Monday, October 3, 2022
අරිෂ්ට බොන කොට සිරෝසිස් හැදෙන කථාව (දෙවන කොටස)
අරිෂ්ට බොන කොට සිරෝසිස් හැදෙන කථාව (පළමු කොටස)
Sunday, October 2, 2022
ආයුර්වේදය හා මුඛ සෞඛ්‍යය (Oral Hygiene Form Ayurveda)
සෞඛ්‍යමත් දිවි පෙවතක් සදහා " සුවපත් මුඛයක් " යනු අත්‍යාවශ්‍ය අංගයකි.
වර්තමානයේ බාල තරුණ මහලු ආදි භේදයකින් තොරවම බොහෝ පිරිසක් මුඛ රෝග නිසා පීඩා
විඳිති.
ආයුර්වේදයේ මුඛ රෝග පිළිබඳව හා ඒවා වලක්වා ගැනීම මෙන්ම මුඛ සෞඛ්‍යය
පවත්වා ගැනීම පිළිබඳව මනාව විස්තර කොට ඇත. ආයුර්වේද මතානුකූලව වත් පිළිවෙත්
අනුගමනය කිරීම ඔබට මුඛ රෝග සෑදීමෙන් වැළකීමට හා සෑදුණු මුඛ
රෝග නිවාරණය කරගැනීමට බොහෝ ඉවහල් වනු ඇත
ආයුර්වේදයට අනුව මුඛය යනු අංග අටකින් සමන්විත අවයවයකි.
ඕශ්ටය( තොල් ) , දන්ත මූලය ( වීදුරු මස )
දන්ත( දත් ).
, ජ්හ්වා ( දිව ) , තාලු ( තල්ල ) , ගල ( උගුර ) , සර්වසර (සම්පූර්ණ මුඛය ).
මේව සප්තාංග ලෙස හහදුන්වන අතර මේවායේ ඇති වන රෝග 65ක් සුශ්‍රැත සංහිතාවේ දක්වා
ඇත.
මුඛ රෝග ඇති වීමට හේතු
• වැරදි ආහාර පුරුදු
එනම් අදික පැනිරස ආහාර ගැනිම ,
ආම්ලිකතාවය අදික පාන වර්ග හා ආහාර ගැනීම , ආහාර ගැනීමෙන් පසු දත් පිරිසිදු
නොකිරීම , ඌශ්න අදික ආහාර ගැනීම
• විටමින් C ඌනතාවය
• දැත් වලින් බෝතල් මූඩි ආදි විවිධ දේ විවෘත කිරීමට උත්සාහ කිරීම
• දත් හෑරීම
• දුම්බීම ( මෙය මුඛ පිලිකා ඇති වීමට ප්‍රධානම හේතුවයි )
• අධිකව බුලත්විට කෑම
• දැඩ් කෙදි සහිත හා රලු දන්ත කුඩු වලින් දත් මැදීම
• දිගු වේලාවක් දත් මැදීම නිසා එනැමලය සීරි යාම
වර්තමානයේ බහුලව දක්නට මුඛ රෝගයන් අතර විදුරුමස් සම්බන්ධ රෝගයන් බොහෝය. එසේම
පාසල් යන මෙන්ම තරුන පිරිස් අතර ද දත් මුල් දිරා යාම , ව්දුරුමස් දියවිම ,
වීදුරුමස් වලින් ලේ ගැලීම , අකලට දත් සෙලවිම , දත් හිරි වැටීම් , දත් වල
මැලියම් බැදීම , දත් කැක්කුම් , මුඛ දුර්ගන්ධය , මුඛ පිලිකා ආදීය බහුලව දක්නට
ඇත.
🏵️
මේ අතුරින් දත් හිරිවැටීම යනු ඉතා කරදරකාරී රෝග තත්වයකි. ආයුර්වේදයේ මෙය දන්ත
හර්ශ රෝගය ලෙස දක්වයි. දතෙහි එනැමලය සීරී යාම , දිය වී යෑම හා එනැමලයට හානී වේම
දත් හිරිවැටීමට ප්‍රධානම හේතුවයි. ඔබ විසින් ඕනෑම උණුසුම් , සීතල හා ඇඹුල්
ආහාරයක් ගැනීමේ දී මෙම හිරිවැටීම ඇතිවිය හැක.
මෙවැනි හිරිවැටීම් හා වේදනාත්මක අවස්ථාවන් වලදී දිනකට දෙවරක් ලුණු වතුරෙන්
මුඛය සේදීමෙන් මෙම තත්වය සමනය කරගත හැක.
ප්‍රධානම කරුණ නම් හොද ප්රම්තියකින් යුත් දත් බුරුසුවකින් දිනකට දෙවරක් දත්
මැදීම සිදු කල යුතුයි.
දිගින් දිගටම මෙම හිරි වැටීම තත්වය පවතී නම් දන්ත වෛද්‍ය වරයෙකුගේ උපදෙස්
පැතීම අනිවාර්යෙන් කල යුතුය.
මන්ද යත් දිරා ගිය දත් ඇතින්ම් ඒවා ගලවා ඉවත් කල යුතුය. හානි වූ දත් ඇත්නම්
ඒවා පිරවිය යුතු නිසාවෙනි.
🏵️
පණු ගෙඩි ,උශ්න බිබිලි යනු ඔබ පීඩා විදින තවත් මුඛ රෝගයකි.
අදික උශ්න ආහාර ගැනීම මීට ප්‍රධානම හේතුවයි.
මෙවනි අවස්ථා වලදී අරලු බුලු නෙල්ලි තම්බා සහිද ලුනු මිශ්‍ර කර මුඛය සේදීම
කරන්න. ආම්ලික හා ඌශ්න ආහාර ගැනීම අවම කරන්න.
කතුරුමුරුංගා කොල වැඩිපුර ඔබගේ ආහාර වේලට එක් කර ගන්න. ඔබ මෙවැනි තත්වයන්
නොසලකා හැරීමෙන් සිදු වන්නෙ එය වීදුරුමස් පැසවීමේ රෝග ( දන්ත් වේශ්ටා ) දක්වා
වර්ධනය වීමයි. දන්ත වේශ්ටා තත්වය ඇති වූ විට වීදුරුමස් වලින් රුධිරය හා සැරව
ගැලීම ඇති වේ. දත් සෙලවීමට ද පටන් ගනී.
මෙවැනි අවස්ථාවලදී දත් මැදීමට
කපුරු, එනසාල් , කරාබු නැට් , කුරුදු පොතු , අසමෝදගම් , කලු ගම්බිරිස් , වියලි
ඉගුරු , මූනමල් පොතු , අරලු , කහ , පුවක් හා සීනක්කාරම් චූර්නය ප්‍රතිඵල දායක
වේ .
තවද අරලු බුලු නෙල්ලි තම්බා සින්ක්කාරම් දමා කට සේදීම
ඉරිමේදාදි තෙල්
, කොහොබ තෙල් , හෝ තල තෙල් ගා දත මුල පිරිමැදීමෙන් ලේ ගැලීම වලක්වා ගත
හැක.
🏵️
වීදුරුමස් වලින් ලේ ගැලීම ආයුර්වේයේ දක්වන්නෙ ශීතාද රෝගය යනුවෙනි. ( scurvy , bleeding gum ). මීට ප්‍රධානම හේතුව විටමින් C ඌනතාවය යි. දත දරා සිටින්නේ වීදුරුමස බැවින්
එය නිරෝගීව පවත්වා ගැනීම පළමුව සිදු කළ යුතුයි.
අතීතයේ පැරැන්නන්
දත් මුල් වලින් ලේ ගලන විට අරළු ගෙඩියේ පොතු හා මූණ මල් ගහේ පොතු කුඩා කැබලි
වලට කපා නිතර දෙවේලේ හපන්නට දෙයි. දත් කැක්කුමක් ආ විගස කරාබු නැට්ටක් තලා
දතෙහි තබා ගැනිමට දෙයි.. එමගින් එසේ ඇති වන්න වූ අබාධයන් දුරු වී යයි.
🏵️
වීදුරුමස් වලින් ලේ ගැලීම හා ඒවායේ නීරෝගිතාවය උදෙසා මුඛ සේදුම් දියර වලින් ඉටු
වන්නෙ මහත් වූ කාර්යකි. මේවා කිසිම ආකාරයක රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවන
බැවින් හා ස්වභාවික ශාක ද්‍රව්‍ය බැවින් ද මුඛයේ නීරෝගිතාවය පවත්වාගෙන යාමට
භාවිතා කළ හැක .
එවැනි මුඛ සේදුම් දියර ලෙස භාවිතා කල හැකි ද්‍රව්‍ය
අරලු ,බුලු , නෙල්ලි , පිල මුල් , සීනද්ද මුල් , මගුල් කරද මුලේ පොතු මේවා
කසාය ලෙස සාදා මුඛය සේදීමට ගත හැක
තවද පොල් මල් , ළපටි පුවක් මල් , මූණමල් පොතු , අරළු , මඟුල් කරඳ පොතු සමව ගෙන
තම්බා සීනක්කාරම් දමා මුඛය සේදීම.
එමගින් ඔබට මුඛ දුර්ගන්ධය වලක්වා ගැනීමට දත් දිරා යාමෙන් වැළකීමට , දත්
හිරිවැටීම අවම කර ගැනීමට මෙන්ම වේදනාව ද සමනය කර ගත හැක.
🏵️
දිව තොල්
පැලීම ඔබ මූන දෙන තවත් මුඛ රෝගයක්. කාලගුණ වෙනස් වීම එනම් සීතල පරිසර
ආදිය මීට හේතුවක්. මෙවනි අවස්ථාවන් හිදී ගිතෙල් , මී පැනි හෝ තල තෙල් ආලේපයෙන්
තත්වය සමනය කර ගත හැක. .
අරලු , බුලු , නෙල්ලි තම්බා කට සේදීම ,
අරලු , බුලු , නෙල්ලි , සමන්පිච්ච කොල , කොහොබ කොල , ලොත් සුබුලු
, නුග පොතු , අමු කහ සමව ගෙන තම්බා මුඛයේ දරා සිටීමනෙ අනතුරුව ඉරිමේදාදි තෙල්
ආලේප කිරීම.
නෙල්ලි රසකිඳ තම්බා බීම.
මුඛ සෞඛ්‍ය හා දැහැටි කූර.
🏵️
වර්තමානයේ
විවිධ වූ මාදිලියේ දත් බුරුසුව වල වෙළඳ දැනවීම වල අඩුවක් නොවූවද මුඛ රෝග වල
නම් අඩුවක් දක්නට නැත. අපේ මුතුන් මිත්තන් අනාදිමත් කාලයක් සිට දත් මැදීම සදහා
බාව්තා කලේ දැහැටි කූර යනුවෙන් හඳුන්වන ශාකමය කොටසක්. මෙය නොයෙක් ශාකයන්ගේ
මුලක් හෝ අතු කැබැල්ලක් ( අංගුලි 12ක් පමන දිග අතෙහි කුඩා ඇගිල්ල තරම් ඝනකම ඇති
) ගෙන එහි අග පිරිසිදුව සිහින් කෙදි සේ සකස් කර ගැනීමෙනි. මේ සදහා කොහොබ ,
කිහිරිය , මී , කරද , කුඹුක් , වරා , කනේරු , දෑ සමන් , පිලමුල් , රත්මල්
ආදී ඖෂධීය ශාක ගෙන ඇත.
නොයෙක් ආකාර වූ මුඛ රෝගයන්ගෙන් වැලකී සිටීමට පැරන්නන්ට හැකි වූයේ මෙම දැහැටි
කූරු බාවිතයෙනි.
මුඛ සෞඛ්‍ය රැක ගැනීම
• දවසට දෙවරක් මිනිත්තුව 3ක් 5ක් අතර කාලයක්
ප්‍රමිතියකින් යුත් දන්තාලේපයකින් දත් මැදීම.
• සෑම මාස දෙකකට හෝ මාස තුනකට සැරයක් ඔබගේ දත් බුරුසුව ඉවත් කර නව බුරුසුවක්
බාවිත කරන්න
• හානි වූ හෝ දැඩි කෙදි සහිත බුරුසු බාව්තා නොකරන්න
• පැනි රස අහාර ගන්නෙ නම් ප්‍රදාන ආහර වේලෙන් පසුව ගැනීම සුදුසු අතර ඒව ආහාරයට
ගැනීමෙන් පසුව හොදින් කට සේදීම අත්‍යාවශ්‍ය වේ.
• ඔබගේ දත් වලින් දැඩ් දේවල් සැපීමට නොයන්න. එමගින් දත් වලට හානි සිදු
වේ.
• රාතී නින්දට පෙර දත් මැදීම පුරුද්දක් කර ගන්න
• ඔබ ට කුඩා දරුවන් සිටී නම් ඔවුන්ගේ දත් පිරිසිදු කිරීම ඔබ විසින් සිදු
කරන්න. ඔවුන් වයසින් වැඩෙනව සමගම ඔවුන්ට තනිවම දත් පිරිසිදු කර ගැනීමට උපදෙස්
දෙන්න.
• ඔබ දීර්ග කාලීන මුඛ රෝග වලින් පීඩා විදින්නෙනෙක් නම් දන්ත වෛද්‍යවරයකු හමු
වී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්න.
• අරලු බුලු නෙල්ලි පුලුස්සා ගම්බිරිස් හා ලුනු දමා ම්ශ්ර කර දන්තාලේපයක් ලෙස
බාව්තා කිරීමට හැකි නම් වඩාත් හොදය.
• ඔබ දුම් බීම , බුලත් විට
හා මධ්‍යසාර වලට පුරුදු වූ කෙනෙක් නම් එම පුරුදු අත හැරීම අත්‍යාවශ්‍ය කරුණක්.
ඒවායෙන් අත් මිදීමෙන් තොරව ඔබ කුමන ප්‍රතිකාරයක් කල ද එය නිශ්ඵලදාය වේ.
• මුඛ සෞඛ්‍ය ගැන කතා කිරීමේදී දත් වීදුරුමස් පමනක් නොව දිව පිරිසිදු කිරීමත්
අවශ්‍යයි. මෙය ගොඩක්ම බල පානුයේ ලදරුවන්ටයි. කිරි මැලියම් හා උල්ලෝගම් දිවේ ඇති
වීම නිසාවෙනි. එව්ට මුඛ දුර්ගන්ධය ඇති වේ. මෙව්ට රෙදි කැබැල්ලක්
මී පැණියෙන් පොගවා එය දබර ඇඟිල්ලේ දවටා මේ මැලියම් ඉවත් කරන්න.
🏵️
දත් යනු මුඛයේ එක් අංගයක් පමනක් වුවද එය පංච කල්යාණියනෙ ගෙන් එකකි. එසේනම් එහි
වටිනාකම ඔබට වැටහෙනු ඇත. නීරෝගි මුඛයක් යනු ඔබට ආත්ම ශක්තියක් ගෙන දෙන්නක් යැයි
කීවහොත් නිවැරදියි.
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
නිමේශා හක්මනගේ .
දේශීය වෛද්‍ය විද්‍යායතනය
කොලබ විශ්වවිද්‍යාලය
Sunday, August 30, 2020
ඔට්සම් ගැන දැනුවත් වෙමු ( autism )
ආයුර්වේදයේ මේ ගැන සඳහන් වේ. ආයුර්වේදයේ මෙය මනෝදෞර්බල්‍ය රෝගයක් ලෙස දක්වයි. මෙම තත්වය උපතින් පළමු වසර තුළ ඇතිවෙන අතර දරුවාට අවුරුදු 2 - 3 පමණ වන විට රෝගය නීර්ණය කර ගත හැක.
ඔට්සම් රෝගය සදහා හේතු.
මේ සදහා නිශ්චිතවම එක් හේතුවක් දක්වන්නට අපහසුයි. මේ රෝගයට කාරණා කීපයක්ම හේතු වෙන්න පුලුවන්. ඒ හේතුව දරුවාගෙන් දරුවට වෙනස් වෙනවා. ආයුර්වේදයේ මෙම හේතු වර්ග කර දක්වනවා. එනම් ගර්භජ හේතු , ජන්මෝත්තර හේතු , සහජ හේතු හා ආගන්තුක හේතු ලෙසට වේ.
🏵️ ගර්භජ හේතු ලෙස දක්වන්නෙ ගර්බනී කාලයේදි මවට ඇතිවන රෝග තත්වයන්ය
🏵️ ඒ වගේම එම රෝග සදහා මව ගන්නා ඖෂධ ද දරුවාට බලපෑම් ඇති කල හැක.
🏵️ මව ගර්භණී සමයේ දී ගන්නා හා නොයකුත් ආහාර ආදිය ( කටු , තික්ත ලවණ රස ආහාර වැඩිපුර ගැනීම )
🏵️ මවගේ හැසිරීම් රටාව ,විහරණ ආදිය
මෙහිදී මවගේ මානසික තත්වය කුසයේ වැඩෙන දරුවාට බලපානු ඇත. ගර්භණී සමයේ දී මව ගැටළු පීඩා වලට මුහුණ දීම , මවගේ මානසික ආතතිය , මවට ඇති වන දොල දුක තත්ත්වයන් නොසලකා හැරීමත් රෝග හේතු කාරකයන්.
දරුවා ඉපදීමේ දී හා ඉපදීමෙන් පසු සිදු වන බලපෑම් ජන්මෝත්තර හේතු ලෙස දක්වනවා.
ඒවා නම්,
🏵️ දරුවා ඉපදීමේදි දරුවාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයවත් තරම් නොලැබී යාමෙන් දරුවාගෙ ස්නායු වලට හානි වීම.
🏵️ දරුවා ඉපදීමෙන් පසු නිසියාකාරව මව්කිරි පානය නොකිරීම ( මෙය ඕටිසම් දරුවන් බොහෝ පිරිසක් අතර දැකගත හැකි හේතුවකි. )
🏵️ මවගේ ක්ශීර දෝශ ( උශ්න ක්ශීර , අල්ප ක්ශීර ආදිය )
🏵️ දරුවාගේ ආහාර රටාව ( කටු , තික්ත , ලවණ රස ආහාර වැඩිපුර ගැනීම ) .
🏵️ ගර්බනී මවගේ හා උපත ලද දරුවාගේ නින්ද. ( මවට ගර්බනී කාලයේදි හා දරුවාටද ප්‍රමාණවත් නින්දක් තිබිය යුතුය . )
🏵️ බබා ගේ මානසික තත්වය ද මෙම ඔටිසම් රෝගයට ප්‍රධානම හේතුවක් වෙනවා . දරුවාට අවුරුදු පහක් වත් යනකම් ආදරය කරුණාව මෙන්ම අවධානය යොමු කරන්න ඕන
🏵️ මීට අමතර ව සහජ ද හේතු ද එ නම් ජානමය හේතු බලපානවා මවගේ හා පියාගේ පාර්ශ්වයෙන් ඔටිසම් රෝගයට ගොදුරු වූ අයෙක් සිටියේ නම් තම දරුවාට ද මෙම රෝගය ඇතිවීමේ රෝග ඇති වීමේ සම්භාවිතාවක් ඇත.
🏵️ ඒ වගේ ම තමයි ආගන්තුක හේතු මේ රෝගයට හේතු වෙනවා . එනම් හිසට සිදුවන ආබාධයන් වැටීම් , පහරදීම් හා දරුවා බිහිවීමේදී හිරවීම ( forcep delivery ) ආදියයි. මේවා ආයුර්වේදයේ දක්වන්නෙ ශිරෝ මර්ම අභිඝාත ලෙසට.
🏵️ දරුවා හුදෙකලා වීම ,දරුවාට ආදරය ආරක්ෂාව කුඩා කාලයේදීම නොලැබී යාමත් ඔටිසම් රෝගයට හේතු වෙනව.
රෝග ලක්ෂණ
ඔටිසම් යනු රෝග ලක්ෂණ කිහිපයක එකතුවකි ( autism spectrum disorder ).
මෙම ලක්ෂණ දරුවාගෙන් දරුවාට වෙනස් වෙන්න පුළුවන් . ඒ වගේ ම තමයි මෙම රෝග ලක්ෂණ තිබූ පමණින් එය ඔටිසම් කිව නොහැක . එනමුත් ඔටිසම් දරුවන් තුළ මෙම ලක්ෂණ දැකගත හැක .
🏵️ ප්‍රධාන ම ලක්ෂණයක් තමයි මේ දරුවන් ට eye contact නොමැති ව්ම. එනම් මව සමග පවා ඇසට ඇස බලන් කතා කිරීමට අපහසු වීම. ඕනෑම දරුවෙකු කුඩා කාලයේ දී පවා තම මවට අවධානය යොමු කරනවා .නමුත් ඔටිසම් සහිත දරුවන් තුල මෙම අවදානය දක්නට ලැබෙන්නෙ නැහැ.
🏵️ සාමාන්‍යයෙන් දරුවෙක් මාස හයක් පමණ වන විට සිනහවකින් ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙනවා . නමුත් ඔටිසම් දරුවකු තුළ මෙම සිනහවත් දැකගත නොහැකිය.
🏵️ දරුවාගේ නම පවසා ආමන්ත්‍රණය කළ ද එයට ද ප්‍රතිචාර නොදක්වයි.
🏵️ දරුවාට අවුරුදු එකහමාරක් වන තුරුත් දරුවා කතා නොකරයි. දරුවා සතුව වචන දෙකක් තුනක් පමණක් තිබුණ ද ඉන් එහාට කතා කිරීමේ ප්රවනතාවක් දරුවා තුළ නො වීම
🏵️ සමහර විට දරුවා අවුරුදු එක හමාර වන විට කතා කිරීමට පටන් ගෙන එම කථා කිරීමේ හැකියාව එකවර නතර කිරීමටත් හැක.
🏵️ එසේම මෙම ඔටිසම් රෝග සහිත දරුවන් තනිවම කාලය ගෙවීමට කැමති ය.
🏵️ සම වයසේ දරුවන් සමඟ වුවද සෙල්ලම් කිරීම පවා ප්‍රතික්ෂේප කරයි
🏵️ මෙම දරුවන් කැරකෙන වස්තුන් දෙස බලා සිටීමට දැඩි කැමැත්තක් දක්වයි .විදුලි පංකාවක් ඇත්නම් එය කැරකෙන දෙස බොහෝ වේලා බලා සිටී .
🏵️ සෙල්ලම් කිරීමට සෙල්ලම් බඩු දුන් විට ඒවා පෝලිමට තබයි සෙල්ලම් බඩු වල කුඩා කොටස් අතගා බලයි දරුවාට සෙල්ලම් බඩු අවබෝධ කරගත නොහැක ඒ කටේ දාගන්න උත්සාහ කරයි .
🏵️ දරුවා තම ඇඟිල්ලෙන් යම් දෙයක් නොපෙන්වයි. දෙයක් පෙන්වීමට අවශ්‍ය වූ විට මවගේ හෝ වෙන කෙනෙක්ගේ කෙනෙක්ගෙ ඇඟිල්ල භාවිතා කරමින් එය පෙන්වයි
🏵️ කඩදාසියක් දුන් විට එය කැබලි වලට ඉරා දැමීම හෝ ඉරා දැමූ ඒවා රෝල් වැනි ක්‍රියාකාරකම් වල නිරත වෙයි .
🏵️ දරුවාගෙන් සරල ප්‍රශ්නයක් ඇසුවද එයට කල්පනා කර බලා උත්තර දීමේ හැකියාවක් නැත.
🏵️ මෙවැනි දරුවන් නිවසින් පිටතට රැගෙන ගිය විට ද දරුවාගේ හැසිරීම වෙනස් විය හැක .දරුවා නොසන්සුන් වෙයි කලබල කාරී වෙයි
🏵️ දරුවාගෙන් ප්‍රශ්නයක් ඇසූ විට ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට නැවත එම ප්රශ්නය ම උච්චාරණය කරයි
🏵️ හේතුවකින් තොරව කෑගසා හැඟීම හේතුවකින් තුළ සිනා වීම ආදිය ලක්ෂණද දැකගත හැක
🏵️ සමහර විට කෑමට දැඩි කැමැත්තක් හෝ අකමැත්තක් දැක්විය හැක .මොවුන්ගේ ඇති අසාමාන්‍ය ස්නායු සන්නිවේදන ය ද මෙයට හේතු වේ .
🏵️ දරුවා විවිධ ශබ්ද හා අංග චලන භාවිතා භාවිතා කිරීම ඇඟිලි සෙලවෙමින් ඒ දෙස බලා සිටීම උඩ පැනීම වේගයෙන් දිවීම ද මෙහි ලක්ෂණ වෙයි
🏵️ මෙම ලක්ෂණ සියල්ලම එක දරුවකු තුළ නොතිබීමට හැක නමුත් ලක්ෂණ දෙක තුනක් ලෙස ආදී අන්තර්ගතයක් තිබිය හැක .
ඔටිසම් රෝගී දරුවෙකු බලා ගැනීම
මෙවැනි දරුවෙක්ගේ සාමාන්‍ය දරුවෙක් ට වඩා ආදරේ ආදරය රැකවරණය ආරක්ෂාව අවශය වගේම තමයි විශේෂ අවධානයක් යොමු කිරීමත් ඉතා වැදගත්.
මෙවැනි දරුවෙක්ගේ වැරදි වලට දඬුවම් කිරීම සැර සැරවැර කිරීම සුදුසු නැහැ. දරුවාට ආදරයෙන් යම් දෙයක් පැහැදිලි කර දිය යුතුයි මෙවැනි දරුවකු නොසලකා හැරීමෙන් සිදු වනුයේ මෙම රෝගී තත්ත්වය ජීවිත කාලය පුරාම බලපාන අයුරින් වර්දනය වීමයි .
.
වැදගත් ම දේ තමයි දරුවා සමඟ කාලය ගත කිරීම. වර්තමානය සමාජයේ කාන්තාව ගත්තම ගොඩක් කාර්යබහුලයි.
බොහෝ විට දරුවා කුඩා කාලයේ සිටම හ හැදී වැඩෙන්නේ දිවා සුරකුම් මධ්‍යස්ථාන වල. මෙය දරුවාගේ මානසික තත්ත්වයට බොහෝ සෙයින් බලපෑම ඇති කරයි.
ඒ වගේම තමයි දෙවැනි වර දරුවෙක් උපත ලද විට පලමු දරුවාට අවධානය නොලැබී යෑම . එසේ නොවී එම දරුවාට ද ආදරය රැකවරණය අවදානය ලබා දිය යුතුයි .
සියලු දෙනාගේ ම කැමැත්ත තමයි නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරුවෙක්. ඉතිං ඒ සඳහා ගර්භනී කාලයේදී මෙන්ම දරුවා උපත ලද පසුත් ඒ වෙනුවෙන් කැප වී කටයුතු කළ යුතුයි .
ප්‍රතිකාර
රෝගීන් මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාරවලට යොමුවීම සංකූලතාවලින් තොර වීමට හේතුවක් වෙනවා .
මේ සදහා බටහිර වෛද්‍ය අනුකූල ව මනෝ රසායනික චිකිත්සා ප්‍රතිකාර , සංවේදන හැකියාවන් වර්ධනය කිරීම දරුවාට නිවැරදි හැසිරීම් රටා පුරුදු කිරීම කථන පුහුණු ආදීය අනුගමනය කරනු ලැබේ
ආයුර්වේදයට අනුව මේද්‍ය රසායන ඖෂධ එනම් බුද්ධි වර්ධක ඖෂධ හා පංචකර්ම ප්‍රතිකාර අඩංගු ( ශිරෝ තෛල අභ්‍යංග , ශීරෝධාරා , ශිරෝ වස්ති ) ප්‍රතිකාර පද්ධතියක් පවතිනව.
එම නිසා දෙමව්පියන් වශයෙන් දරුවාට වැඩි අවධානය යොමු කොට මෙම මෙවැනි රෝග තත්ත්වයන් හඳුනාගෙන දරුවා ව නිසි සුදුසුකම් සහිත පළපුරුදු වෛද්‍යවරයකු වෙත යොමු කිරීම දෙමාපියන්ගේ වගකීම යි.
Friday, August 21, 2020
ආයුර්වේදය හා ගර්භනීහාවය
Tuesday, August 18, 2020
BPH - වයස්ගතවීමත් සමඟ පුරුෂයන්ට ඇතිවන රෝග (දෙවන කොටස)
තව ද මේ සදහා වාත ශමන ප්‍රතිකාර , මූත්‍ර කාරක ඖෂධ අභ්‍යන්තර ඖෂධ ලෙස ලබා දෙන අතර බාහිරව වාත සමන පැලැස්තර යෙදීම ද සිදු කරයි. මෙසේ ලබදෙන ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. රෝගියාගේ ප්‍රකෘතිය , රෝග ලක්ෂණ , රෝගියාට ඇති වෙනත් රෝග ( දියවැඩියාව ආදි ) අනුව වෙනස් වන නිසා මෙම ප්‍රතිකාරයන් නිසි සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගේ උපදෙස් යටතේ ලබා ගැනීමෙන් ඔබට මෙම රෝගය සුව කර ගැනීමට හැක. ප්‍රතිකාර ලබා ගන්න කාලය තුල මෙන්ම ඉන් පසුවද දුම්පානය , මත්පැන් පානය හා ඌශ්න ආහාර පාන වලින් වැලකී සිටීම මෙම රෝගය හා සම්බන්ධ ඔබගේ සෞඛ්‍ය තත්වය ඉහල යාමට හේතුවේ.
Friday, August 14, 2020
BPH - වයස්ගතවීමත් සමඟ පුරුෂයන්ට ඇතිවන රෝග (පළමු කොටස)
පුරස්ථි ග්‍රන්ථිය ( prostate gland )යනු පිරිමින්ගේ ප්‍රජනක පද්ධතියට අයත් ග්‍රන්ථියකි. මෙය මුත්‍රාශය පතුලේ ඇති කුඩා අවයවයකි. මෙම ග්‍රන්ථිය මගින් ශුක්‍රාණු වලට අදාල ස්රාවයන් නිපදවන අතර එය මුත්රාශයට මුදාහැර ශුක්‍රාණු තරලය හා මිශ්‍රව ශරීරයෙන් ශුක්‍රාණු සමග පිට කරයි.
වයස අවුරුදු 50ක් 55ක් පමණ වන විට පිරිමින්ගෙන් 25% පමණ පුද්ගලයින්ට පුරස්ථි ග්‍රන්ථිය ආශ්රිත රෝගාබාධ හට ගනී. පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම ද මේ අතුරින් එක් රෝගයකි. ආයුර්වේදයේ සුශ්‍රැත සංහිතාවේ මුත්‍ර රෝග 12ක් දක්වා ඇත. ඉන් එකක් වන "වාතඅෂ්ඨිල" නමින් හඳුන්වනුයේ මෙම පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමේ රෝගයයි.
- රෝගය ඇති වන අයුරු
- රෝග ලක්ෂණ
වැදගත්ම කරුණ වනුයේ වෙනත් රෝග සඳහා ද මෙම ලක්ෂණ ඇතිවිය හැකි වීමයි. උදාහරණ ලෙස මුත්‍රා ගල් වලදී , මුත්‍රා ආසාදන තත්ත්ව වලදී ද මෙම ලක්ෂණ හට ගනී. එම නිසා නිවැරැදිව රෝගය හඳුනා ගැනීම වැදගත් කරුණකි. රෝගය වෙන්කර හඳුනාගැනීම ගැනීම සඳහා විවිධ පරීක්ෂණ ඇත.
Thursday, May 25, 2017
අක්ෂි රෝග
නමුත් මේ පසිඳුරන්ට කුමක් හෝ අශුභ දෙයක් වූවොත් එය අපගේ දිවි ගමනට භාධාවකි. එම අවයව රෝගී වීම හෝ විකෘති වීම මගින් ඉන් ලැබෙන ඵලය නොමැති වී යයි. අප විසින් ඒ අවයව වල උපදින රෝගාබාධ පිලිබඳව දැන සිටීම වටී. එසේ නම් අද අප මුල්ම සංවේදී අවයවයේ ඇති වන රෝග පිලිබදව කතා කරමු. මුලින්ම රෝග හේතු සහ ප්‍රබේධ පිලිබඳව දැන ගනිමු.
- නේත්‍ර රෝග පොදු හේතු.
*අධික උෂ්ණයේ සිට විත් සැනින් ජලය ස්නානය කිරීම - තාප විපර්යාසය නිසා
*දුර පිහිටි දෙයක් දෙස බොහෝ වේලා බලා සිටීම - ඉන් ඇසට රුධිර සැපයුම අඩු වී ඇස දුර්වල වේ.
යන මෙම හේතු දීර්ග කාලයක් ඇසුරු කිරීම නිසා නේත්‍ර රෝග උපදී.
ඉහත හේතු වලින් කිපෙන දෝෂ ශරීරයේ ශිරා සහ ධමනි ඇසුරු කර ඉන් හිසට ගමන් කොට නේත්‍රයේ විවිධ දරුණු රෝග උපදවයි. මෙහිදී විශබීජද දෝෂ කෝපයට හේතු වේ.
- ඇස් ලෙඩක් වැළඳීගෙන එන බවට පෙර නිමිති.
1) ඇසේ කඳුලු පිරී බොර පාටට අපහැදිලි අඳුරු පාටින් පෙනීම
යන මේවා මද වශයෙන් පහල වේ.
වර්ත්ම කෝපයකදී ශූලය පහල වේ. තවද,
*විවිධ වර්ණ පෙනීම.
- නේත්‍ර රෝග සංඛ්‍යා.
නේත්‍ර රෝග සම්පූර්ණ ප්‍රමාණය 76කි.
නේත්‍ර සංධි ඇසුරු කොට රෝග - 09