Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Tuesday, August 18, 2015

ගෙඩි වලට




  • අරළු, බුළු, නෙල්ලි, සියඹලා දලු, කොහොඹ දළු, කෝමාරිකා, අමුකහ සමව ගෙන හාලිපාන වතුරෙන් තම්බා අඹරා වටේ ගාන්න.
  • එයටම :- සියඹලා කොල, කොට්ට පොල්, මුරුංගා පොතු, සුදු ලූනු කොටා පොට්ටනි බැද වන්ඩුවේ තම්බා තෙල් වලින් උදේ සවස තවන්න.
  • එයටම :- පුස් ඇට මද, කුඹුරු ඇට මද, කුඹල් මැටි, සතකුප්ප, පෙරුම්කායම්, ගෙරිපස්, පොල්කටු අගුරු, තිරුවානා ගල් කුඩු, සමව ගෙන මී පැණියෙන් අඹරා ගාන්න.

උළුක්කුවට (මන්ත්‍ර)


“ රාජතෝවා, චෝර තෝවා, මනුස්ස තෝවා, අමනුස්ස තෝවා, අග්ගි තෝවා, උදක තෝවා, පිසාච තෝවා, ඛානුක තෝවා, කණ්ඨක තෝවා, නක්ඛන්ත තෝවා, ජනපද රෝග තෝවා “

  •  තෙල් වලට 7 වරක් මතුරා ගානු.

ඉරුවා රදයට (මන්ත්‍ර)


“ ඕං ඉරුවාරදේ බූමරදේ පසේ බුදුන්ගේ හක්කට බසීවා බසීවා “

දත් කැක්කුමට (මන්ත්‍ර)


“ ඕං නමෝ පසේ බුදුන්ගේ දත් වෑයා උල් වෑයා දත හරු කට භරු ඒස්වාහ: “


  • යකඩ කම්බි ඇණයක් හා මුරුංගා අත්තක් රැගෙන ලෙඩාව ලග සිටුවා ගෙන 108 වරක් මුරුංගා අත්තට හා කම්බි ඇණයට මතුරා ගසක හෝ උළුවස්සේ ගසනු. දත් කැක්කුම නවතී

Wednesday, August 12, 2015

බහුලවම වැලදෙන රෝගාබාධ හා ඒවාට බහුලව භාවිතා කරන අත්බෙහෙත්


  • උදරාබාධය (බඩේ අමාරුව) 

- දෙහි ඇඹුල්  හා ලුණු වතුර එක් කර බීමට දීම
  • මුත්‍ර දාහය (මුත්‍ර අමාරුව) 

- පොල්පළා, නීරමුල්ලිය, ඉරමුසු තම්බා බීම

  • වමනය 

- උදුපියළිය යුෂ මීපැණි සමග බීමට දීම

  • කුරුලෑ 

- අමුකහ හා සුදු හදුන් ඇල් දියෙන් අඹරා ගෑම

  • උෂ්ණ බිබිලි (මුඛයේ)

 - දියබත්, පොල්කිරි හා රතුළූණු එකට අනා කෑම

  • දෙයියන්ගේ ලෙඩ

 - තැඹිලි වතුර හා ආනමාලු කෑමට දීම

  • තැලුම් වලට 

- ලුණු පොට්ටලි බැද තැබීම

  • කරප්පන් වලට 

- විටකන හුණු ඇල්දියෙන් අඹරා ගෑම

  • කන් කැක්කුම

 - කපු කොළ තලා යුෂ කනට වක් කිරීම

  • ඇස් ලෙඩ

 - නම නොදන්නා ශාකයක කොළ තලා ඉස්ම දැමීම

ඇසේ රොඩු වැටුනාට (මන්ත්‍ර)


“ ඕං නමෝ සත් මුහුදකට එදේසේ එරංදු ගොඩැල්ලේ එරං මාලිගයක් ඇත. එමල් පරමල් නටුවෙන් ඇදහුණු ආඥාවෙන් මොවුන්ගේ ඇසේ කුණු රොඩු ඇදෙන්නට අප බුදුන්ගෙන් වරම් “

  • මෙය 108 වරක් මතුරා ඇසට වත් කරනු. කුණු රොඩු යයි.