- උද්භිත විද්‍යාත්මක නාමය.
- Coleus zeylanicus (benth) cramer
- කුලය.
- සිංහල -ඉරිවේරිය
- දෙමල -වෙට්ටියර්
- සංස්කෘත -වාලකන්
ඉරිවේරිය ලංකාවට ආවේනික වූ පැලෑටියකි.මෙය දේශීය වෙදකමේ බහුලව යොදාගන්නා අතර එයටම ආවේණික සුගන්ධය නිසා පහසුවෙන් හඳුනාගත හැකිය. සෙන්ටිමීටර 60 ත් 90 පමණ උසට වැඩෙන ශාකය පඳුරු වශයෙන් වර්ධනය වේ.මෙම ශාකය ලංකාවේ කඳුරට පහත්බිම් ආශ්‍රිතව හා පහතරට පහත්බිම් ආශ්‍රිතව බහුලව දැකගත හැකිය.අත්බෙහෙතක ් ලෙසද බහුලව යොදාගන්නා ඉරිවේරිය උදරය ආශ්‍රිත රෝග සඳහා විශේෂයි.
* ඉරිවේරිය ශාකය දේශීය වෛද්‍ය ක්‍රමය තුළ බහුලව යොදා ගැනෙන සුගන්ධවත් ඖෂධයකි.
* මෙහි සාමාන්‍යයෙන් දණ්ඩ රත් පැහැ වේ.
* මධ්‍යම හා පහතරට ප්‍රදේශවල සරුවට වැඩේ.
* බහු වාර්ෂික පැලෑටියකි.
* සෙවණ ප්‍රිය කරන මෙම ශාකය ඖෂධ ලෙස සහමුලින්ම භාවිතාවට ගනී.
* තිත්ත හා ක්ෂාය රසයෙන් යුක්තය.
* ඉරිවේරිය ශීත ගුණයෙන් යුක්ත වේ.
* පිත් රෝග හා සෙම් රෝග නසයි,ආහාර දිරවීම ඉතා හොඳින් සිදුකරයි.
* මෙහි සාමාන්‍යයෙන් දණ්ඩ රත් පැහැ වේ.
* මධ්‍යම හා පහතරට ප්‍රදේශවල සරුවට වැඩේ.
* බහු වාර්ෂික පැලෑටියකි.
* සෙවණ ප්‍රිය කරන මෙම ශාකය ඖෂධ ලෙස සහමුලින්ම භාවිතාවට ගනී.
* තිත්ත හා ක්ෂාය රසයෙන් යුක්තය.
* ඉරිවේරිය ශීත ගුණයෙන් යුක්ත වේ.
* පිත් රෝග හා සෙම් රෝග නසයි,ආහාර දිරවීම ඉතා හොඳින් සිදුකරයි.
උණ රෝගයේදී ප්‍රධාන වශයෙන් භාවිතා කරයි,බඩගින්න අඩුකමට, අතීසාරයට, සන්නි රෝගවලට ද භාවිතා කරයි,රත්පිත් රෝගවලදී (සිරුරේ ඇතිවන දැවිල්ල, උෂ්ණ ගතිය, දාහය වැනි අවස්ථා) භාවිතා වේ,පිපාසය මර්ධනය කිරීමට ආහාර රුචිය වැඩීමට හා අර්ශස් රෝග සුව කිරීමට යොදාගනු ලැබේ.
- වමනය.
*ඉරිවේරිය මුල් ක්ෂාය කර බොන්න.
*ඉරිවේරිය ශාකය සහමුලින් ගෙන එහි යුෂ මී පැණි සමඟ බොන්න.
*ඉරිවේරිය ශාකය සහමුලින් ගෙන එහි යුෂ මී පැණි සමඟ බොන්න.
- අතීසාරය.
*ඉරිවේරිය යුෂ එය ගිනියම් යකඩ කැබැල්ලක් දමා එම ඉස්ම බොන්න දෙන්න.
*ඉරිවේරිය මුල් ක්ෂාය කර බොන්න.
*ඉරිවේරිය, ඉඟුරු, කලාඳුරු අල ක්ෂාය කර බොන්න.
- ලේ අතීසාරයට.
*ඉරිවේරිය, කලාඳුරු අල, බෙලිගැට මද ක්ෂාය කර බොන්න.
- බඩේ කැක්කුමට.
*ඉරිවේරිය දලු, අමු ඉඟුරු සමව ගෙන කොටාගත් යුෂට රත් කළ යකඩ කැබැල්ලක් දමා රත් වූ පසු බීමට ගන්න.
- ශරීර දාහයට.
*ඉරිවේරිය මුල් හා පත්‍ර තැම්බූ වතුර පානයට දෙන්න.
- අර්ශස් රෝගයට.
*ඉරිවේරිය හා රතු ලූණු සමානව ගෙන වණ්ඩුවේ තම්බා එම යුෂ බීමට ගන්න.
- ශීර්ෂ රෝගවලට.
*ඉරිවේරිය යුෂ යොදා සාදාගන්නා ලද තෙල් වර්ග ශීර්ෂ රෝගවලට ගුණදායක වේ,කෙස් වර්ධනය කරයි.
- ඇස් රෝගවලට ද සුදුසුයි,ඇස් කැසීම දුරු කරයි
මූලාශ්‍රය : වෙදකම-WEDHAKAMA
0 comments:
Post a Comment