Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Thursday, May 25, 2017

හැඩකාර ජවසම්පන්න තරුණ සිරුරක් ඔයාටත් ඕනිද?




එහෙනම් ජපනුන්ගේ මේ ආහාර පුරුදු 7 අනුගමනය කරලා බලන්නකෝ.... 

ජපන් ජාතිකයින්ගේ වයස මූණ බලලා කියන්න පුලුවන්ද? බැහැ නේද ? ඔවුන් සාමාන්‍යයෙන් වසර 80 – 100 අතර ආයුකාලයක් ජීවත් වෙනවා. ලෝකයේ සෞඛ්‍ය සම්පන්න ජාතිය ජපනුන් කියලා තමා වාර්ථා වෙන්නේ...

ඔවුන්ගේ දීර්ඝායු ලබන රහස් තමා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, තරබාරු නොවීම හා මානසික ආතති වලක්වන ක්‍රම යොදා ගැනීම. ඉතින් මේ අතරින් හැඩට ඉන්න ජපන් කෑම රටා 7 ක් ගැනයි කියන්න යන්නේ,

01. නොපිසූ ආහාර ගැනීම

ජපන් ජාතිකයින් වැඩියෙන් කැමති අමුවෙන් ම කන්න පුලුවන් ආහාර රසයට. කිසිම රසකාරකයක් කුලු බඩුවක් නොදා ආහාරයට ගන්න නිසාත් තාපයට ලක් නොවන නිසාත් ආහාරයේ සම්පූර්ණම පෝෂණය ඇගට උරා ගන්නවා. උදාහරණයක් තමා සශිම් කියන ජපන් අමු මාලු පෙති ආහාරය...


02. මුහුදු ආහාර ගැනීම

ජපානයේ පුද්ගලයෙක් වසරකට මුහුදු ආහාර කිලෝග්රෑම් 55.7 ක් කනවලු. හරියට අපි බත් කනවා වගේ නේද? මුහුදු පැළෑට් වල මල්ටි විටමින්, කැල්සියම්, යකඩ, විටමින් සී, තන්තු, බීටා කැරොටින් බහුලයි. මේ ඛණිජ පෝෂක හෘදයට හිතකර නිසා ජපානයේ හාට් ඇටෑක් අනිත් රටවල් වල වගේ බහුල නෑ....ඒවාගේම මත්ස්‍ය මේදය ප්‍රසන්න පෙනුමට හා පිළිකා වලට ප්‍රතිවිරුද්ධවත් ක්‍රියාකාරී වෙනවා. මේ මුහුදු පැළෑටි සමේ රැලි වැටීම නවත්වන හොද ඔසුවකුත් වෙනවා....


03. ග්‍රීන් ටී පානය

ජපානයේ ආහාර වේලක් අවසානයේ හරිත තේ කෝප්පයක් බොනවා කියලා ඔයාලා දන්නවාද? මේක නිසා ආහාර ජීරණය හොදින් වෙනවා විතරක් නෙවෙයි සිරුරේ කැලරි ප්‍රමාණය වැඩිවෙලා මහත් වීමත් වලක්වනවා. එහෙනම් කෙට්ටු වෙන්න හිතන් ග්‍රීන් ටී බෙනවා නම් බොන්නන් වාලේ නොබී කෑම වේල් අතරතුර ම ගන්න පුරුදු වෙන්න. වෙනස අත්දැකලම බලන්න...



04. බඩ පිරෙන්න කලින් ආහාර ගැනීම නැවැත්වීම

අපිට නම් මේක පුදුම දෙයක් නේද? කන්නේ බඩපිරෙන්න නම් මොකට බාගෙට කනවද හිතෙන්න පුලුවන්. නමුත් සම්පූර්ණයෙන් ම බඩ පිරෙන්න ලගයි කියලා දැනෙද්දී කෑම ගැනීම ජපන් ජාතිකයෝ නවත්වන්නේ ඒකෙන් සිහින් ජවසම්පන්න සිරුරක් ලබා ගන්න. අනික කාලා කාලා ඉස්මුරුත්තාව වුණාම එන කම්මැලි දවසේ වැඩ පාඩු කරනවා වගේ දේවල් ජපන් ජාතිකයින් ට  නැත්තෙත් මේ නිසානේ....


05. සුෂී ට්‍රික්

සුෂී කියන්නේ ජපානයේ ප්‍රසිද්ධ කෑම වට්ටෝරුවක්. ඔමේගා 3 fatty acid බහුල මේ ආහාරය මොළයට හා හදවතට ගොඩාක් හිතකරයි. මේක හදාගන්නේ මාලු, මුහුදු පැළෑටි හා එළවලු එකතු කරලා. මේකට රසකාරක හෝ සෝස් වර්ග මුකුත් නොයොදා ගන්න ඕනෙ. අපිට අමු මාලු කාලා පුරුද්දක් නැති වුණත් සතියකට වරක්වත් තෙල් සහිත මාලු වර්ගයක් රසකාරක රහිතව තම්බලාවත් කනවා නම් හදවත හා මොලයේ පෝෂණයට හිතකරයි....


06. සෞඛ්‍යයට හිතකර බැක්ටීරියා ලබාගැනීම

ජලන් ජාතිකයෝ පැසුනු ආහාර අනුභව කරන්න පුරුදු වෙලා ඉන්නේ ඔරීරයට හිතකර බැක්ටීරියාවනුත් එමගින් ශරීරයට ඇතුලු වෙන නිසා. එමගින් ආහාර ජීරණය වගේ ම ජීර්ණ පද්ධතියක් පිරිසිදු කරලා පෝෂක උරා ගැනීම වැඩි කරනවා. රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවත් මේකෙන් වැඩි වෙනවා....


07. උණු දිය උල්පත්වල නෑම

මේක ආහාර රටාවක් වුණේ කොහොමද කියලා හිතෙනවාද? ජපානයේ ගිනිකදු ආශ්‍රිතව තියෙන උණු දිය උල්පත් වල ඛණිජ, විටමින් හා තවත් පෝෂක අඩංගුයි. මේවාට බැහැලා නානකොට ජලයේ තියෙන පෝෂක ශරීරයට උරා ගන්නවා.

ඔන්න ඔහොම තමයි ජපන්නු එයාලගේ සිහින් හැඩකාර සිරුර වගේ ම ජවයත්, තරුණ පෙනුමත් රැකගන්නේ.....


 මූලාශ්‍රය : අන්තර්ජාලය ඇසුරෙනි


Please Give Us Your 1 Minute In Sharing This Post!
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →
Powered By: Nirosha SoftNet

0 comments:

Post a Comment