෙ ගර්බනී කාලයේදි මවට ඇතිවන රෝග තත්වයන්ය

🏵️ ඒ වගේම එම රෝග සදහා මව ගන්නා ඖෂධ ද දරුවාට බලපෑම් ඇති කල හැක.

🏵️ මව ගර්භණී සමයේ දී ගන්නා හා නොයකුත් ආහාර ආදිය ( කටු , තික්ත ලවණ රස ආහාර වැඩිපුර ගැනීම )

🏵️ මවගේ හැසිරීම් රටාව ,විහරණ ආදිය 

මෙහිදී මවගේ මානසික තත්වය කුසයේ වැඩෙන දරුවාට බලපානු ඇත. ගර්භණී සමයේ දී මව ගැටළු පීඩා වලට මුහුණ දීම , මවගේ මානසික ආතතිය , මවට ඇති වන දොල දුක තත්ත්වයන් නොසලකා හැරීමත් රෝග හේතු කාරකයන්.

දරුවා ඉපදීමේ දී හා ඉපදීමෙන් පසු සිදු වන බලපෑම් ජන්මෝත්තර හේතු ලෙස දක්වනවා.
ඒවා නම්,

🏵️  දරුවා ඉපදීමේදි දරුවාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයවත් තරම් නොලැබී යාමෙන් දරුවාගෙ ස්නායු වලට හානි වීම.

🏵️ දරුවා ඉපදීමෙන් පසු නිසියාකාරව මව්කිරි පානය නොකිරීම ( මෙය ඕටිසම් දරුවන් බොහෝ පිරිසක් අතර දැකගත හැකි හේතුවකි. )

🏵️ මවගේ ක්ශීර දෝශ ( උශ්න ක්ශීර , අල්ප ක්ශීර ආදිය )

🏵️ දරුවාගේ ආහාර රටාව ( කටු , තික්ත , ලවණ රස ආහාර වැඩිපුර ගැනීම ) .

🏵️ ගර්බනී මවගේ හා උපත ලද දරුවාගේ නින්ද. ( මවට ගර්බනී කාලයේදි හා දරුවාටද ප්‍රමාණවත් නින්දක් තිබිය යුතුය . )

🏵️ බබා ගේ මානසික තත්වය ද මෙම ඔටිසම් රෝගයට ප්‍රධානම හේතුවක් වෙනවා . දරුවාට අවුරුදු පහක් වත් යනකම් ආදරය කරුණාව මෙන්ම අවධානය යොමු කරන්න ඕන

🏵️ මීට අමතර ව සහජ ද හේතු ද එ නම් ජානමය හේතු බලපානවා මවගේ හා පියාගේ පාර්ශ්වයෙන් ඔටිසම් රෝගයට ගොදුරු වූ අයෙක් සිටියේ නම් තම දරුවාට ද මෙම රෝගය ඇතිවීමේ රෝග ඇති වීමේ සම්භාවිතාවක් ඇත.

🏵️ ඒ වගේ ම තමයි ආගන්තුක හේතු මේ රෝගයට හේතු වෙනවා . එනම් හිසට සිදුවන ආබාධයන් වැටීම් , පහරදීම් හා දරුවා බිහිවීමේදී හිරවීම ( forcep delivery ) ආදියයි. මේවා ආයුර්වේදයේ දක්වන්නෙ ශිරෝ මර්ම අභිඝාත ලෙසට.

🏵️ දරුවා හුදෙකලා වීම ,දරුවාට ආදරය ආරක්ෂාව කුඩා කාලයේදීම නොලැබී යාමත් ඔටිසම් රෝගයට හේතු වෙනව.


රෝග ලක්ෂණ

ඔටිසම් යනු රෝග ලක්ෂණ කිහිපයක එකතුවකි ( autism spectrum disorder ).
මෙම ලක්ෂණ දරුවාගෙන් දරුවාට වෙනස් වෙන්න පුළුවන් . ඒ වගේ ම තමයි මෙම රෝග ලක්ෂණ තිබූ පමණින් එය ඔටිසම් කිව නොහැක . එනමුත් ඔටිසම් දරුවන් තුළ මෙම ලක්ෂණ දැකගත හැක .

🏵️ ප්‍රධාන ම ලක්ෂණයක් තමයි මේ දරුවන් ට eye contact නොමැති ව්ම. එනම් මව සමග පවා ඇසට ඇස බලන් කතා කිරීමට අපහසු වීම. ඕනෑම දරුවෙකු කුඩා කාලයේ දී පවා තම මවට අවධානය යොමු කරනවා .නමුත් ඔටිසම් සහිත දරුවන් තුල මෙම අවදානය දක්නට ලැබෙන්නෙ නැහැ.

🏵️ සාමාන්‍යයෙන් දරුවෙක් මාස හයක් පමණ වන විට සිනහවකින් ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙනවා . නමුත් ඔටිසම් දරුවකු තුළ මෙම සිනහවත් දැකගත නොහැකිය.

🏵️ දරුවාගේ නම පවසා ආමන්ත්‍රණය කළ ද එයට ද ප්‍රතිචාර නොදක්වයි.

🏵️ දරුවාට අවුරුදු එකහමාරක් වන තුරුත් දරුවා කතා නොකරයි. දරුවා සතුව වචන දෙකක් තුනක් පමණක් තිබුණ ද ඉන් එහාට කතා කිරීමේ ප්‍රවනතාවක් දරුවා තුළ නො වීම

🏵️ සමහර විට දරුවා අවුරුදු එක හමාර වන විට කතා කිරීමට පටන් ගෙන එම කථා කිරීමේ හැකියාව එකවර නතර කිරීමටත් හැක.

🏵️ එසේම මෙම ඔටිසම් රෝග සහිත දරුවන් තනිවම කාලය ගෙවීමට කැමති ය.

🏵️ සම වයසේ දරුවන් සමඟ වුවද සෙල්ලම් කිරීම පවා ප්‍රතික්ෂේප කරයි

🏵️ මෙම දරුවන් කැරකෙන වස්තුන් දෙස බලා සිටීමට දැඩි කැමැත්තක් දක්වයි .විදුලි පංකාවක් ඇත්නම් එය කැරකෙන දෙස බොහෝ වේලා බලා සිටී .

🏵️ සෙල්ලම් කිරීමට සෙල්ලම් බඩු දුන් විට ඒවා පෝලිමට තබයි සෙල්ලම් බඩු වල කුඩා කොටස් අතගා බලයි දරුවාට සෙල්ලම් බඩු අවබෝධ කරගත නොහැක ඒ කටේ දාගන්න උත්සාහ කරයි .

🏵️ දරුවා තම ඇඟිල්ලෙන් යම් දෙයක් නොපෙන්වයි. දෙයක් පෙන්වීමට අවශ්‍ය වූ විට මවගේ හෝ වෙන  කෙනෙක්ගේ කෙනෙක්ගෙ ඇඟිල්ල භාවිතා කරමින් එය පෙන්වයි

🏵️ කඩදාසියක් දුන් විට එය කැබලි වලට ඉරා දැමීම හෝ ඉරා දැමූ ඒවා රෝල් වැනි ක්‍රියාකාරකම් වල නිරත වෙයි .
🏵️ දරුවාගෙන් සරල ප්‍රශ්නයක් ඇසුවද එයට කල්පනා කර බලා උත්තර දීමේ හැකියාවක් නැත.

🏵️ මෙවැනි දරුවන් නිවසින් පිටතට රැගෙන ගිය විට ද දරුවාගේ හැසිරීම වෙනස් විය හැක .දරුවා නොසන්සුන් වෙයි කලබල කාරී වෙයි

🏵️ දරුවාගෙන් ප්‍රශ්නයක් ඇසූ විට ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට නැවත එම ප්‍රශ්නය ම උච්චාරණය කරයි

🏵️ හේතුවකින් තොරව කෑගසා හැඟීම හේතුවකින් තුළ සිනා වීම ආදිය ලක්ෂණද දැකගත හැක

🏵️ සමහර විට කෑමට දැඩි කැමැත්තක් හෝ අකමැත්තක් දැක්විය හැක .මොවුන්ගේ ඇති අසාමාන්‍ය ස්නායු සන්නිවේදන ය ද මෙයට හේතු වේ .

🏵️ දරුවා විවිධ ශබ්ද හා අංග චලන භාවිතා භාවිතා කිරීම ඇඟිලි සෙලවෙමින් ඒ දෙස බලා සිටීම උඩ පැනීම වේගයෙන් දිවීම ද මෙහි ලක්ෂණ වෙයි

🏵️ මෙම ලක්ෂණ සියල්ලම එක දරුවකු තුළ නොතිබීමට හැක නමුත් ලක්ෂණ දෙක තුනක් ලෙස ආදී අන්තර්ගතයක් තිබිය හැක .


ඔටිසම් රෝගී දරුවෙකු බලා ගැනීම

මෙවැනි දරුවෙක්ගේ සාමාන්‍ය දරුවෙක් ට වඩා ආදරේ ආදරය රැකවරණය ආරක්ෂාව අවශය වගේම තමයි විශේෂ අවධානයක් යොමු කිරීමත් ඉතා වැදගත්. 

මෙවැනි දරුවෙක්ගේ වැරදි වලට දඬුවම් කිරීම සැර සැරවැර කිරීම සුදුසු නැහැ. දරුවාට ආදරයෙන් යම් දෙයක් පැහැදිලි කර දිය යුතුයි මෙවැනි දරුවකු නොසලකා හැරීමෙන් සිදු වනුයේ මෙම රෝගී තත්ත්වය ජීවිත කාලය පුරාම බලපාන අයුරින් වර්දනය වීමයි .
.
වැදගත් ම දේ තමයි දරුවා සමඟ කාලය ගත කිරීම. වර්තමානය සමාජයේ කාන්තාව ගත්තම ගොඩක් කාර්යබහුලයි.
 
බොහෝ විට දරුවා කුඩා කාලයේ සිටම හ හැදී වැඩෙන්නේ දිවා සුරකුම් මධ්‍යස්ථාන වල. මෙය දරුවාගේ මානසික තත්ත්වයට බොහෝ සෙයින් බලපෑම ඇති කරයි.

ඒ වගේම තමයි දෙවැනි වර දරුවෙක් උපත ලද විට පලමු දරුවාට අවධානය නොලැබී යෑම . එසේ නොවී එම දරුවාට ද ආදරය රැකවරණය අවදානය ලබා දිය යුතුයි .

සියලු දෙනාගේ ම කැමැත්ත තමයි නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරුවෙක්. ඉතිං ඒ සඳහා ගර්භනී කාලයේදී මෙන්ම දරුවා උපත ලද පසුත් ඒ වෙනුවෙන් කැප වී කටයුතු කළ යුතුයි .

ප්‍රතිකාර

රෝගීන් මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාරවලට යොමුවීම සංකූලතාවලින් තොර වීමට හේතුවක් වෙනවා .

මේ සදහා බටහිර වෛද්‍ය අනුකූල ව මනෝ රසායනික චිකිත්සා ප්‍රතිකාර , සංවේදන හැකියාවන් වර්ධනය කිරීම දරුවාට නිවැරදි හැසිරීම් රටා පුරුදු කිරීම කථන පුහුණු ආදීය අනුගමනය කරනු ලැබේ

ආයුර්වේදයට අනුව මේද්‍ය රසායන ඖෂධ එනම් බුද්ධි වර්ධක ඖෂධ හා පංචකර්ම ප්‍රතිකාර අඩංගු ( ශිරෝ තෛල අභ්‍යංග , ශීරෝධාරා , ශිරෝ වස්ති ) ප්‍රතිකාර පද්ධතියක් පවතිනව.

එම නිසා දෙමව්පියන් වශයෙන් දරුවාට වැඩි අවධානය යොමු කොට මෙම මෙවැනි රෝග තත්ත්වයන් හඳුනාගෙන දරුවා ව නිසි සුදුසුකම් සහිත පළපුරුදු වෛද්‍යවරයකු වෙත යොමු කිරීම දෙමාපියන්ගේ වගකීම යි.

සැකසුම - නිමේශා හක්මනගේ 
                    BAMS (UoC). 

Friday, August 21, 2020

ආයුර්වේදය හා ගර්භනීහාවය




ආයුර්වේදයේ ගර්භනීය තෙල් පිරවූ කළයකට සමාන කරනු ලබයි. තෙල් නොසැලෙන සේ බදුන නොසෙල්වා තබා ගන්නේ කෙසේද ගර්භනිය ද ඒ අයුරින්ම ආරක්ශා කල යුතුයි. මවගේ හැසිරීම් හා සිතුවිලි අනුව දරුවාගේ හැසිරීම් සිතුවිලි හැඩ ගැසීම සිදු වන නිසා ගර්භනී කාලය පුරා මව සතුටින් සිටීම වැදගත් වේ. ගර්භනී කාන්තාවක් ඇයගේ ජීවන රටාව, ආහාර රටාව, විහරණ රටාව ගර්භනිභාවය අනුව සකසා ගත යුතුයි. 

දරුවාගේ යහපත් මානසික තත්වය උදෙසා මව ගර්භනී සමයේදි ආගමික කටයුතු වල යෙදීම වැදගත් වේ. ආයුර්වේදය ට අනුව මෙමගින් දරුවාගේ රජස් හා තමස් ගුණයන් යටපත් වී සත්ව ගුණය වඩා ඉස්මතු වේ. 

මව විසින් ඉතා උස් නොවූ මිටි නොවූ ආසන , ඇදක් භාවිතා කල යුතුයි. ඇද ඇතිරිලි මෙට්ට මෘදු විය යුතුයි. ඒවා මවට අපහසුවක් ඇති නොකල යුතුයි. ගර්භනිය ඇදිය උතු ඇදුම් පිලිබද සදහන් කිරිමේදී සුදු හෝ ලා පැහති බව දක්වා ඇත. තද ඇදුම් ඇදීමේන් උදරය තද වී amonitic fluid තෙරපීමෙන් miscarriage විය හැක. 

රතු පාට අදින්න එපා ලෙස දක්වන්නේ මුල් කාලයේදි threatened abortion එකක් වෙන්න යනව නම් මුලින්ම යෝනි මගින් පිටවන්නනේ ඉතා රතු පාට ස්‍රාවයක් වගෙ දෙයකි. ලා පැහැති ඇදුමක් ඇන්ද විට මුල්ම අවස්තාවේ දි එම sign එක හදුනගෙන මවට bed rest කිරීමට උපදෙස් ලබා දී ශතාවරී ජටාමාංශ වැනි ඖශධ ලබා දී ගර්භ ස්‍රාවය වලක්වා ගත හැක. තව ද මව පාවට්ට කොල එඩරු කොල නික කොල වැනි කොල තම්බා ස්නානය කිරීමද සුවද ඒම ට රෝස පෙති සැවන්දරා මුල් සුදු හදුන් ආදිය භාවිතා කලහ. 

ගර්භනී කාලයේ මුල් මාස තුන යනු ඉතා අපහසු කාලයක් වේ. අපගේ ශරිරය ට ආගන්තුක ද්‍රව්‍යක් (ශුක්‍රාණු) ඇතුල් වීම නිසා හටගත් කලලය නිසා ශරීරයේ විවිද හෝර්මෝනමය වෙනස්කම් ඇති වේ. මේ නිසා මව ට විවිද සන්කූලතාවන් හා අපහසුතාවන් හට ගනී. වමනය , ක්ලාන්තය , ඇගේ බර බව නිදිමත ගතිය කේන්තිය ආදී එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට අපහසුතාවන් ඇති වේ. මව ආගමික කටයුතු වල නිරත වීමේදි මෙවනි සන්කූලතා වලින් හිත මදකට ඉවත් වීම නිසා සැහැල්ලුවක් ඇති වේ. 

ආයුර්වේදය ට අනුව ගර්භයක් ඇති වනුයේ ශුක්‍රාණු (sperm) , ශ්‍රෝනිත (ovum ) හා ජීව යන ත්‍රිත්වයන්ගේ සංයෝගයෙනි. මෙම ජීව කොටස අකුසල කර්ම කරන ලද කොටසක් නම් මෙසේ ආගමික කටයුතු වල නිරත වීමෙන් එහි පින් බලයෙන් ගර්භයේ රදා පැවත්ම තහවුරු වේ. (එනම් miscarriage වීමට ඇති chance එක අඩු වේ). 

ගර්භනී මවකට මුල් මාසයේදි එලකිරි පානය සුදුසු බව ආයුර්වේදයේ දක්වයි. එසේම මුල් මාස තුනේදී ක්ලාන්තය ඔක්කාරය කටට කෙල ඉනීම ලක්ශන පහල වන අතර ඇය ට ඇඹුල් ආහාර අබ අච්චාරු ලුනු දෙහි ආදී දේවල් ගැනීමට ආසාවල් ඇති වේ. ඒවා අහාරය ට ගැනීමෙන් තව දුරටත් අපාන වාතය කෝප වන බැවින් ඉන් වැලකීම සුදුසුයි. 

එසේම මෙම පලමු මාස තුන ඇතුලත දරුවාගෙ අංග විකසනය සිදු වේ. එම නිසා මව තමාගේ ආහාර පිලිබද ඉතා සැලකිලිමත් විය යුතුයි. මේ කාලයේදි විවිධ ඖශධ වර්ග ගැනීමෙන් වැලකීම ඉතා සුදුසුයි. ඔබ හිසරදයට බොන පැනඩෝල් පෙත්ත වුවද දරුවා තුල විකෘතිතාවක් ඇති කිරීමට හේතු වේ. එම නිසා වඩාත්ම සුදුසු දෑ වනුයේ බෝ වෙන රොග වලින් වැලකීම සදහා සෙනග ගැවසෙන ස්ථාන වලට යාමෙන් වැලකී සිටීමයි . 

පලමු ත්‍රෛමාසිකය අවසන් වන විට වමනය ක්‍රමයෙන් අඩු වන අතර දරුවාගෙ ප්‍රමානාත්මක වර්දනය ආරම්භ වේ. මේ කාලයේදී දරුවාගේ බර වැඩිවීම සිදු වේ. දරුවා පෝෂණ ද්‍රව්‍ය ඉක්මනින් උරා ගනී. මේ නිසා මවට ශක්තිය ලාබාදෙන අහාර දිය යුතුයි. මාලු වර්ග , පොඩි මාලු , එලවලු , බිත්තර , පලතුරු , පලා , ධාන්‍ය වර්ග , වට්ටක්කා , බතල වැනි ආහාර ගැනීම සුදුසුයි. මස් වලට වඩා කුඩා මාලු ගැනීම ඉතා සුදුසුයි. 

මන්ද යත් දරුවාගෙ අස්ථි වර්දනයට මවගෙන් කැල්සියම් උරා ගන්නා නිසා මවගේ දත් දිරායාම අස්ථි දුර්වල වීම හා cartilage ගෙවී යාම සිදු වේ. තව ද මව ට කොන්ද වේදානා අස්ථි භග්න ආදිය සිදුවිය හැක. එම නිසා කැල්සියම් සපිරි හාල්මැස්සන් කුඩා මාලු තෝර මාලු සුදුසුය. බලයන් දැල්ලන් ඉස්සන් වැනි ඌශ්න ආදික ආහාර ගැනීම නිසා දරුවා ඉපදීමෙන් පසු දරුවාට සමේ රෝග හා රත ගාය ඇති වීම ට හේතු වේ. 

පස්වන මාසය වන විට දරුවා මවගෙන් තව දුරටත් පෝෂණ ද්‍රව්‍ය උරා ගන්නා නිසා මව කෘශ වීම නිරක්තිය ඇති වීම සිදු වේ. මවගේ කකුල් ඉදිමීම , මුහුණ ඉදිමීම , අතේ ඇගිලි ඉදිමීම , ආදිය ඇති වේ. මේ කාලයේදි ගිතෙල් ම්‍ශ්‍ර කර ආහාර සැකසීම සුදුසු වේ. හැකි තරම් ධාන්‍ය වර්ග පලා වර්ග මාංශ රස ලබා දිය යුතුයි. තව ද මේ කාලයේදී ගර්භ වලිප්පුව (pre eclampsia ) යන තත්වය ඇතිවිය හැක. එහිදී

    1. මුත්‍ර වල ඇල්බියුමීන් අඩංගු වීම 
    2. අධික රුධිර පීඩනය 
    3. පාද වල ශෝථය යන යන ලක්ශන තුනම ඇති වේ. මෙහිදී ගොකටු , සාරණ අඩංගු මුත්‍ර කාරක ඖශධ ලබා දීම සුදුසුයි . 

හයවන මාසය වන විට දරුවාගෙ බුද්ධි වර්ධනය සිදුවන නිසා මව තවත් වඩා පෝෂ්‍යදායක ආහාර ලබා ගත යුතුයි. හත්වන අටවන නවවන මාස මාස වන විට දරුවාගෙ වර්ධනය ෂ්‍රීගයෙන් සිදු වේ. එම නිසා තව දුරටත් ශක්ති වර්ධක ආහාර ගත යුතුයි.

හත්වන මාසය වන විට ඇවිදීම , යෝග කිරීම නිර්දේශ කර ඇත. එකම ඉරියව්වෙන් සිටීම සුදුසු නැත. තවද උදර විශාල වීම සැලකිය යුතුව වැඩිවන නිසා තද ඇදුම් ඇදීම නුසුදුසු ය. සැහැල්ලු ඇදුමක් ඇදීම වඩාත් යෝග්‍ය වේ. තව ද මෙම කාලයේදී ගිතෙල් මිශ්‍ර ආහාර , වෘංහණ ගුණ සහිත අාහාර ද සුදුසුයි ඔබ විසින් රොටියක් සැදුව ද එය ට ගිතෙල් මිශ්‍ර කර සාදා ගත හැක. මෙයට පාන් පිටි වෙනුවට ආට පිටි වලින් සාදා ගැනීම ඉතා සුදුසුයි. නිවුඩු හාල් බත් , මාලු වර්ග , පලා වර්ග , පරිප්පු , එලවලු ආහාර වේලට එකතු කර ගන්න. 

අටවන මාසය වන විට මවට ඇවිදීම දුර ගමන් යාම තහනම් කෙරේ. මව වඩාත් පරිස්සම් විය යුතු කාලයක් ලෙස මෙය දක්වා ඇත. ආයුර්වේදය ට අනුව නවවන මාසයේදි අපාන වාතය අනුලෝමනය බලාපොරොත්තුවෙන් මවට වස්තිකර්ම සිදු කරයි. මේ කාලයේදි මවට හැරෙන්න ට නැවෙන්න ට වත් අපහසු කාලයක් බැවින් ජීරණය ට පහසු ආහාර ලබාදීම අවශ්‍ය වේ. 

ආයුර්වේදයේ මෙසේ ගර්භනී පිලිවෙත් දක්වා ඇත්තතේ බිහිවන දරුවා වඩා නීරෝගිමත් බුද්ධිමත් හා මවට වේදනාවෙන් තොර පහසු ප්‍රසවයක් සදහා යි. මවට ගර්භනීහාවය වදයක් නොවී අවසානය දක්වා ගත කිරීමටයි . ඉතින් මෙම සියලුම කාරණා සදහා ඇය ට ඇයගේ ස්වාමි පුරුෂයාගේ රැකවරණය විශෙශ්ෂයෙන් ලැබිය යුතුයි. පවුලෙන් හා සමාජයෙන් රැකවරණය ආරක්ෂා ව ලැබිය යුතුයි. 

ආයුර්වේදයෙ දක්වන පරිදි මෙම පිලිවෙත් පිලිපැදීමෙන් පූර්ව ප්‍රසව(pre term), පසු ප්‍රසව (post term) වලින් තොරව නිසි කාලින ප්‍රසවයක් ද (term baby), උපත ලබන දරුවා දැනුමෙන් හා බාහිර පෙනුමෙන් නෑදෑයන් අතර බැබලෙන දීර්ඝ ආයුශ සහිත බවද බලය වර්ණය අතින් ශේෂ්ඨ වන අතර සෞඛ්‍ය සම්පන්න බවින් ඉතා ඉහලය. 


සැකසුම - නිමේශා හක්මනගේ 
                    BAMS (UoC). 

Tuesday, August 18, 2020

BPH - වයස්ගතවීමත් සමඟ පුරුෂයන්ට ඇතිවන රෝග (දෙවන කොටස)




පුරස්ථි ග්‍රන්ථිය විශාල වීමේ රෝග තත්වය ඉතා දරුණු වූ විට එය පිලිකාමය තත්වයක් දක්වා වර්ධනය විය හැක. පුරස්ථි ග්‍රන්ථිය යනු පිරිමින්ට
බහුලවම පිලිකා හට ගන්නා ශරීර අවයවකි. එවැනි අවස්ථාවන් හීදී නම් ශල්‍ය කර්මයක් මගින් ග්‍රන්ථිය ඉවත් කිරීම සිදු කරයි.

නමුත් මෙම පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමෙ තත්වය ( BPH) ප්‍රතිකාර මගින් සුවකර ගත හැකි තත්වයකි.

මෙවැනි ඇතැම් රෝගින්ට මුත්‍ර බටයක් යොදා මුත්‍ර පිටකිරීමට ද සිදු වේ. සාමාන්‍යයෙන් මෙම රෝග තත්වය මුල්ම අවස්ථාවේ ආහාර හා ඖෂධ වලින් පාලනය කල හැක. රෝග ලක්ශන දරුණු අතට හැරනවාද , නව රෝග ලක්ශන හට ගන්නේ ද යන්න අවධානය යොමු කරමින් ප්‍රතිකාර කිරීම සිදු කරයි. 

අවසාන ප්‍රතිකර්ම වශයෙන් සිදු කළ හැකි වන්නේ ශල්‍යකර්මයක් කිරීමයි. මුත්‍ර මාර්ගය තුළට උපකරණයක් යවා එම විශාල වූ පටක කොටස් සිරීමක් සිදු කරනු ලබයි. එමගින් මුත්‍ර පිටවන මාර්ගය විශාල වෙයි . ( TURP , TUIP surgery ). නමුත් මෙය වයස් ගත වීමත් සමග ඇති වන රෝගයක් නිසා ශල්‍යකර්ම සදහා යොමු වීම මගින් සංකූලතා ඇතිවිය හැක. තවද කාලය ගත වීම සමග නැවත නැවත රෝගය හට ගත හැක.



නමුත් මේ සදහා එම සංකූලතා වලින් තොර වූ ආයුර්වේද ප්‍රතිකාර පවතී. ඒ සදහා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. මුත්‍රාශය තුලට ඖෂධ යවා සිදු කරන ප්‍රතිකාරයක් ආයුර්වේදයේ පවතී. එය උත්තර වස්ති නමින් හඳුන්වයි. තව ද නොයක් වූ තෙල් වර්ග රෝගියාගෙ උදරයේ පහල කොටසේ( lower abdomen) හා මුත්‍රාශය අවට ආලේප කර ස්වේද කර්ම අනුගමනය කරයි. මෙය නාඩි ස්වේදය නම් වේ.

තව ද මේ සදහා වාත ශමන ප්‍රතිකාර , මූත්‍ර කාරක ඖෂධ අභ්‍යන්තර ඖෂධ ලෙස ලබා දෙන අතර බාහිරව වාත සමන පැලැස්තර යෙදීම ද සිදු කරයි. මෙසේ ලබදෙන ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. රෝගියාගේ ප්‍රකෘතිය , රෝග ලක්ෂණ , රෝගියාට ඇති වෙනත් රෝග ( දියවැඩියාව ආදි ) අනුව වෙනස් වන නිසා මෙම ප්‍රතිකාරයන් නිසි සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගේ උපදෙස් යටතේ ලබා ගැනීමෙන් ඔබට මෙම රෝගය සුව කර ගැනීමට හැක. ප්‍රතිකාර ලබා ගන්න කාලය තුල මෙන්ම ඉන් පසුවද දුම්පානය , මත්පැන් පානය හා ඌශ්න ආහාර පාන වලින් වැලකී සිටීම මෙම රෝගය හා සම්බන්ධ ඔබගේ සෞඛ්‍ය තත්වය ඉහල යාමට හේතුවේ.

සැකසුම - නිමේශා හක්මනගේ 
                    BAMS (UoC). 

Friday, August 14, 2020

BPH - වයස්ගතවීමත් සමඟ පුරුෂයන්ට ඇතිවන රෝග (පළමු කොටස)


 

පුරස්ථි ග්‍රන්ථිය ( prostate gland )යනු පිරිමින්ගේ ප්‍රජනක පද්ධතියට අයත් ග්‍රන්ථියකි. මෙය මුත්‍රාශය පතුලේ ඇති කුඩා අවයවයකි. මෙම ග්‍රන්ථිය මගින් ශුක්‍රාණු වලට අදාල ස්‍රාවයන් නිපදවන අතර එය මුත්‍රාශයට මුදාහැර ශුක්‍රාණු තරලය හා මිශ්‍රව ශරීරයෙන් ශුක්‍රාණු සමග පිට කරයි.

වයස අවුරුදු 50ක් 55ක් පමණ වන විට පිරිමින්ගෙන් 25% පමණ පුද්ගලයින්ට පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත රෝගාබාධ හට ගනී. පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම ද මේ අතුරින් එක් රෝගයකි. ආයුර්වේදයේ සුශ්‍රැත සංහිතාවේ මුත්‍ර රෝග 12ක් දක්වා ඇත. ඉන් එකක් වන "වාතඅෂ්ඨිල" නමින් හඳුන්වනුයේ මෙම පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමේ රෝගයයි.


  • රෝගය ඇති වන අයුරු 
බොහෝ විට මෙයට හේතු ලෙස දක්වනුයේ වයසට යාමත් සමඟ ශරීරයේ සිදුවුන සිදුවන හෝමෝනමය වෙනස්කම්ය. පුරුෂයා සතුව පිරිමි හෝමෝනය වන ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය ට අමතරව ඉතා සුළු වශයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය ද පවතී. 

වයස්ගත වීමත් සමග රුධිරයේ ඇති ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය අඩු වීමක් සිදු වේ. ඊට සාපේක්ෂව ඊස්ට්‍රජන් වල වැඩි වීමක් වේ. මෙය පුරස්ථි ග්‍රන්ථියේ වර්දයනට හේතුවන ද්‍රවයන්හි ක්‍රියාකාරීත්වය ඉහල දැමීමට හේතු වන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇත.

මෙම ග්‍රන්ථිය ක්‍රමයෙන් විශාල වන්නට පටන් ගැනීමත් සමග මේ හරහා ගමන් කරන මුත්‍ර මාර්ගය අවහිර වෙයි. මෙසේ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම benign prostate hyperplasia (BPH ) තත්වය ලෙස බටහිර වෛද්‍ය ක්‍රමයේ දක්වයි. මෙය පිලිකාමය තත්වයක් නොවේ. නමුත් වයස් ගත වීමත් සමග පුරුෂයන් අතර බහුල රෝග තත්වයකි. මෙම රෝගය සෑදීමේ ප්‍රවණතාව ඇති අවදානම් කාණ්ඩ ලෙස වයස්ගත පුරුෂයන්, (අවුරුදු 45 ට වැඩි පුද්ගලයන් ) , අධික තරබාරු පුද්ගලයන් හා මෙම රෝගය සහිත පවුල් ඉතිහාසයක් ඇති කාණ්ඩ දැක්විය හැක .


  • රෝග ලක්ෂණ
* ප්‍රථමයෙන් පහළවන ලක්ෂණය වනුයේ මුත්‍ර කිරීමට ඇති අපහසුවයි.

* මුත්‍ර කිරීම ආරම්භ වනුයේ තරමක් ප්‍රමාද වීමෙන් අනතුරුවයි

* මුත්‍රා විදීම ඈතට සිදුනොවී ළඟින්ම මුත්‍ර විදීම සිදු වෙයි.

* මුත්‍රා විදින වේගයත් ඉතාමත් අඩුවෙයි.

* කඩින් කඩ මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වේ

* රාත්‍රී කාලයේදී කීප වතාවක් නැගිට මුත්‍රා කිරීම

* මුත්‍රා දැවිල්ල ඇති වීම .

* මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇති වූ විට ඒ වේලේම මුත්‍රා කිරීමට හදිසි ගතියක් දැනීම .

වැදගත්ම කරුණ වනුයේ වෙනත් රෝග සඳහා ද මෙම ලක්ෂණ ඇතිවිය හැකි වීමයි. උදාහරණ ලෙස මුත්‍රා ගල් වලදී , මුත්‍රා ආසාදන තත්ත්ව වලදී ද මෙම ලක්ෂණ හට ගනී. එම නිසා නිවැරැදිව රෝගය හඳුනා ගැනීම වැදගත් කරුණකි. රෝගය වෙන්කර හඳුනාගැනීම ගැනීම සඳහා විවිධ පරීක්ෂණ ඇත. 

මෙහිදී digital rectal examination හෙවත් ගුද මාර්ගය තුළින් ඇඟිල්ලක් යවා පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රමාණය හා ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබාගත හැක. ස්කෑන් පරීක්ෂාවක් මගින්ද හදුනාගත හැක.

තව ද PSA නමැති රුධිර පරීක්ෂාව ද සිදුකල හැක. මුත්‍රා ආසාදනයක් දැයි වෙන්කර හදුනා ගැනීමට මුත්‍රා සාම්පල පරීක්ෂාව සිදු කළ හැක. පිළිකාමය තත්ත්වයක් දැයි වෙන්කර ගැනීම සඳහා prostate biopsy පරීක්ශාව කිරීම මගින් නිවැරදි රෝග විනිශ්චයට පැමිණිය හැක.


සැකසුම - නිමේශා හක්මනගේ 
                    BAMS (UoC). 

Thursday, May 25, 2017

අක්ෂි රෝග






ලොව වෙසෙන සියලු සත්වයින් ඉපදී ජීවත් වී මිය යයි. සෑම පුද්ගලයෙක්ටම සහ ද්‍රව්‍යකටම අකමැත්තෙන් හෝ මේ න්‍යායට යටත් වීමට සිදු වේ. කිසිවකු දුක් විඳීමට කැමති නැත. මා මෙන්ම ඔබද සුව සේ ජීවත් වීමට කැමතිය. මෙහිදී ලෞකික දිවිය ගෙවන්නා සැපය ලෙස හඳුන්වනුයේ පසිඳුරන් පිනවීම සහ මනස පිනවීමය. එසේ නම් පසිඳුරන් පිනවීමට පංච ඉන්ද්‍රිය යහපත් අයුරින් පවත්වා ගත යුතුය. එවිට මනසද ඉබේම යහපත් වේ.

නමුත් මේ පසිඳුරන්ට කුමක් හෝ අශුභ දෙයක් වූවොත් එය අපගේ දිවි ගමනට භාධාවකි. එම අවයව රෝගී වීම හෝ විකෘති වීම මගින් ඉන් ලැබෙන ඵලය නොමැති වී යයි. අප විසින් ඒ අවයව වල උපදින රෝගාබාධ පිලිබඳව දැන සිටීම වටී. එසේ නම් අද අප මුල්ම සංවේදී අවයවයේ ඇති වන රෝග පිලිබදව කතා කරමු. මුලින්ම රෝග හේතු සහ ප්‍රබේධ පිලිබඳව දැන ගනිමු.

  • නේත්‍ර රෝග පොදු හේතු.


*අධික උෂ්ණයේ සිට විත් සැනින් ජලය ස්නානය කිරීම - තාප විපර්‍යාසය නිසා

*දුර පිහිටි දෙයක් දෙස බොහෝ වේලා බලා සිටීම - ඉන් ඇසට රුධිර සැපයුම අඩු වී ඇස දුර්වල වේ.
 
*දවල් නිදීම, රාත්‍රී නිදි වැරීම.
 
*බොහෝ වේලා හැඬීම - අනවශ්‍ය ලෙස නේත්‍රයෙන් කඳුලු ගැලීම නිසා ඇස වියලී කඳුලු නාල වියලී යයි.
 
*අධික කෝපය හා ශෝකය - ක්‍රෝමිසෝල් ස්‍රාවය වීම නිසා අඬන විට ඇස් රතු වේ. මෙය සෑම කෙනෙකුගේම නොපෙනේ. මෙසේ වන්නේ හෝමෝන බලපෑම නිසයි
 
*ඇසට පහර වැදීම - මෙවිට ඇස තැලේ.
 
*අධික මෙවුන්දම් සේවනය - ඇසට අවශ්‍ය රුධිර ප්‍රමාණය නොලැබී යයි.
 
*උෂ්ණ විදාහී දේවල් නිසා ඇස් වල කැසීම් ඇති වීම.
 
*කොල්ලු උඳු ආදිය අධික සේවනය.
 
*ඇසට අධිකව දුම් ඇල්ලීම.
 
*නිදා ගැනීම වැලැක්වීම.
 
*දූවිලි ආදිය ඇසට ප්‍රවේශ වීම.
 
*වමනය වැලැක්වීම හා වමනය අධික ලෙස පිට වීම - ඉන් ඇස් රතු වේ. රුධිර නාල වල පීඩනය වැඩි වේ. ඇසේ පීඩනයද වැඩි වේ.
 
*ඉතා සියුම් දේ දීර්ග කාලීනව ඇසුරු කිරීම.

යන මෙම හේතු දීර්ග කාලයක් ඇසුරු කිරීම නිසා නේත්‍ර රෝග උපදී.

ඉහත හේතු වලින් කිපෙන දෝෂ ශරීරයේ ශිරා සහ ධමනි ඇසුරු කර ඉන් හිසට ගමන් කොට නේත්‍රයේ විවිධ දරුණු රෝග උපදවයි. මෙහිදී විශබීජද දෝෂ කෝපයට හේතු වේ.

  • ඇස් ලෙඩක් වැළඳීගෙන එන බවට පෙර නිමිති.


1) ඇසේ කඳුලු පිරී බොර පාටට අපහැදිලි අඳුරු පාටින් පෙනීම
 
2) මද ලෙස ඉදිමුම.
 
3) කඳුලු ගැලීම.
 
4) කබ බැඳීම.
 
5) ඇසේ බර බව.
 
6) දැවිල්ල, වේදනාව.
 
7) ඇදුම් කෑම.
 
8) ඇස රතු වීම.

යන මේවා මද වශයෙන් පහල වේ.

වර්ත්ම කෝපයකදී ශූලය පහල වේ. තවද,
 
*ඇසේ පිරුණාක් වැනි දැනීම.

*විවිධ වර්ණ පෙනීම.
 
*පෙර පරිදි ඇස ක්‍රියා කිරීමට අපහසු වේ.
 
*එනම් ඇසිපිය චලන විකෘති රූප දැකීමේ විකෘති ඇති වේ.

  • නේත්‍ර රෝග සංඛ්‍යා.


නේත්‍ර රෝග සම්පූර්ණ ප්‍රමාණය 76කි.
 
මෙම ප්‍රමාණය නේත්‍රයේ රෝග ඇති වන ස්ථානය අනුව ප්‍රභේද වේ.

නේත්‍ර සංධි ඇසුරු කොට රෝග - 09
 
වර්ත්ම මංඩල ගත රෝග - 21
 
ශුක්ල ගත රෝග - 11
 
කෘෂ්ණ මංඩල ගත රෝග -04
 
සර්ව නේත්‍ර ගත -17
 
දෘෂ්ටි ගත රෝග -02
 
භාහ්‍ය රෝග -02


මූලාශ්‍රය : Indigenous Medical Treatment Center Facebook group