Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Showing posts with label යුග දිවිය. Show all posts
Showing posts with label යුග දිවිය. Show all posts

Friday, August 21, 2020

ආයුර්වේදය හා ගර්භනීහාවය




ආයුර්වේදයේ ගර්භනීය තෙල් පිරවූ කළයකට සමාන කරනු ලබයි. තෙල් නොසැලෙන සේ බදුන නොසෙල්වා තබා ගන්නේ කෙසේද ගර්භනිය ද ඒ අයුරින්ම ආරක්ශා කල යුතුයි. මවගේ හැසිරීම් හා සිතුවිලි අනුව දරුවාගේ හැසිරීම් සිතුවිලි හැඩ ගැසීම සිදු වන නිසා ගර්භනී කාලය පුරා මව සතුටින් සිටීම වැදගත් වේ. ගර්භනී කාන්තාවක් ඇයගේ ජීවන රටාව, ආහාර රටාව, විහරණ රටාව ගර්භනිභාවය අනුව සකසා ගත යුතුයි. 

දරුවාගේ යහපත් මානසික තත්වය උදෙසා මව ගර්භනී සමයේදි ආගමික කටයුතු වල යෙදීම වැදගත් වේ. ආයුර්වේදය ට අනුව මෙමගින් දරුවාගේ රජස් හා තමස් ගුණයන් යටපත් වී සත්ව ගුණය වඩා ඉස්මතු වේ. 

මව විසින් ඉතා උස් නොවූ මිටි නොවූ ආසන , ඇදක් භාවිතා කල යුතුයි. ඇද ඇතිරිලි මෙට්ට මෘදු විය යුතුයි. ඒවා මවට අපහසුවක් ඇති නොකල යුතුයි. ගර්භනිය ඇදිය උතු ඇදුම් පිලිබද සදහන් කිරිමේදී සුදු හෝ ලා පැහති බව දක්වා ඇත. තද ඇදුම් ඇදීමේන් උදරය තද වී amonitic fluid තෙරපීමෙන් miscarriage විය හැක. 

රතු පාට අදින්න එපා ලෙස දක්වන්නේ මුල් කාලයේදි threatened abortion එකක් වෙන්න යනව නම් මුලින්ම යෝනි මගින් පිටවන්නනේ ඉතා රතු පාට ස්‍රාවයක් වගෙ දෙයකි. ලා පැහැති ඇදුමක් ඇන්ද විට මුල්ම අවස්තාවේ දි එම sign එක හදුනගෙන මවට bed rest කිරීමට උපදෙස් ලබා දී ශතාවරී ජටාමාංශ වැනි ඖශධ ලබා දී ගර්භ ස්‍රාවය වලක්වා ගත හැක. තව ද මව පාවට්ට කොල එඩරු කොල නික කොල වැනි කොල තම්බා ස්නානය කිරීමද සුවද ඒම ට රෝස පෙති සැවන්දරා මුල් සුදු හදුන් ආදිය භාවිතා කලහ. 

ගර්භනී කාලයේ මුල් මාස තුන යනු ඉතා අපහසු කාලයක් වේ. අපගේ ශරිරය ට ආගන්තුක ද්‍රව්‍යක් (ශුක්‍රාණු) ඇතුල් වීම නිසා හටගත් කලලය නිසා ශරීරයේ විවිද හෝර්මෝනමය වෙනස්කම් ඇති වේ. මේ නිසා මව ට විවිද සන්කූලතාවන් හා අපහසුතාවන් හට ගනී. වමනය , ක්ලාන්තය , ඇගේ බර බව නිදිමත ගතිය කේන්තිය ආදී එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට අපහසුතාවන් ඇති වේ. මව ආගමික කටයුතු වල නිරත වීමේදි මෙවනි සන්කූලතා වලින් හිත මදකට ඉවත් වීම නිසා සැහැල්ලුවක් ඇති වේ. 

ආයුර්වේදය ට අනුව ගර්භයක් ඇති වනුයේ ශුක්‍රාණු (sperm) , ශ්‍රෝනිත (ovum ) හා ජීව යන ත්‍රිත්වයන්ගේ සංයෝගයෙනි. මෙම ජීව කොටස අකුසල කර්ම කරන ලද කොටසක් නම් මෙසේ ආගමික කටයුතු වල නිරත වීමෙන් එහි පින් බලයෙන් ගර්භයේ රදා පැවත්ම තහවුරු වේ. (එනම් miscarriage වීමට ඇති chance එක අඩු වේ). 

ගර්භනී මවකට මුල් මාසයේදි එලකිරි පානය සුදුසු බව ආයුර්වේදයේ දක්වයි. එසේම මුල් මාස තුනේදී ක්ලාන්තය ඔක්කාරය කටට කෙල ඉනීම ලක්ශන පහල වන අතර ඇය ට ඇඹුල් ආහාර අබ අච්චාරු ලුනු දෙහි ආදී දේවල් ගැනීමට ආසාවල් ඇති වේ. ඒවා අහාරය ට ගැනීමෙන් තව දුරටත් අපාන වාතය කෝප වන බැවින් ඉන් වැලකීම සුදුසුයි. 

එසේම මෙම පලමු මාස තුන ඇතුලත දරුවාගෙ අංග විකසනය සිදු වේ. එම නිසා මව තමාගේ ආහාර පිලිබද ඉතා සැලකිලිමත් විය යුතුයි. මේ කාලයේදි විවිධ ඖශධ වර්ග ගැනීමෙන් වැලකීම ඉතා සුදුසුයි. ඔබ හිසරදයට බොන පැනඩෝල් පෙත්ත වුවද දරුවා තුල විකෘතිතාවක් ඇති කිරීමට හේතු වේ. එම නිසා වඩාත්ම සුදුසු දෑ වනුයේ බෝ වෙන රොග වලින් වැලකීම සදහා සෙනග ගැවසෙන ස්ථාන වලට යාමෙන් වැලකී සිටීමයි . 

පලමු ත්‍රෛමාසිකය අවසන් වන විට වමනය ක්‍රමයෙන් අඩු වන අතර දරුවාගෙ ප්‍රමානාත්මක වර්දනය ආරම්භ වේ. මේ කාලයේදී දරුවාගේ බර වැඩිවීම සිදු වේ. දරුවා පෝෂණ ද්‍රව්‍ය ඉක්මනින් උරා ගනී. මේ නිසා මවට ශක්තිය ලාබාදෙන අහාර දිය යුතුයි. මාලු වර්ග , පොඩි මාලු , එලවලු , බිත්තර , පලතුරු , පලා , ධාන්‍ය වර්ග , වට්ටක්කා , බතල වැනි ආහාර ගැනීම සුදුසුයි. මස් වලට වඩා කුඩා මාලු ගැනීම ඉතා සුදුසුයි. 

මන්ද යත් දරුවාගෙ අස්ථි වර්දනයට මවගෙන් කැල්සියම් උරා ගන්නා නිසා මවගේ දත් දිරායාම අස්ථි දුර්වල වීම හා cartilage ගෙවී යාම සිදු වේ. තව ද මව ට කොන්ද වේදානා අස්ථි භග්න ආදිය සිදුවිය හැක. එම නිසා කැල්සියම් සපිරි හාල්මැස්සන් කුඩා මාලු තෝර මාලු සුදුසුය. බලයන් දැල්ලන් ඉස්සන් වැනි ඌශ්න ආදික ආහාර ගැනීම නිසා දරුවා ඉපදීමෙන් පසු දරුවාට සමේ රෝග හා රත ගාය ඇති වීම ට හේතු වේ. 

පස්වන මාසය වන විට දරුවා මවගෙන් තව දුරටත් පෝෂණ ද්‍රව්‍ය උරා ගන්නා නිසා මව කෘශ වීම නිරක්තිය ඇති වීම සිදු වේ. මවගේ කකුල් ඉදිමීම , මුහුණ ඉදිමීම , අතේ ඇගිලි ඉදිමීම , ආදිය ඇති වේ. මේ කාලයේදි ගිතෙල් ම්‍ශ්‍ර කර ආහාර සැකසීම සුදුසු වේ. හැකි තරම් ධාන්‍ය වර්ග පලා වර්ග මාංශ රස ලබා දිය යුතුයි. තව ද මේ කාලයේදී ගර්භ වලිප්පුව (pre eclampsia ) යන තත්වය ඇතිවිය හැක. එහිදී

    1. මුත්‍ර වල ඇල්බියුමීන් අඩංගු වීම 
    2. අධික රුධිර පීඩනය 
    3. පාද වල ශෝථය යන යන ලක්ශන තුනම ඇති වේ. මෙහිදී ගොකටු , සාරණ අඩංගු මුත්‍ර කාරක ඖශධ ලබා දීම සුදුසුයි . 

හයවන මාසය වන විට දරුවාගෙ බුද්ධි වර්ධනය සිදුවන නිසා මව තවත් වඩා පෝෂ්‍යදායක ආහාර ලබා ගත යුතුයි. හත්වන අටවන නවවන මාස මාස වන විට දරුවාගෙ වර්ධනය ෂ්‍රීගයෙන් සිදු වේ. එම නිසා තව දුරටත් ශක්ති වර්ධක ආහාර ගත යුතුයි.

හත්වන මාසය වන විට ඇවිදීම , යෝග කිරීම නිර්දේශ කර ඇත. එකම ඉරියව්වෙන් සිටීම සුදුසු නැත. තවද උදර විශාල වීම සැලකිය යුතුව වැඩිවන නිසා තද ඇදුම් ඇදීම නුසුදුසු ය. සැහැල්ලු ඇදුමක් ඇදීම වඩාත් යෝග්‍ය වේ. තව ද මෙම කාලයේදී ගිතෙල් මිශ්‍ර ආහාර , වෘංහණ ගුණ සහිත අාහාර ද සුදුසුයි ඔබ විසින් රොටියක් සැදුව ද එය ට ගිතෙල් මිශ්‍ර කර සාදා ගත හැක. මෙයට පාන් පිටි වෙනුවට ආට පිටි වලින් සාදා ගැනීම ඉතා සුදුසුයි. නිවුඩු හාල් බත් , මාලු වර්ග , පලා වර්ග , පරිප්පු , එලවලු ආහාර වේලට එකතු කර ගන්න. 

අටවන මාසය වන විට මවට ඇවිදීම දුර ගමන් යාම තහනම් කෙරේ. මව වඩාත් පරිස්සම් විය යුතු කාලයක් ලෙස මෙය දක්වා ඇත. ආයුර්වේදය ට අනුව නවවන මාසයේදි අපාන වාතය අනුලෝමනය බලාපොරොත්තුවෙන් මවට වස්තිකර්ම සිදු කරයි. මේ කාලයේදි මවට හැරෙන්න ට නැවෙන්න ට වත් අපහසු කාලයක් බැවින් ජීරණය ට පහසු ආහාර ලබාදීම අවශ්‍ය වේ. 

ආයුර්වේදයේ මෙසේ ගර්භනී පිලිවෙත් දක්වා ඇත්තතේ බිහිවන දරුවා වඩා නීරෝගිමත් බුද්ධිමත් හා මවට වේදනාවෙන් තොර පහසු ප්‍රසවයක් සදහා යි. මවට ගර්භනීහාවය වදයක් නොවී අවසානය දක්වා ගත කිරීමටයි . ඉතින් මෙම සියලුම කාරණා සදහා ඇය ට ඇයගේ ස්වාමි පුරුෂයාගේ රැකවරණය විශෙශ්ෂයෙන් ලැබිය යුතුයි. පවුලෙන් හා සමාජයෙන් රැකවරණය ආරක්ෂා ව ලැබිය යුතුයි. 

ආයුර්වේදයෙ දක්වන පරිදි මෙම පිලිවෙත් පිලිපැදීමෙන් පූර්ව ප්‍රසව(pre term), පසු ප්‍රසව (post term) වලින් තොරව නිසි කාලින ප්‍රසවයක් ද (term baby), උපත ලබන දරුවා දැනුමෙන් හා බාහිර පෙනුමෙන් නෑදෑයන් අතර බැබලෙන දීර්ඝ ආයුශ සහිත බවද බලය වර්ණය අතින් ශේෂ්ඨ වන අතර සෞඛ්‍ය සම්පන්න බවින් ඉතා ඉහලය. 


සැකසුම - නිමේශා හක්මනගේ 
                    BAMS (UoC). 

Thursday, May 25, 2017

ඔසප් රෝග නසන හාතාවාරිය



විශේෂ ගුණපැරැණි ආයුර්වේද මූලග්‍රන්ථවල හාතාවාරිය වයස්ථාපන ඔෟෂධයක් ලෙස දක්වා ඇත. එහි අදහස වන්නේ හාතාවාරිය යොදාගෙන පිළියෙල කරනු ලබන විශේෂ ඔෟෂධ මඟින් යමකුගේ වයස්ගත වීම ප්‍රමාද කළ හැකි බවයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ වයස්ගත වීමත් සමඟ ඇතිවන විවිධ අපහසුතා මඟහරවා ගැනීමට හාතාවාරියවලට පුළුවන්. සම රැලිවැටීම, විඩාබර බව සහ ශරීරයේ වාතදෝෂය ප්‍රමුඛ වීමෙන් ඇතිවන දුර්වලතාවන් අවම කිරීමට හාතාවාරිය අනගි ඔෟෂධයකි.එසේම හාතාවාරිය ‘බල කාරක’ ඔෟෂධයක් ලෙසත් රසායන ඔෟෂධයක් ලෙසත් ප්‍රසිද්ධය. වයස්ගත වීමත් සමඟ කාන්තාවන්ගේ ඔසප් නතරවීමෙන් ඇතිවන විවිධ අපහසුතා සහ දුර්වලා මඟහරවා ගැනීමටත් හාතාවාරිය ප්‍රත්‍යක්ෂ ඔෟෂධයකි.

විශේෂ ගුණ : 

පැරැණි ආයුර්වේද මූලග්‍රන්ථවල හාතාවාරිය වයස්ථාපන ඔෟෂධයක් ලෙස දක්වා ඇත. එහි අදහස වන්නේ හාතාවාරිය යොදාගෙන පිළියෙල කරනු ලබන විශේෂ ඔෟෂධ මඟින් යමකුගේ වයස්ගත වීම ප්‍රමාද කළ හැකි බවයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ වයස්ගත වීමත් සමඟ ඇතිවන විවිධ අපහසුතා මඟහරවා ගැනීමට හාතාවාරියවලට පුළුවන්. සම රැලිවැටීම, විඩාබර බව සහ ශරීරයේ වාතදෝෂය ප්‍රමුඛ වීමෙන් ඇතිවන දුර්වලතාවන් අවම කිරීමට හාතාවාරිය අනගි ඔෟෂධයකි.

එසේම හාතාවාරිය ‘බල කාරක’ ඔෟෂධයක් ලෙසත් රසායන ඔෟෂධයක් ලෙසත් ප්‍රසිද්ධය. වයස්ගත වීමත් සමඟ කාන්තාවන්ගේ ඔසප් නතරවීමෙන් ඇතිවන විවිධ අපහසුතා සහ දුර්වලා මඟහරවා ගැනීමටත් හාතාවාරිය ප්‍රත්‍යක්ෂ ඔෟෂධයකි.

  • කිරි නිපදවීම වැඩිකිරීමටත් පුළුවන්

කිරි දෙන මවුවරුන්ට කිරි හොඳින් එරීම සඳහා භාවිත කරන ඔෟෂධවලට හාතාවාරිය අයත් වෙනවා.
එමෙන්ම කාන්තාවන්ගේ කෘශ බව මඟහරවා ගැනීමටත් පියයුරු වර්ධනය කිරීමටත් හාතාවාරියවලට පුළුවන්.

  • ඔෟෂධ වශයෙන් භාවිත කරන කොටස්

හාතාවාරිය ශාක යේ ප්‍රධාන වශයෙන්ම ඔෟෂධ සඳහා යොදාගනු ලබන්නේ මුල් අලය. පෙර කී ඔෟෂධ නිපදවීම යොදාගනු ලබන්නේ මෙම මුල්ය. මුල් විශාල සංඛ්‍යාවක් තිබෙන බැවින් ශතමූලී ලෙසද හාතාවාරිය හඳුන්වයි.

  • හාතාවාරිය කොළ කැඳ

මීට අමතරව හාතාවාරිය කොළ ‘කොළ කැඳ’ පිළියෙල කිරීම සඳහා යොදාගනී. හාතාවාරිය කොළ පොල් සමඟ කොටා යුෂ මිරිකාගෙන එයට කැකුළු හාල් ස්වල්පයක් දමා උයා කොළ කැඳ පිළියෙල කරගත හැකිය. මෙය රසවත්, මෙන්ම ගුණදායක ආහාරයක්. රෝග කීපයකටම ගුණදායක වේ.

විශේෂයෙන්ම කෙට්ටු අය පුෂ්ටිමත් කිරීමටත්, පිත බහුලවීමෙන් ශරීරයේ ඇතිවන දැවිල්ල, අධිකව දහදිය දැමීම අඩුකරන අතර කාන්තාවන්ගේ ඔසප් දෝෂවලටද ගුණදායකය. කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නතරවීමට ආසන්න කාලයේදී සහ ඔසප් චක්‍රය නතරවීමෙන් ඇති වන ශාරීරික අපහසුතා අවම කිරීමටත් මෙම හාතාවාරිය කොළ කැඳ වටිනා ඔෟෂධයකි.

  • රසායනික සංයුතිය

හාතාවාරිය මුල්වල අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී රසායන ද්‍රව්‍ය වන්නේ Shatavarin රසායන කාණ්ඩයකි. මෙහි සංයෝග ගණනාවක් අඩංගු වේ. මීට අමතරව Steroidal Sapoin, Isoflavones, Asparagamine සහ Racemosal යන රසායනිකයන් අඩංගු වේ. හාතාවාරිය කොළවල Diosgenin නම් රසායනිකයක් අඩංගු වේ.

  • නවීන පර්යේෂණාත්මක සොයාගැනීම්

හාතාවාරිය අල යොදාගෙන කරනු ලැබූ පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ හාතාවාරිය මඟින් යමකුගේ ප්‍රතිශක්තිය වර්ධනය කරනු ලබන බවයි. එසේම ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා ආයුර්වේදයේ කියනු ලබන ‘වයස් ස්ථාපන’ ගුණය හාතාවාරියවලට ඇති බවද සනාථ වේ. මීට අමතරව ආහාර මාර්ගය ආශ්‍රිත ඇතිවන තුවාල සුව කිරීමටත් හාතාවාරියවලට පුළුවන් (Anti Ulces Activity). මේ නිසා Peptic Ulcer යන රෝග සඳහාද හාතාවාරිය ගුණදායකයි. ආතතිය අඩුකිරීමටත් (Adaptogenic) හාතාවාරිය සුදුසුයි.


  • ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන ක්‍රියාකාරීත්වයක්
හාතාවාරියවල අඩංගු ප්‍රධාන සංඝටකවල ක්‍රියාකාරිත්වය කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වයට සමානකමක් දක්වයි. මේවා Steroid කාණ්ඩයට අයත් නොවේ. මේ නිසා හාතාවාරිය අඩංගු ඔෟෂධ කාන්තාවන්ගේ ඔසප් දෝෂවලටද ආර්ථවාභාවය (Menopause) හා සම්බන්ධ අපහසුතාවලටත් සුවදායකයි.

විශේෂයෙන්ම ආර්ථවාභාවය නිසා ඇතිවන නොසන්සුන් බව හෘදයේ අධි ක්‍රියාකාරිත්වය, නින්දට ඇතිවන බාධාව, මුහුණ රතුවීම Hot Flushes රාත්‍රියේ දහදිය දැමීම, විඩාබර ගතිය හා පියයුරුවල ඇතිවන වේදනා ආදිය හාතාවාරිය අඩංගු ඔෟෂධවලින් අවම වේ.
තවත් වැදගත් කාරණයක් වන්නේ කාන්තාවන්ගේ ආර්ථවාභාවයට පසුව ඇතිවිය හැකි අස්ථි දිරායෑම පාලනයටත් හාතාවාරිය ගුණදායක ඔෟෂධයකි.

  • සමේ පැහැපත් බවටත් හාතාවාරිය
හාතාවාරිය සමේ පැහැපත් බව ඇතිකරනවා. හාතාවාරිය කොළ කොටා මිරිකා ගන්නා යුෂ එළකිරි සමඟ පානය කිරීමෙන් සුන්දර සමක් ඇතිවෙනවා. හාතාවාරිය ස්වරස මීපැණි සමඟ බීමෙන් මුඛයේ ඇතිවන උෂ්ණ බිබිළි, තුවාල ආදියත් සුවවෙනවා.
  • ඔසප් වීමේදී වැඩිපුර රුධිරය පිටවනවිට
සමහර කාන්තාවන්ට ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවන අවස්ථා තිබෙනවා. මේ සඳහා බොහෝ හේතු තිබෙන්න පුළුවන්. එහෙත් හාතාවාරිය මඟින් ඒ තත්ත්වය සුව කරගත හැකියි.

• කුඹුක් පොතු, අරළු, නෙල්ලි සහ හාතාවාරිය අලවලින් පිළියෙල කරගන්නා ඔෟෂධ බීමෙන් අධික රුධිර වහනය සුවවේ.

• වෙනිවැල්ගැට, නෙල්ලි, හාතාවාරිය අල තැම්බූ කෂායෙන්ද ඉහත රෝග අවස්ථාවට සුවය ලැබේ.
නිතර නිතර ඇතිවන මුත්‍රා දැවිල්ලට

• කාන්තාවන් සමරුන්ට නිතර නිතර මුත්‍රා දැවිල්ල ඇතිවන අවස්ථා ඇත. අලුත විවාහපත් වූ යුවතියන්ද මෙසේ මුත්‍රා දැවිල්ල ඇති වූ විට හාතාවාරිය අල, ඉරමුසු, පොල්පලා තම්බා බීමෙන් මුත්‍රා දැවිල්ල සුව වේ.

  • ශරීරයේ දැවිල්ලට
උෂ්ණ කාලවලදීද සමහර විට වැඩිපුර දහදිය දමන අවස්ථාවලද ඇඟේ දැවිල්ල ඇතිවන අය සිටිති.
මෙයට හේතුව පිත දෝෂය වැඩිවීමයි.

මේ අවස්ථාවේ හාතාවාරිය අල, ඉරමුසු, සුදුහඳුන් හා ඉරිවේරිය යන ඒවා කෂායක් වශයෙන් හෝ තම්බා පානයක් වශයෙන් ගැනීමෙන් ශරීරයේ දැවිල්ල අඩුවේ.
  • ශරීරය පෘෂ්ටිමත් වීමට
සමහර තරුණියන් කෙතරම් ආහාර ගත්තද ශරීරය ඉතාම කෘශයි. (කෙට්ටුවයි.) මෙවැනි අවස්ථාවක ඇයගේ කුසගින්න හොඳ තත්ත්වයේ පවතී නම් හාතාවාරිය අල චූර්ණය තේ හැඳි 01ක් පමණ එළකිරි හෝ ගිතෙල් සමඟ දිනපතා දෙවරක් බැගින් ගැනීමෙන් පුෂ්ටිමත් වේ.

මෙසේ හාතාවාරිය නම් වූ ඔෟෂධීය ශාකය සම පැහැපත් කිරීමේ සිට විශේෂයෙන්ම කාන්තා රෝග ගණනාවකට ප්‍රතිඵලදායක වටිනා ඔෟෂධයක් බව පෙනේ.
මෙවැනි හාතාවාරිය අඩංගු ඔෟෂධ විශාල සංඛ්‍යාවක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිත වේ. 


මූලාශ්‍රය : 

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය

බඩ පපුව දැවිල්ලට ලෙමන් බොන්න හොදයිද ???

What Drinking Lemon Water Every Day Can Do to You | Eat This Not That


උදේ නැගිට්ට ගමන් ලෙමන් යුෂ මිශ්‍ර කළ ජලය වීදුරුවක් පානය කරන්න. ප්‍රථිඵලය පුදුමාකාරයි....


සිරුරේ ආම්ලිකතාවය මගහරවන්න ලෙමන් භාවිතා කරන්න පුලුවන්ද ? හිතන්නෙ නම් බෑ කියලා නේද ? අපි ඕනෙ කෙනෙක් දන්නවනේ ලෙමන් කියන්නේ ඇඹුල් රස දෙයක් කියලා. මේ කියන්න යන්නේ ඇඹුල් රස දෙහි වලින් ම ශරීරයේ ආම්ලිකතාවය නැතිකරන්න පුලුවන් විදියක් ගැන...

මුලින් ම කියන්න ඕනෙ කොහොමද මේ ශරීරයේ ආම්ලික බවක් ඇතිවන්නේ කියලා. ගොඩාක් වෙලා කෑම නොකා සිටීම නිසා හරි නැත්තම් සැර, ඇඹුල්, තෙල් සහිත ආහාර නිතරම ගන්න කෙනෙක්ගේ ආමාශයේ HCL කියන (හයිඩ්‍රොක්ලෝරික්) අම්ලය, ආමාශයේ ඉදන් ගල නාලයට ආපස්සට ගැලීමක් ඇතිවන නිසා පපුවට එනකම්ම මේ දැවිල්ල දැනෙනවා. ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් නම් මේ අත්දැකීම කොයි තරම් වේදනාවක් ද කියලා දන්නවනේ?? මේ ලෙඩේට අප්‍රසන්න තිත්ත බෙහෙත් බීලා එපා වෙලාද ? එහෙනම් මේ ලේසි ප්‍රතිකාරය කරලා බලන්නකෝ. 

නවතම පරීක්ෂණ වාර්ථා වලට අනුව, ලෙමන් කියන්නේ අධික ආම්ලික දියරයක් වුණත් පොඩි ප්‍රමාණයක් ශරීරයට ගත්තොත් ආමාශයට හිතකරයි කියලා තමා කියන්නේ. අධිකව ගන්න එකනම් කොහොමටවත් ම හොද නෑ. ලෙමන් ජලය සමග මිශ්‍ර කලවිට සෑසෙන දුබල අම්ලය හැසිරෙන්නේ භෂ්මයක් වගේ. ඉතින් මේ ජලයට මිශ්‍ර ලෙමන් වලට පුලුවන් ආමාශයේ ආම්ලික බව උදාසීන කරන්න. 

රෑට ටිකක් සැර කෑමක් කාලා නිදාගත්තොත් උදේ පාන්දර බඩ පපුව වේදනාවෙන් නැගිටින්න වෙනවනේ....දෙහි බිංදු කීපයක් දාපු වතුර වීදුරුවක් බීවා නම් ලේසියෙන් ම මේ වේදනාව නවත්ත ගන්න පුලුවන්.

ලෙමන් ආම්ලිකතාවය නැතිකරන්න විතරක් නෙවෙයි රුධිර පීඩනය අඩුකරන්න, ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරලා කෙට්ටු කරන්නත් හොද බෙහෙතක්.

gastric ulcer එහෙම නැත්නම් ආමාශයේ තුවාල තත්ව ඇතිවෙලා තියෙන කෙනෙක්නම් ඔයා ජලය මිශ්‍ර නොකර ලෙමන් පානය කරන්න එපා කවදාවත් ම...එහෙම කෙනෙක් ට පුලුවන් සීනි ටිකක් වැඩිපුර දාලා වතුර සමග මිශ්‍රකරලා හදාගත්ත රසවත් ලෙමන් පානයක් බොන්න. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මතයට අනුව ගැස්ට්‍රයිටිස් වලට ටිකක් පැණි රසට හදපු දෙහි බීම එකක් බොන එකෙන් ඉක්මණින් සහනය සලසාගන්න පුලුවන්.

ඒවගේම තමයි ලෙමන් විටමින් සී බහුල පලතුරක් නිසා සමට, හෘදයට වගේම රුධිරනාලිකා වල පැවැත්මටත් ඉතාම ගුණ පළතුරක් කියලා අමතක කරන්න එපා.....!!!!

මූලාශ්‍රය : අන්තර්ජාලය ඇසුරෙනි

හැඩකාර ජවසම්පන්න තරුණ සිරුරක් ඔයාටත් ඕනිද?




එහෙනම් ජපනුන්ගේ මේ ආහාර පුරුදු 7 අනුගමනය කරලා බලන්නකෝ.... 

ජපන් ජාතිකයින්ගේ වයස මූණ බලලා කියන්න පුලුවන්ද? බැහැ නේද ? ඔවුන් සාමාන්‍යයෙන් වසර 80 – 100 අතර ආයුකාලයක් ජීවත් වෙනවා. ලෝකයේ සෞඛ්‍ය සම්පන්න ජාතිය ජපනුන් කියලා තමා වාර්ථා වෙන්නේ...

ඔවුන්ගේ දීර්ඝායු ලබන රහස් තමා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, තරබාරු නොවීම හා මානසික ආතති වලක්වන ක්‍රම යොදා ගැනීම. ඉතින් මේ අතරින් හැඩට ඉන්න ජපන් කෑම රටා 7 ක් ගැනයි කියන්න යන්නේ,

01. නොපිසූ ආහාර ගැනීම

ජපන් ජාතිකයින් වැඩියෙන් කැමති අමුවෙන් ම කන්න පුලුවන් ආහාර රසයට. කිසිම රසකාරකයක් කුලු බඩුවක් නොදා ආහාරයට ගන්න නිසාත් තාපයට ලක් නොවන නිසාත් ආහාරයේ සම්පූර්ණම පෝෂණය ඇගට උරා ගන්නවා. උදාහරණයක් තමා සශිම් කියන ජපන් අමු මාලු පෙති ආහාරය...


02. මුහුදු ආහාර ගැනීම

ජපානයේ පුද්ගලයෙක් වසරකට මුහුදු ආහාර කිලෝග්රෑම් 55.7 ක් කනවලු. හරියට අපි බත් කනවා වගේ නේද? මුහුදු පැළෑට් වල මල්ටි විටමින්, කැල්සියම්, යකඩ, විටමින් සී, තන්තු, බීටා කැරොටින් බහුලයි. මේ ඛණිජ පෝෂක හෘදයට හිතකර නිසා ජපානයේ හාට් ඇටෑක් අනිත් රටවල් වල වගේ බහුල නෑ....ඒවාගේම මත්ස්‍ය මේදය ප්‍රසන්න පෙනුමට හා පිළිකා වලට ප්‍රතිවිරුද්ධවත් ක්‍රියාකාරී වෙනවා. මේ මුහුදු පැළෑටි සමේ රැලි වැටීම නවත්වන හොද ඔසුවකුත් වෙනවා....


03. ග්‍රීන් ටී පානය

ජපානයේ ආහාර වේලක් අවසානයේ හරිත තේ කෝප්පයක් බොනවා කියලා ඔයාලා දන්නවාද? මේක නිසා ආහාර ජීරණය හොදින් වෙනවා විතරක් නෙවෙයි සිරුරේ කැලරි ප්‍රමාණය වැඩිවෙලා මහත් වීමත් වලක්වනවා. එහෙනම් කෙට්ටු වෙන්න හිතන් ග්‍රීන් ටී බෙනවා නම් බොන්නන් වාලේ නොබී කෑම වේල් අතරතුර ම ගන්න පුරුදු වෙන්න. වෙනස අත්දැකලම බලන්න...



04. බඩ පිරෙන්න කලින් ආහාර ගැනීම නැවැත්වීම

අපිට නම් මේක පුදුම දෙයක් නේද? කන්නේ බඩපිරෙන්න නම් මොකට බාගෙට කනවද හිතෙන්න පුලුවන්. නමුත් සම්පූර්ණයෙන් ම බඩ පිරෙන්න ලගයි කියලා දැනෙද්දී කෑම ගැනීම ජපන් ජාතිකයෝ නවත්වන්නේ ඒකෙන් සිහින් ජවසම්පන්න සිරුරක් ලබා ගන්න. අනික කාලා කාලා ඉස්මුරුත්තාව වුණාම එන කම්මැලි දවසේ වැඩ පාඩු කරනවා වගේ දේවල් ජපන් ජාතිකයින් ට  නැත්තෙත් මේ නිසානේ....


05. සුෂී ට්‍රික්

සුෂී කියන්නේ ජපානයේ ප්‍රසිද්ධ කෑම වට්ටෝරුවක්. ඔමේගා 3 fatty acid බහුල මේ ආහාරය මොළයට හා හදවතට ගොඩාක් හිතකරයි. මේක හදාගන්නේ මාලු, මුහුදු පැළෑටි හා එළවලු එකතු කරලා. මේකට රසකාරක හෝ සෝස් වර්ග මුකුත් නොයොදා ගන්න ඕනෙ. අපිට අමු මාලු කාලා පුරුද්දක් නැති වුණත් සතියකට වරක්වත් තෙල් සහිත මාලු වර්ගයක් රසකාරක රහිතව තම්බලාවත් කනවා නම් හදවත හා මොලයේ පෝෂණයට හිතකරයි....


06. සෞඛ්‍යයට හිතකර බැක්ටීරියා ලබාගැනීම

ජලන් ජාතිකයෝ පැසුනු ආහාර අනුභව කරන්න පුරුදු වෙලා ඉන්නේ ඔරීරයට හිතකර බැක්ටීරියාවනුත් එමගින් ශරීරයට ඇතුලු වෙන නිසා. එමගින් ආහාර ජීරණය වගේ ම ජීර්ණ පද්ධතියක් පිරිසිදු කරලා පෝෂක උරා ගැනීම වැඩි කරනවා. රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවත් මේකෙන් වැඩි වෙනවා....


07. උණු දිය උල්පත්වල නෑම

මේක ආහාර රටාවක් වුණේ කොහොමද කියලා හිතෙනවාද? ජපානයේ ගිනිකදු ආශ්‍රිතව තියෙන උණු දිය උල්පත් වල ඛණිජ, විටමින් හා තවත් පෝෂක අඩංගුයි. මේවාට බැහැලා නානකොට ජලයේ තියෙන පෝෂක ශරීරයට උරා ගන්නවා.

ඔන්න ඔහොම තමයි ජපන්නු එයාලගේ සිහින් හැඩකාර සිරුර වගේ ම ජවයත්, තරුණ පෙනුමත් රැකගන්නේ.....


 මූලාශ්‍රය : අන්තර්ජාලය ඇසුරෙනි