Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Showing posts with label හෙළ ඔසු. Show all posts
Showing posts with label හෙළ ඔසු. Show all posts

Thursday, May 25, 2017

ඔසප් රෝග නසන හාතාවාරිය



විශේෂ ගුණපැරැණි ආයුර්වේද මූලග්‍රන්ථවල හාතාවාරිය වයස්ථාපන ඔෟෂධයක් ලෙස දක්වා ඇත. එහි අදහස වන්නේ හාතාවාරිය යොදාගෙන පිළියෙල කරනු ලබන විශේෂ ඔෟෂධ මඟින් යමකුගේ වයස්ගත වීම ප්‍රමාද කළ හැකි බවයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ වයස්ගත වීමත් සමඟ ඇතිවන විවිධ අපහසුතා මඟහරවා ගැනීමට හාතාවාරියවලට පුළුවන්. සම රැලිවැටීම, විඩාබර බව සහ ශරීරයේ වාතදෝෂය ප්‍රමුඛ වීමෙන් ඇතිවන දුර්වලතාවන් අවම කිරීමට හාතාවාරිය අනගි ඔෟෂධයකි.එසේම හාතාවාරිය ‘බල කාරක’ ඔෟෂධයක් ලෙසත් රසායන ඔෟෂධයක් ලෙසත් ප්‍රසිද්ධය. වයස්ගත වීමත් සමඟ කාන්තාවන්ගේ ඔසප් නතරවීමෙන් ඇතිවන විවිධ අපහසුතා සහ දුර්වලා මඟහරවා ගැනීමටත් හාතාවාරිය ප්‍රත්‍යක්ෂ ඔෟෂධයකි.

විශේෂ ගුණ : 

පැරැණි ආයුර්වේද මූලග්‍රන්ථවල හාතාවාරිය වයස්ථාපන ඔෟෂධයක් ලෙස දක්වා ඇත. එහි අදහස වන්නේ හාතාවාරිය යොදාගෙන පිළියෙල කරනු ලබන විශේෂ ඔෟෂධ මඟින් යමකුගේ වයස්ගත වීම ප්‍රමාද කළ හැකි බවයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ වයස්ගත වීමත් සමඟ ඇතිවන විවිධ අපහසුතා මඟහරවා ගැනීමට හාතාවාරියවලට පුළුවන්. සම රැලිවැටීම, විඩාබර බව සහ ශරීරයේ වාතදෝෂය ප්‍රමුඛ වීමෙන් ඇතිවන දුර්වලතාවන් අවම කිරීමට හාතාවාරිය අනගි ඔෟෂධයකි.

එසේම හාතාවාරිය ‘බල කාරක’ ඔෟෂධයක් ලෙසත් රසායන ඔෟෂධයක් ලෙසත් ප්‍රසිද්ධය. වයස්ගත වීමත් සමඟ කාන්තාවන්ගේ ඔසප් නතරවීමෙන් ඇතිවන විවිධ අපහසුතා සහ දුර්වලා මඟහරවා ගැනීමටත් හාතාවාරිය ප්‍රත්‍යක්ෂ ඔෟෂධයකි.

  • කිරි නිපදවීම වැඩිකිරීමටත් පුළුවන්

කිරි දෙන මවුවරුන්ට කිරි හොඳින් එරීම සඳහා භාවිත කරන ඔෟෂධවලට හාතාවාරිය අයත් වෙනවා.
එමෙන්ම කාන්තාවන්ගේ කෘශ බව මඟහරවා ගැනීමටත් පියයුරු වර්ධනය කිරීමටත් හාතාවාරියවලට පුළුවන්.

  • ඔෟෂධ වශයෙන් භාවිත කරන කොටස්

හාතාවාරිය ශාක යේ ප්‍රධාන වශයෙන්ම ඔෟෂධ සඳහා යොදාගනු ලබන්නේ මුල් අලය. පෙර කී ඔෟෂධ නිපදවීම යොදාගනු ලබන්නේ මෙම මුල්ය. මුල් විශාල සංඛ්‍යාවක් තිබෙන බැවින් ශතමූලී ලෙසද හාතාවාරිය හඳුන්වයි.

  • හාතාවාරිය කොළ කැඳ

මීට අමතරව හාතාවාරිය කොළ ‘කොළ කැඳ’ පිළියෙල කිරීම සඳහා යොදාගනී. හාතාවාරිය කොළ පොල් සමඟ කොටා යුෂ මිරිකාගෙන එයට කැකුළු හාල් ස්වල්පයක් දමා උයා කොළ කැඳ පිළියෙල කරගත හැකිය. මෙය රසවත්, මෙන්ම ගුණදායක ආහාරයක්. රෝග කීපයකටම ගුණදායක වේ.

විශේෂයෙන්ම කෙට්ටු අය පුෂ්ටිමත් කිරීමටත්, පිත බහුලවීමෙන් ශරීරයේ ඇතිවන දැවිල්ල, අධිකව දහදිය දැමීම අඩුකරන අතර කාන්තාවන්ගේ ඔසප් දෝෂවලටද ගුණදායකය. කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නතරවීමට ආසන්න කාලයේදී සහ ඔසප් චක්‍රය නතරවීමෙන් ඇති වන ශාරීරික අපහසුතා අවම කිරීමටත් මෙම හාතාවාරිය කොළ කැඳ වටිනා ඔෟෂධයකි.

  • රසායනික සංයුතිය

හාතාවාරිය මුල්වල අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී රසායන ද්‍රව්‍ය වන්නේ Shatavarin රසායන කාණ්ඩයකි. මෙහි සංයෝග ගණනාවක් අඩංගු වේ. මීට අමතරව Steroidal Sapoin, Isoflavones, Asparagamine සහ Racemosal යන රසායනිකයන් අඩංගු වේ. හාතාවාරිය කොළවල Diosgenin නම් රසායනිකයක් අඩංගු වේ.

  • නවීන පර්යේෂණාත්මක සොයාගැනීම්

හාතාවාරිය අල යොදාගෙන කරනු ලැබූ පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ හාතාවාරිය මඟින් යමකුගේ ප්‍රතිශක්තිය වර්ධනය කරනු ලබන බවයි. එසේම ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා ආයුර්වේදයේ කියනු ලබන ‘වයස් ස්ථාපන’ ගුණය හාතාවාරියවලට ඇති බවද සනාථ වේ. මීට අමතරව ආහාර මාර්ගය ආශ්‍රිත ඇතිවන තුවාල සුව කිරීමටත් හාතාවාරියවලට පුළුවන් (Anti Ulces Activity). මේ නිසා Peptic Ulcer යන රෝග සඳහාද හාතාවාරිය ගුණදායකයි. ආතතිය අඩුකිරීමටත් (Adaptogenic) හාතාවාරිය සුදුසුයි.


  • ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන ක්‍රියාකාරීත්වයක්
හාතාවාරියවල අඩංගු ප්‍රධාන සංඝටකවල ක්‍රියාකාරිත්වය කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වයට සමානකමක් දක්වයි. මේවා Steroid කාණ්ඩයට අයත් නොවේ. මේ නිසා හාතාවාරිය අඩංගු ඔෟෂධ කාන්තාවන්ගේ ඔසප් දෝෂවලටද ආර්ථවාභාවය (Menopause) හා සම්බන්ධ අපහසුතාවලටත් සුවදායකයි.

විශේෂයෙන්ම ආර්ථවාභාවය නිසා ඇතිවන නොසන්සුන් බව හෘදයේ අධි ක්‍රියාකාරිත්වය, නින්දට ඇතිවන බාධාව, මුහුණ රතුවීම Hot Flushes රාත්‍රියේ දහදිය දැමීම, විඩාබර ගතිය හා පියයුරුවල ඇතිවන වේදනා ආදිය හාතාවාරිය අඩංගු ඔෟෂධවලින් අවම වේ.
තවත් වැදගත් කාරණයක් වන්නේ කාන්තාවන්ගේ ආර්ථවාභාවයට පසුව ඇතිවිය හැකි අස්ථි දිරායෑම පාලනයටත් හාතාවාරිය ගුණදායක ඔෟෂධයකි.

  • සමේ පැහැපත් බවටත් හාතාවාරිය
හාතාවාරිය සමේ පැහැපත් බව ඇතිකරනවා. හාතාවාරිය කොළ කොටා මිරිකා ගන්නා යුෂ එළකිරි සමඟ පානය කිරීමෙන් සුන්දර සමක් ඇතිවෙනවා. හාතාවාරිය ස්වරස මීපැණි සමඟ බීමෙන් මුඛයේ ඇතිවන උෂ්ණ බිබිළි, තුවාල ආදියත් සුවවෙනවා.
  • ඔසප් වීමේදී වැඩිපුර රුධිරය පිටවනවිට
සමහර කාන්තාවන්ට ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවන අවස්ථා තිබෙනවා. මේ සඳහා බොහෝ හේතු තිබෙන්න පුළුවන්. එහෙත් හාතාවාරිය මඟින් ඒ තත්ත්වය සුව කරගත හැකියි.

• කුඹුක් පොතු, අරළු, නෙල්ලි සහ හාතාවාරිය අලවලින් පිළියෙල කරගන්නා ඔෟෂධ බීමෙන් අධික රුධිර වහනය සුවවේ.

• වෙනිවැල්ගැට, නෙල්ලි, හාතාවාරිය අල තැම්බූ කෂායෙන්ද ඉහත රෝග අවස්ථාවට සුවය ලැබේ.
නිතර නිතර ඇතිවන මුත්‍රා දැවිල්ලට

• කාන්තාවන් සමරුන්ට නිතර නිතර මුත්‍රා දැවිල්ල ඇතිවන අවස්ථා ඇත. අලුත විවාහපත් වූ යුවතියන්ද මෙසේ මුත්‍රා දැවිල්ල ඇති වූ විට හාතාවාරිය අල, ඉරමුසු, පොල්පලා තම්බා බීමෙන් මුත්‍රා දැවිල්ල සුව වේ.

  • ශරීරයේ දැවිල්ලට
උෂ්ණ කාලවලදීද සමහර විට වැඩිපුර දහදිය දමන අවස්ථාවලද ඇඟේ දැවිල්ල ඇතිවන අය සිටිති.
මෙයට හේතුව පිත දෝෂය වැඩිවීමයි.

මේ අවස්ථාවේ හාතාවාරිය අල, ඉරමුසු, සුදුහඳුන් හා ඉරිවේරිය යන ඒවා කෂායක් වශයෙන් හෝ තම්බා පානයක් වශයෙන් ගැනීමෙන් ශරීරයේ දැවිල්ල අඩුවේ.
  • ශරීරය පෘෂ්ටිමත් වීමට
සමහර තරුණියන් කෙතරම් ආහාර ගත්තද ශරීරය ඉතාම කෘශයි. (කෙට්ටුවයි.) මෙවැනි අවස්ථාවක ඇයගේ කුසගින්න හොඳ තත්ත්වයේ පවතී නම් හාතාවාරිය අල චූර්ණය තේ හැඳි 01ක් පමණ එළකිරි හෝ ගිතෙල් සමඟ දිනපතා දෙවරක් බැගින් ගැනීමෙන් පුෂ්ටිමත් වේ.

මෙසේ හාතාවාරිය නම් වූ ඔෟෂධීය ශාකය සම පැහැපත් කිරීමේ සිට විශේෂයෙන්ම කාන්තා රෝග ගණනාවකට ප්‍රතිඵලදායක වටිනා ඔෟෂධයක් බව පෙනේ.
මෙවැනි හාතාවාරිය අඩංගු ඔෟෂධ විශාල සංඛ්‍යාවක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිත වේ. 


මූලාශ්‍රය : 

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය

හෙළඔසු හදුනාගනිමු - ඉරිවේරිය


  • උද්භිත විද්‍යාත්මක නාමය.
 - Plectranthus zeylanicus benth

 - Coleus zeylanicus (benth) cramer

  • කුලය.
 - LAMIACEAE (LABIATAE) තුලසි

  • සිංහල -ඉරිවේරිය
  • දෙමල -වෙට්ටියර්
  • සංස්කෘත -වාලකන්

ඉරිවේරිය ලංකාවට ආවේනික වූ පැලෑටියකි.මෙය දේශීය වෙදකමේ බහුලව යොදාගන්නා අතර එයටම ආවේණික සුගන්ධය නිසා පහසුවෙන් හඳුනාගත හැකිය. සෙන්ටිමීටර 60 ත් 90 පමණ උසට වැඩෙන ශාකය පඳුරු වශයෙන් වර්ධනය වේ.මෙම ශාකය ලංකාවේ කඳුරට පහත්බිම් ආශ්‍රිතව හා පහතරට පහත්බිම් ආශ්‍රිතව බහුලව දැකගත හැකිය.අත්බෙහෙතක් ලෙසද බහුලව යොදාගන්නා ඉරිවේරිය උදරය ආශ්‍රිත රෝග සඳහා විශේෂයි.

* ඉරිවේරිය ශාකය දේශීය වෛද්‍ය ක්‍රමය තුළ බහුලව යොදා ගැනෙන සුගන්ධවත් ඖෂධයකි.
* මෙහි සාමාන්‍යයෙන් දණ්ඩ රත් පැහැ වේ.
* මධ්‍යම හා පහතරට ප්‍රදේශවල සරුවට වැඩේ.
* බහු වාර්ෂික පැලෑටියකි.
* සෙවණ ප්‍රිය කරන මෙම ශාකය ඖෂධ ලෙස සහමුලින්ම භාවිතාවට ගනී.
* තිත්ත හා ක්ෂාය රසයෙන් යුක්තය.
* ඉරිවේරිය ශීත ගුණයෙන් යුක්ත වේ.
* පිත් රෝග හා සෙම් රෝග නසයි,ආහාර දිරවීම ඉතා හොඳින් සිදුකරයි.
උණ රෝගයේදී ප්‍රධාන වශයෙන් භාවිතා කරයි,බඩගින්න අඩුකමට, අතීසාරයට, සන්නි රෝගවලට ද භාවිතා කරයි,රත්පිත් රෝගවලදී (සිරුරේ ඇතිවන දැවිල්ල, උෂ්ණ ගතිය, දාහය වැනි අවස්ථා) භාවිතා වේ,පිපාසය මර්ධනය කිරීමට ආහාර රුචිය වැඩීමට හා අර්ශස් රෝග සුව කිරීමට යොදාගනු ලැබේ.


  • වමනය.
*ඉරිවේරිය මුල් ක්ෂාය කර බොන්න.
*ඉරිවේරිය ශාකය සහමුලින් ගෙන එහි යුෂ මී පැණි සමඟ බොන්න.

  • අතීසාරය.

*ඉරිවේරිය යුෂ එය ගිනියම් යකඩ කැබැල්ලක් දමා එම ඉස්ම බොන්න දෙන්න.
*ඉරිවේරිය මුල් ක්ෂාය කර බොන්න.
*ඉරිවේරිය, ඉඟුරු, කලාඳුරු අල ක්ෂාය කර බොන්න.


  • ලේ අතීසාරයට.

*ඉරිවේරිය, කලාඳුරු අල, බෙලිගැට මද ක්ෂාය කර බොන්න.


  • බඩේ කැක්කුමට.

*ඉරිවේරිය දලු, අමු ඉඟුරු සමව ගෙන කොටාගත් යුෂට රත් කළ යකඩ කැබැල්ලක් දමා රත් වූ පසු බීමට ගන්න.


  • ශරීර දාහයට.

*ඉරිවේරිය මුල් හා පත්‍ර තැම්බූ වතුර පානයට දෙන්න.


  • අර්ශස් රෝගයට.

*ඉරිවේරිය හා රතු ලූණු සමානව ගෙන වණ්ඩුවේ තම්බා එම යුෂ බීමට ගන්න.


  • ශීර්ෂ රෝගවලට.

*ඉරිවේරිය යුෂ යොදා සාදාගන්නා ලද තෙල් වර්ග ශීර්ෂ රෝගවලට ගුණදායක වේ,කෙස් වර්ධනය කරයි.


  • ඇස් රෝගවලට ද සුදුසුයි,ඇස් කැසීම දුරු කරයි


 මූලාශ්‍රය : ‎වෙදකම-WEDHAKAMA-WDK Facebook group


Wednesday, July 8, 2015

යුග දිවියේ මිහිර මවන හෙල ඔසු






     ආයුර්වේදය යනු ජීවිතය පිළිබද උගන්වන විද්‍යාවයි. ආයුර්වේදයේ පරමාර්ථය ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන චතුර් වර්ග සම්පත්තිය සාධනය කොට මානව වර්ගයාගේ මෙලොව හ පරලොව ජීවිතය සුඛිත මුදිත කිරීමයි. අද සමාජයේ බොහෝ පුරුෂයනට ඇති ප්‍රධානත ම ප්‍රශ්නය වන්නේ නම් ක්ෂණිකව ශුක්‍ර මෝචනය යි. ඒ නිසා දීර්ඝ වේලාවක් මෛථුන සේවනයේ යෙදීමට බොහෝ ආයුර්වේද ඖෂධ ඇත.


  • ආකාරකරභාදි වටිය (කුංකුමාදි වටිය)
අක්‍රවිට්ටා, තිප්පිලි, වියළි ඉගුරු, සාදික්කා, කපුකිණිස්ස ඇට, කරාබු නැටි, කුංකුමප්පු, සුදු හදුන් ග්‍රෑම් 15 බැගින් ද අබිං ග්‍රෑම් 60 ක් ද ගෙන පලමුව උණු දියෙන් අඹරා දෙවනුව මීපැණියෙන් අඹරා මදටිය 2 ප්‍රමාණයට ගුලි කොට වරකට ගුලියක් බැගින් ගන්න.
  • සියඹලා ඇට මද වටිය
සියඹලා ඇට දින කිහිපයක් ජලයේ බහා තැබීමෙන් පසු පොත්ත පහසුවෙන් ඉවත් කර ගැනීමෙන් පොත්ත ඉවත් වේ. එම මදය වියළා කුඩු කොට පළමුව උණු දියෙන් ද දෙවනුව මී පැණියෙන් ද අඹරා කඩල ඇටයක් තරමට ගුලිකොට වරකට ගුලි 3 ක් බැගින් ගන්න
  • මදන මෝදකය
ඉගුරු, ගම්මිරිස්, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, කර්කටක ශෘංගී, කොට්ටම්, කොත්තමල්ලි, සවිද ලුණු, ඉගුරු පියළි, තලිස් පතුරු, කට්ඵල, නාමල් රේණු, අසමෝදගම් වැල් මී, උළුහාල්, සූදුරු, කළුදුරු යන මේවා සමභාග ගෙන බරට බරක් ගිතෙලින් බැද ගත් කංසා ඇට හා කොළ ගත යුතුය. ඒ සියල්ල බරට සීනි ගත යුතුය. ත්‍රි සුගන්ධි හා කපුරු මෙන් ම මී පැණි ගිතෙල් ද පමණට යොදා මෝදක පරිභාෂාව අනුව සාදා ගත යුතුය. මාත්‍රාව ග්‍රෑම් 1-2 දක්වා ගත යුතුය.
  • කාමේශ්වරී මෝදකය
මදන මෝදකයට බොහෝ සෙයින් සමානය.
  • එළු අණ්ඩ
එළුවෙකුගේ අණ්ඩ කෝෂය ගෙන තිප්පිලි සුනු හා සවිද ලුණු දමා ගිතෙලින් බැද ආහාරයට ගත යුතුය.


මූලාශ්‍රය - ආයුර්වේදයේ ජීවන දර්ශනය (වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම)