Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Thursday, May 25, 2017

අක්ෂි රෝග






ලොව වෙසෙන සියලු සත්වයින් ඉපදී ජීවත් වී මිය යයි. සෑම පුද්ගලයෙක්ටම සහ ද්‍රව්‍යකටම අකමැත්තෙන් හෝ මේ න්‍යායට යටත් වීමට සිදු වේ. කිසිවකු දුක් විඳීමට කැමති නැත. මා මෙන්ම ඔබද සුව සේ ජීවත් වීමට කැමතිය. මෙහිදී ලෞකික දිවිය ගෙවන්නා සැපය ලෙස හඳුන්වනුයේ පසිඳුරන් පිනවීම සහ මනස පිනවීමය. එසේ නම් පසිඳුරන් පිනවීමට පංච ඉන්ද්‍රිය යහපත් අයුරින් පවත්වා ගත යුතුය. එවිට මනසද ඉබේම යහපත් වේ.

නමුත් මේ පසිඳුරන්ට කුමක් හෝ අශුභ දෙයක් වූවොත් එය අපගේ දිවි ගමනට භාධාවකි. එම අවයව රෝගී වීම හෝ විකෘති වීම මගින් ඉන් ලැබෙන ඵලය නොමැති වී යයි. අප විසින් ඒ අවයව වල උපදින රෝගාබාධ පිලිබඳව දැන සිටීම වටී. එසේ නම් අද අප මුල්ම සංවේදී අවයවයේ ඇති වන රෝග පිලිබදව කතා කරමු. මුලින්ම රෝග හේතු සහ ප්‍රබේධ පිලිබඳව දැන ගනිමු.

  • නේත්‍ර රෝග පොදු හේතු.


*අධික උෂ්ණයේ සිට විත් සැනින් ජලය ස්නානය කිරීම - තාප විපර්‍යාසය නිසා

*දුර පිහිටි දෙයක් දෙස බොහෝ වේලා බලා සිටීම - ඉන් ඇසට රුධිර සැපයුම අඩු වී ඇස දුර්වල වේ.
 
*දවල් නිදීම, රාත්‍රී නිදි වැරීම.
 
*බොහෝ වේලා හැඬීම - අනවශ්‍ය ලෙස නේත්‍රයෙන් කඳුලු ගැලීම නිසා ඇස වියලී කඳුලු නාල වියලී යයි.
 
*අධික කෝපය හා ශෝකය - ක්‍රෝමිසෝල් ස්‍රාවය වීම නිසා අඬන විට ඇස් රතු වේ. මෙය සෑම කෙනෙකුගේම නොපෙනේ. මෙසේ වන්නේ හෝමෝන බලපෑම නිසයි
 
*ඇසට පහර වැදීම - මෙවිට ඇස තැලේ.
 
*අධික මෙවුන්දම් සේවනය - ඇසට අවශ්‍ය රුධිර ප්‍රමාණය නොලැබී යයි.
 
*උෂ්ණ විදාහී දේවල් නිසා ඇස් වල කැසීම් ඇති වීම.
 
*කොල්ලු උඳු ආදිය අධික සේවනය.
 
*ඇසට අධිකව දුම් ඇල්ලීම.
 
*නිදා ගැනීම වැලැක්වීම.
 
*දූවිලි ආදිය ඇසට ප්‍රවේශ වීම.
 
*වමනය වැලැක්වීම හා වමනය අධික ලෙස පිට වීම - ඉන් ඇස් රතු වේ. රුධිර නාල වල පීඩනය වැඩි වේ. ඇසේ පීඩනයද වැඩි වේ.
 
*ඉතා සියුම් දේ දීර්ග කාලීනව ඇසුරු කිරීම.

යන මෙම හේතු දීර්ග කාලයක් ඇසුරු කිරීම නිසා නේත්‍ර රෝග උපදී.

ඉහත හේතු වලින් කිපෙන දෝෂ ශරීරයේ ශිරා සහ ධමනි ඇසුරු කර ඉන් හිසට ගමන් කොට නේත්‍රයේ විවිධ දරුණු රෝග උපදවයි. මෙහිදී විශබීජද දෝෂ කෝපයට හේතු වේ.

  • ඇස් ලෙඩක් වැළඳීගෙන එන බවට පෙර නිමිති.


1) ඇසේ කඳුලු පිරී බොර පාටට අපහැදිලි අඳුරු පාටින් පෙනීම
 
2) මද ලෙස ඉදිමුම.
 
3) කඳුලු ගැලීම.
 
4) කබ බැඳීම.
 
5) ඇසේ බර බව.
 
6) දැවිල්ල, වේදනාව.
 
7) ඇදුම් කෑම.
 
8) ඇස රතු වීම.

යන මේවා මද වශයෙන් පහල වේ.

වර්ත්ම කෝපයකදී ශූලය පහල වේ. තවද,
 
*ඇසේ පිරුණාක් වැනි දැනීම.

*විවිධ වර්ණ පෙනීම.
 
*පෙර පරිදි ඇස ක්‍රියා කිරීමට අපහසු වේ.
 
*එනම් ඇසිපිය චලන විකෘති රූප දැකීමේ විකෘති ඇති වේ.

  • නේත්‍ර රෝග සංඛ්‍යා.


නේත්‍ර රෝග සම්පූර්ණ ප්‍රමාණය 76කි.
 
මෙම ප්‍රමාණය නේත්‍රයේ රෝග ඇති වන ස්ථානය අනුව ප්‍රභේද වේ.

නේත්‍ර සංධි ඇසුරු කොට රෝග - 09
 
වර්ත්ම මංඩල ගත රෝග - 21
 
ශුක්ල ගත රෝග - 11
 
කෘෂ්ණ මංඩල ගත රෝග -04
 
සර්ව නේත්‍ර ගත -17
 
දෘෂ්ටි ගත රෝග -02
 
භාහ්‍ය රෝග -02


මූලාශ්‍රය : Indigenous Medical Treatment Center Facebook group

ඔසප් රෝග නසන හාතාවාරිය



විශේෂ ගුණපැරැණි ආයුර්වේද මූලග්‍රන්ථවල හාතාවාරිය වයස්ථාපන ඔෟෂධයක් ලෙස දක්වා ඇත. එහි අදහස වන්නේ හාතාවාරිය යොදාගෙන පිළියෙල කරනු ලබන විශේෂ ඔෟෂධ මඟින් යමකුගේ වයස්ගත වීම ප්‍රමාද කළ හැකි බවයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ වයස්ගත වීමත් සමඟ ඇතිවන විවිධ අපහසුතා මඟහරවා ගැනීමට හාතාවාරියවලට පුළුවන්. සම රැලිවැටීම, විඩාබර බව සහ ශරීරයේ වාතදෝෂය ප්‍රමුඛ වීමෙන් ඇතිවන දුර්වලතාවන් අවම කිරීමට හාතාවාරිය අනගි ඔෟෂධයකි.එසේම හාතාවාරිය ‘බල කාරක’ ඔෟෂධයක් ලෙසත් රසායන ඔෟෂධයක් ලෙසත් ප්‍රසිද්ධය. වයස්ගත වීමත් සමඟ කාන්තාවන්ගේ ඔසප් නතරවීමෙන් ඇතිවන විවිධ අපහසුතා සහ දුර්වලා මඟහරවා ගැනීමටත් හාතාවාරිය ප්‍රත්‍යක්ෂ ඔෟෂධයකි.

විශේෂ ගුණ : 

පැරැණි ආයුර්වේද මූලග්‍රන්ථවල හාතාවාරිය වයස්ථාපන ඔෟෂධයක් ලෙස දක්වා ඇත. එහි අදහස වන්නේ හාතාවාරිය යොදාගෙන පිළියෙල කරනු ලබන විශේෂ ඔෟෂධ මඟින් යමකුගේ වයස්ගත වීම ප්‍රමාද කළ හැකි බවයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ වයස්ගත වීමත් සමඟ ඇතිවන විවිධ අපහසුතා මඟහරවා ගැනීමට හාතාවාරියවලට පුළුවන්. සම රැලිවැටීම, විඩාබර බව සහ ශරීරයේ වාතදෝෂය ප්‍රමුඛ වීමෙන් ඇතිවන දුර්වලතාවන් අවම කිරීමට හාතාවාරිය අනගි ඔෟෂධයකි.

එසේම හාතාවාරිය ‘බල කාරක’ ඔෟෂධයක් ලෙසත් රසායන ඔෟෂධයක් ලෙසත් ප්‍රසිද්ධය. වයස්ගත වීමත් සමඟ කාන්තාවන්ගේ ඔසප් නතරවීමෙන් ඇතිවන විවිධ අපහසුතා සහ දුර්වලා මඟහරවා ගැනීමටත් හාතාවාරිය ප්‍රත්‍යක්ෂ ඔෟෂධයකි.

  • කිරි නිපදවීම වැඩිකිරීමටත් පුළුවන්

කිරි දෙන මවුවරුන්ට කිරි හොඳින් එරීම සඳහා භාවිත කරන ඔෟෂධවලට හාතාවාරිය අයත් වෙනවා.
එමෙන්ම කාන්තාවන්ගේ කෘශ බව මඟහරවා ගැනීමටත් පියයුරු වර්ධනය කිරීමටත් හාතාවාරියවලට පුළුවන්.

  • ඔෟෂධ වශයෙන් භාවිත කරන කොටස්

හාතාවාරිය ශාක යේ ප්‍රධාන වශයෙන්ම ඔෟෂධ සඳහා යොදාගනු ලබන්නේ මුල් අලය. පෙර කී ඔෟෂධ නිපදවීම යොදාගනු ලබන්නේ මෙම මුල්ය. මුල් විශාල සංඛ්‍යාවක් තිබෙන බැවින් ශතමූලී ලෙසද හාතාවාරිය හඳුන්වයි.

  • හාතාවාරිය කොළ කැඳ

මීට අමතරව හාතාවාරිය කොළ ‘කොළ කැඳ’ පිළියෙල කිරීම සඳහා යොදාගනී. හාතාවාරිය කොළ පොල් සමඟ කොටා යුෂ මිරිකාගෙන එයට කැකුළු හාල් ස්වල්පයක් දමා උයා කොළ කැඳ පිළියෙල කරගත හැකිය. මෙය රසවත්, මෙන්ම ගුණදායක ආහාරයක්. රෝග කීපයකටම ගුණදායක වේ.

විශේෂයෙන්ම කෙට්ටු අය පුෂ්ටිමත් කිරීමටත්, පිත බහුලවීමෙන් ශරීරයේ ඇතිවන දැවිල්ල, අධිකව දහදිය දැමීම අඩුකරන අතර කාන්තාවන්ගේ ඔසප් දෝෂවලටද ගුණදායකය. කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නතරවීමට ආසන්න කාලයේදී සහ ඔසප් චක්‍රය නතරවීමෙන් ඇති වන ශාරීරික අපහසුතා අවම කිරීමටත් මෙම හාතාවාරිය කොළ කැඳ වටිනා ඔෟෂධයකි.

  • රසායනික සංයුතිය

හාතාවාරිය මුල්වල අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී රසායන ද්‍රව්‍ය වන්නේ Shatavarin රසායන කාණ්ඩයකි. මෙහි සංයෝග ගණනාවක් අඩංගු වේ. මීට අමතරව Steroidal Sapoin, Isoflavones, Asparagamine සහ Racemosal යන රසායනිකයන් අඩංගු වේ. හාතාවාරිය කොළවල Diosgenin නම් රසායනිකයක් අඩංගු වේ.

  • නවීන පර්යේෂණාත්මක සොයාගැනීම්

හාතාවාරිය අල යොදාගෙන කරනු ලැබූ පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ හාතාවාරිය මඟින් යමකුගේ ප්‍රතිශක්තිය වර්ධනය කරනු ලබන බවයි. එසේම ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා ආයුර්වේදයේ කියනු ලබන ‘වයස් ස්ථාපන’ ගුණය හාතාවාරියවලට ඇති බවද සනාථ වේ. මීට අමතරව ආහාර මාර්ගය ආශ්‍රිත ඇතිවන තුවාල සුව කිරීමටත් හාතාවාරියවලට පුළුවන් (Anti Ulces Activity). මේ නිසා Peptic Ulcer යන රෝග සඳහාද හාතාවාරිය ගුණදායකයි. ආතතිය අඩුකිරීමටත් (Adaptogenic) හාතාවාරිය සුදුසුයි.


  • ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන ක්‍රියාකාරීත්වයක්
හාතාවාරියවල අඩංගු ප්‍රධාන සංඝටකවල ක්‍රියාකාරිත්වය කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වයට සමානකමක් දක්වයි. මේවා Steroid කාණ්ඩයට අයත් නොවේ. මේ නිසා හාතාවාරිය අඩංගු ඔෟෂධ කාන්තාවන්ගේ ඔසප් දෝෂවලටද ආර්ථවාභාවය (Menopause) හා සම්බන්ධ අපහසුතාවලටත් සුවදායකයි.

විශේෂයෙන්ම ආර්ථවාභාවය නිසා ඇතිවන නොසන්සුන් බව හෘදයේ අධි ක්‍රියාකාරිත්වය, නින්දට ඇතිවන බාධාව, මුහුණ රතුවීම Hot Flushes රාත්‍රියේ දහදිය දැමීම, විඩාබර ගතිය හා පියයුරුවල ඇතිවන වේදනා ආදිය හාතාවාරිය අඩංගු ඔෟෂධවලින් අවම වේ.
තවත් වැදගත් කාරණයක් වන්නේ කාන්තාවන්ගේ ආර්ථවාභාවයට පසුව ඇතිවිය හැකි අස්ථි දිරායෑම පාලනයටත් හාතාවාරිය ගුණදායක ඔෟෂධයකි.

  • සමේ පැහැපත් බවටත් හාතාවාරිය
හාතාවාරිය සමේ පැහැපත් බව ඇතිකරනවා. හාතාවාරිය කොළ කොටා මිරිකා ගන්නා යුෂ එළකිරි සමඟ පානය කිරීමෙන් සුන්දර සමක් ඇතිවෙනවා. හාතාවාරිය ස්වරස මීපැණි සමඟ බීමෙන් මුඛයේ ඇතිවන උෂ්ණ බිබිළි, තුවාල ආදියත් සුවවෙනවා.
  • ඔසප් වීමේදී වැඩිපුර රුධිරය පිටවනවිට
සමහර කාන්තාවන්ට ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවන අවස්ථා තිබෙනවා. මේ සඳහා බොහෝ හේතු තිබෙන්න පුළුවන්. එහෙත් හාතාවාරිය මඟින් ඒ තත්ත්වය සුව කරගත හැකියි.

• කුඹුක් පොතු, අරළු, නෙල්ලි සහ හාතාවාරිය අලවලින් පිළියෙල කරගන්නා ඔෟෂධ බීමෙන් අධික රුධිර වහනය සුවවේ.

• වෙනිවැල්ගැට, නෙල්ලි, හාතාවාරිය අල තැම්බූ කෂායෙන්ද ඉහත රෝග අවස්ථාවට සුවය ලැබේ.
නිතර නිතර ඇතිවන මුත්‍රා දැවිල්ලට

• කාන්තාවන් සමරුන්ට නිතර නිතර මුත්‍රා දැවිල්ල ඇතිවන අවස්ථා ඇත. අලුත විවාහපත් වූ යුවතියන්ද මෙසේ මුත්‍රා දැවිල්ල ඇති වූ විට හාතාවාරිය අල, ඉරමුසු, පොල්පලා තම්බා බීමෙන් මුත්‍රා දැවිල්ල සුව වේ.

  • ශරීරයේ දැවිල්ලට
උෂ්ණ කාලවලදීද සමහර විට වැඩිපුර දහදිය දමන අවස්ථාවලද ඇඟේ දැවිල්ල ඇතිවන අය සිටිති.
මෙයට හේතුව පිත දෝෂය වැඩිවීමයි.

මේ අවස්ථාවේ හාතාවාරිය අල, ඉරමුසු, සුදුහඳුන් හා ඉරිවේරිය යන ඒවා කෂායක් වශයෙන් හෝ තම්බා පානයක් වශයෙන් ගැනීමෙන් ශරීරයේ දැවිල්ල අඩුවේ.
  • ශරීරය පෘෂ්ටිමත් වීමට
සමහර තරුණියන් කෙතරම් ආහාර ගත්තද ශරීරය ඉතාම කෘශයි. (කෙට්ටුවයි.) මෙවැනි අවස්ථාවක ඇයගේ කුසගින්න හොඳ තත්ත්වයේ පවතී නම් හාතාවාරිය අල චූර්ණය තේ හැඳි 01ක් පමණ එළකිරි හෝ ගිතෙල් සමඟ දිනපතා දෙවරක් බැගින් ගැනීමෙන් පුෂ්ටිමත් වේ.

මෙසේ හාතාවාරිය නම් වූ ඔෟෂධීය ශාකය සම පැහැපත් කිරීමේ සිට විශේෂයෙන්ම කාන්තා රෝග ගණනාවකට ප්‍රතිඵලදායක වටිනා ඔෟෂධයක් බව පෙනේ.
මෙවැනි හාතාවාරිය අඩංගු ඔෟෂධ විශාල සංඛ්‍යාවක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිත වේ. 


මූලාශ්‍රය : 

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය

බෙහෙත් කඩේ බෙහෙත්වලින්ම ආත්‍රයිටිස්‌ රෝගයට බෙහෙතක්‌.....



මම මුලින්ම ඔබට දෙන්නම් ආත්‍රයිටිස්‌ රෝගය සඳහා වසර දහසකට වැඩි කලක්‌ තිස්‌සේ පාවිච්චි කෙරෙන ආයුර්වේද කසායක්‌. ආමයට තිත්ත රස යෝග්‍ය නිසා ආත්‍රයිටිස්‌ රෝගයට මේ කසාය ඉතාම හොඳ බවයි ආයුර්වේදයේ කියෑවෙන්නේ. මේ සඳහා පහත සඳහන් ඖෂධ වර්ග අවශ්‍යයි. එනම්, සුදු හඳුන්, ඉරිවේරිය, අමු ඉඟුරු, කලාඳුරු අල, දුම්මැල්ල. කොහොඹ පොතු, බිංකොහොඹ. පාවට්‌ටා මුල්, කටුවැල්බටු, මේ සියල්ල කලං 1 මංචාඩි 6 බැගින් අරගෙන වතුර කෝප්ප 8 ක්‌ සමඟ මිශ්‍ර කරලා අනුපාන වශයෙන් සීනි සහ මී පැණි මිශ්‍ර කර උදේට කෝප්ප භාගයකුත්, සවසට කෝප්ප භාගයකුත් පානය කළ යුතුයි.  

මෙසේ එක දිගට දින 6 ක්‌ පානය කළ විට (එනම් කසාය හැලි 6 ක්‌) ආත්‍රයිටිස්‌ වේදනාව සහ ඉදිමුම මඟ හැරී යනවා.

අපි මීළඟට බලමු මේ සඳහා යොදා ගෙන තිබෙන ඖෂධවල ගුණාගුණ මොනවද කියලා.

1. සුදු හඳුන් - Santalum album යනුවෙන් හැඳින්වෙන සුදු හඳුන් ගස වසර 100 කට වැඩි ආයු කාලයක්‌ තිබෙන ශාකයක්‌. ලක්‍ෂමී දේව මාතාවගේ වාස භවනය ලෙස ඉන්දියානුවන් සුදු හඳුන් ගස හඳුන්වන අතර එම නිසා එය වන්දනීය ශාකයක්‌ බවට පත් වෙනවා. සුදුහඳුන් යනු ශරීරය සිසිල් කරන ද්‍රව්‍යයක්‌ ලෙස තමයි ආයුර්වේදයේ හඳුන්වන්නේ. විශේෂයෙන් අත් පා වල දැවිල්ලක්‌ තිබේ නම් ඇල්වතුරෙන් ගලගා ගත් සුදු හඳුන් එම තැන්වල ආලේප කරන ලෙස ආයුර්වේදයේ සඳහන් වෙනවා. මෙය වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ රූපලංකරණ ඖෂධයක්‌ ලෙසයි. රුධිරය පිරිපහදු කිරීමේ ගුණය, වාජීකරණ ගුණය, ලේ වහනය වීමේ තත්ත්වයක්‌ පාලනය කිරීමේ හැකියාව, පණුවන් ගැසු තුවාල පිරිසිදු කිරීමේ බලය, විඩාව දුරලීමේ ගුණය, විජලනය නැති කිරීමේ බලය යනාදිය සුදු හඳුන් සතුව තිබෙනවා.


2. ඉරිවේරිය - Plectranthus Zelenicus යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ඉරිවේරිය සිසිල් ගුණයෙන් යුත් කුසගිනි වඩන ශාකයක්‌. පාචනය, අතීසාරය වැනි රෝගවලදී ඉරිවේරිය කොටාගත් ඉස්‌ම බඳුනක දමා එතුළට ගිනියම් කළ යකඩ කැබැල්ලක්‌ දමා යුෂ පැසී තිබුණු පසු මී පැණි සමඟ මිශ්‍ර කර රෝගියාට පානය කිරීමට දෙනවා.


3. කලාඳුරු - CYPERUS Rotundas යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කලාඳුරු පාරම්පරික සිංහල වෙදකම තුළ ඉතා වැදගත් ශාකයක්‌. වෛද්‍ය උපදෙස්‌ මත කලාඳුරු ආහාරයට ගැනීමෙන් ආමාශයෙහි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වනවා. ක්‍රිමි රෝග සඳහා හොඳ ඖෂධයක්‌ ලෙසත් මෙය පිළිගන්නවා.


4. දුම්මැල්ල - මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නෙ Trichosanthes cucumerina යන්නයි. කහඋණ, නියුමෝනියාව, රක්‌තහීනතාව, පීනස, ක්‍රිමි රෝග, ඉදිමුම්, දද සහ කුෂ්ට, සොරයිසිස්‌ හෙවත් පොතු කබර, දියවැඩියාව, අක්‌මා රෝග, වමනය, ඇතුළු රෝග 25 කට ප්‍රතිකාර කිරීමට දුම්මැල්ල යොදා ගන්නවා.


5. බිං කොහොඹ - Andrographis paniculata හෙවත් බිං කොහොඹ ශාක ලෝකයේ සියලු තිත්ත ශාකයන් අතර අගරජු වශයෙන් සැලකෙනවා. වෛරස්‌ නාශක, සිසිල් ගුණය සහිත මේ පැලෑටිය ආයුර්වේදයේ සහ පැරැණි චීන වෛද්‍ය ක්‍රමවල ප්‍රධානතම අමුද්‍රව්‍යයක්‌. එනම් සෙම්ප්‍රතිශ්‍යාව සුවපත් කිරීමේ හැකියාව බිං කොහොඹ යුෂ වලට තිබෙනවා. චිකුන් ගුන්යා, සූකර උණ, උණසන්නිපාතය යන රෝග සුවපත් කිරීම සඳහා සිද්ධ වෛද්‍ය ක්‍රමය තුළ පරිහරණය කරන ප්‍රධානතම අමුද්‍රව්‍ය මෙයයි.

6. පාවට්‌ටා - මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Adhathoda Vasica යන්නයි. තිත්ත රසය සහිත ලඝූ/ රූක්‍ෂ ගුණ දෙන ශීත වීර්යය ඇති තරමක බෙහෙත් පැලෑටියක්‌ ලෙස මෙය ප්‍රකටයි. මෙහි පස්‌ පංගුවම ප්‍රයෝජනයට ගන්නවා.



මූලාශ්‍රය  : වෛද්‍ය වසන්ත උදයජීව 
                Team of Helabojun

හෙළඔසු හදුනාගනිමු - ඉරිවේරිය


  • උද්භිත විද්‍යාත්මක නාමය.
 - Plectranthus zeylanicus benth

 - Coleus zeylanicus (benth) cramer

  • කුලය.
 - LAMIACEAE (LABIATAE) තුලසි

  • සිංහල -ඉරිවේරිය
  • දෙමල -වෙට්ටියර්
  • සංස්කෘත -වාලකන්

ඉරිවේරිය ලංකාවට ආවේනික වූ පැලෑටියකි.මෙය දේශීය වෙදකමේ බහුලව යොදාගන්නා අතර එයටම ආවේණික සුගන්ධය නිසා පහසුවෙන් හඳුනාගත හැකිය. සෙන්ටිමීටර 60 ත් 90 පමණ උසට වැඩෙන ශාකය පඳුරු වශයෙන් වර්ධනය වේ.මෙම ශාකය ලංකාවේ කඳුරට පහත්බිම් ආශ්‍රිතව හා පහතරට පහත්බිම් ආශ්‍රිතව බහුලව දැකගත හැකිය.අත්බෙහෙතක් ලෙසද බහුලව යොදාගන්නා ඉරිවේරිය උදරය ආශ්‍රිත රෝග සඳහා විශේෂයි.

* ඉරිවේරිය ශාකය දේශීය වෛද්‍ය ක්‍රමය තුළ බහුලව යොදා ගැනෙන සුගන්ධවත් ඖෂධයකි.
* මෙහි සාමාන්‍යයෙන් දණ්ඩ රත් පැහැ වේ.
* මධ්‍යම හා පහතරට ප්‍රදේශවල සරුවට වැඩේ.
* බහු වාර්ෂික පැලෑටියකි.
* සෙවණ ප්‍රිය කරන මෙම ශාකය ඖෂධ ලෙස සහමුලින්ම භාවිතාවට ගනී.
* තිත්ත හා ක්ෂාය රසයෙන් යුක්තය.
* ඉරිවේරිය ශීත ගුණයෙන් යුක්ත වේ.
* පිත් රෝග හා සෙම් රෝග නසයි,ආහාර දිරවීම ඉතා හොඳින් සිදුකරයි.
උණ රෝගයේදී ප්‍රධාන වශයෙන් භාවිතා කරයි,බඩගින්න අඩුකමට, අතීසාරයට, සන්නි රෝගවලට ද භාවිතා කරයි,රත්පිත් රෝගවලදී (සිරුරේ ඇතිවන දැවිල්ල, උෂ්ණ ගතිය, දාහය වැනි අවස්ථා) භාවිතා වේ,පිපාසය මර්ධනය කිරීමට ආහාර රුචිය වැඩීමට හා අර්ශස් රෝග සුව කිරීමට යොදාගනු ලැබේ.


  • වමනය.
*ඉරිවේරිය මුල් ක්ෂාය කර බොන්න.
*ඉරිවේරිය ශාකය සහමුලින් ගෙන එහි යුෂ මී පැණි සමඟ බොන්න.

  • අතීසාරය.

*ඉරිවේරිය යුෂ එය ගිනියම් යකඩ කැබැල්ලක් දමා එම ඉස්ම බොන්න දෙන්න.
*ඉරිවේරිය මුල් ක්ෂාය කර බොන්න.
*ඉරිවේරිය, ඉඟුරු, කලාඳුරු අල ක්ෂාය කර බොන්න.


  • ලේ අතීසාරයට.

*ඉරිවේරිය, කලාඳුරු අල, බෙලිගැට මද ක්ෂාය කර බොන්න.


  • බඩේ කැක්කුමට.

*ඉරිවේරිය දලු, අමු ඉඟුරු සමව ගෙන කොටාගත් යුෂට රත් කළ යකඩ කැබැල්ලක් දමා රත් වූ පසු බීමට ගන්න.


  • ශරීර දාහයට.

*ඉරිවේරිය මුල් හා පත්‍ර තැම්බූ වතුර පානයට දෙන්න.


  • අර්ශස් රෝගයට.

*ඉරිවේරිය හා රතු ලූණු සමානව ගෙන වණ්ඩුවේ තම්බා එම යුෂ බීමට ගන්න.


  • ශීර්ෂ රෝගවලට.

*ඉරිවේරිය යුෂ යොදා සාදාගන්නා ලද තෙල් වර්ග ශීර්ෂ රෝගවලට ගුණදායක වේ,කෙස් වර්ධනය කරයි.


  • ඇස් රෝගවලට ද සුදුසුයි,ඇස් කැසීම දුරු කරයි


 මූලාශ්‍රය : ‎වෙදකම-WEDHAKAMA-WDK Facebook group


බඩ පපුව දැවිල්ලට ලෙමන් බොන්න හොදයිද ???

What Drinking Lemon Water Every Day Can Do to You | Eat This Not That


උදේ නැගිට්ට ගමන් ලෙමන් යුෂ මිශ්‍ර කළ ජලය වීදුරුවක් පානය කරන්න. ප්‍රථිඵලය පුදුමාකාරයි....


සිරුරේ ආම්ලිකතාවය මගහරවන්න ලෙමන් භාවිතා කරන්න පුලුවන්ද ? හිතන්නෙ නම් බෑ කියලා නේද ? අපි ඕනෙ කෙනෙක් දන්නවනේ ලෙමන් කියන්නේ ඇඹුල් රස දෙයක් කියලා. මේ කියන්න යන්නේ ඇඹුල් රස දෙහි වලින් ම ශරීරයේ ආම්ලිකතාවය නැතිකරන්න පුලුවන් විදියක් ගැන...

මුලින් ම කියන්න ඕනෙ කොහොමද මේ ශරීරයේ ආම්ලික බවක් ඇතිවන්නේ කියලා. ගොඩාක් වෙලා කෑම නොකා සිටීම නිසා හරි නැත්තම් සැර, ඇඹුල්, තෙල් සහිත ආහාර නිතරම ගන්න කෙනෙක්ගේ ආමාශයේ HCL කියන (හයිඩ්‍රොක්ලෝරික්) අම්ලය, ආමාශයේ ඉදන් ගල නාලයට ආපස්සට ගැලීමක් ඇතිවන නිසා පපුවට එනකම්ම මේ දැවිල්ල දැනෙනවා. ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් නම් මේ අත්දැකීම කොයි තරම් වේදනාවක් ද කියලා දන්නවනේ?? මේ ලෙඩේට අප්‍රසන්න තිත්ත බෙහෙත් බීලා එපා වෙලාද ? එහෙනම් මේ ලේසි ප්‍රතිකාරය කරලා බලන්නකෝ. 

නවතම පරීක්ෂණ වාර්ථා වලට අනුව, ලෙමන් කියන්නේ අධික ආම්ලික දියරයක් වුණත් පොඩි ප්‍රමාණයක් ශරීරයට ගත්තොත් ආමාශයට හිතකරයි කියලා තමා කියන්නේ. අධිකව ගන්න එකනම් කොහොමටවත් ම හොද නෑ. ලෙමන් ජලය සමග මිශ්‍ර කලවිට සෑසෙන දුබල අම්ලය හැසිරෙන්නේ භෂ්මයක් වගේ. ඉතින් මේ ජලයට මිශ්‍ර ලෙමන් වලට පුලුවන් ආමාශයේ ආම්ලික බව උදාසීන කරන්න. 

රෑට ටිකක් සැර කෑමක් කාලා නිදාගත්තොත් උදේ පාන්දර බඩ පපුව වේදනාවෙන් නැගිටින්න වෙනවනේ....දෙහි බිංදු කීපයක් දාපු වතුර වීදුරුවක් බීවා නම් ලේසියෙන් ම මේ වේදනාව නවත්ත ගන්න පුලුවන්.

ලෙමන් ආම්ලිකතාවය නැතිකරන්න විතරක් නෙවෙයි රුධිර පීඩනය අඩුකරන්න, ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරලා කෙට්ටු කරන්නත් හොද බෙහෙතක්.

gastric ulcer එහෙම නැත්නම් ආමාශයේ තුවාල තත්ව ඇතිවෙලා තියෙන කෙනෙක්නම් ඔයා ජලය මිශ්‍ර නොකර ලෙමන් පානය කරන්න එපා කවදාවත් ම...එහෙම කෙනෙක් ට පුලුවන් සීනි ටිකක් වැඩිපුර දාලා වතුර සමග මිශ්‍රකරලා හදාගත්ත රසවත් ලෙමන් පානයක් බොන්න. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මතයට අනුව ගැස්ට්‍රයිටිස් වලට ටිකක් පැණි රසට හදපු දෙහි බීම එකක් බොන එකෙන් ඉක්මණින් සහනය සලසාගන්න පුලුවන්.

ඒවගේම තමයි ලෙමන් විටමින් සී බහුල පලතුරක් නිසා සමට, හෘදයට වගේම රුධිරනාලිකා වල පැවැත්මටත් ඉතාම ගුණ පළතුරක් කියලා අමතක කරන්න එපා.....!!!!

මූලාශ්‍රය : අන්තර්ජාලය ඇසුරෙනි

හැඩකාර ජවසම්පන්න තරුණ සිරුරක් ඔයාටත් ඕනිද?




එහෙනම් ජපනුන්ගේ මේ ආහාර පුරුදු 7 අනුගමනය කරලා බලන්නකෝ.... 

ජපන් ජාතිකයින්ගේ වයස මූණ බලලා කියන්න පුලුවන්ද? බැහැ නේද ? ඔවුන් සාමාන්‍යයෙන් වසර 80 – 100 අතර ආයුකාලයක් ජීවත් වෙනවා. ලෝකයේ සෞඛ්‍ය සම්පන්න ජාතිය ජපනුන් කියලා තමා වාර්ථා වෙන්නේ...

ඔවුන්ගේ දීර්ඝායු ලබන රහස් තමා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, තරබාරු නොවීම හා මානසික ආතති වලක්වන ක්‍රම යොදා ගැනීම. ඉතින් මේ අතරින් හැඩට ඉන්න ජපන් කෑම රටා 7 ක් ගැනයි කියන්න යන්නේ,

01. නොපිසූ ආහාර ගැනීම

ජපන් ජාතිකයින් වැඩියෙන් කැමති අමුවෙන් ම කන්න පුලුවන් ආහාර රසයට. කිසිම රසකාරකයක් කුලු බඩුවක් නොදා ආහාරයට ගන්න නිසාත් තාපයට ලක් නොවන නිසාත් ආහාරයේ සම්පූර්ණම පෝෂණය ඇගට උරා ගන්නවා. උදාහරණයක් තමා සශිම් කියන ජපන් අමු මාලු පෙති ආහාරය...


02. මුහුදු ආහාර ගැනීම

ජපානයේ පුද්ගලයෙක් වසරකට මුහුදු ආහාර කිලෝග්රෑම් 55.7 ක් කනවලු. හරියට අපි බත් කනවා වගේ නේද? මුහුදු පැළෑට් වල මල්ටි විටමින්, කැල්සියම්, යකඩ, විටමින් සී, තන්තු, බීටා කැරොටින් බහුලයි. මේ ඛණිජ පෝෂක හෘදයට හිතකර නිසා ජපානයේ හාට් ඇටෑක් අනිත් රටවල් වල වගේ බහුල නෑ....ඒවාගේම මත්ස්‍ය මේදය ප්‍රසන්න පෙනුමට හා පිළිකා වලට ප්‍රතිවිරුද්ධවත් ක්‍රියාකාරී වෙනවා. මේ මුහුදු පැළෑටි සමේ රැලි වැටීම නවත්වන හොද ඔසුවකුත් වෙනවා....


03. ග්‍රීන් ටී පානය

ජපානයේ ආහාර වේලක් අවසානයේ හරිත තේ කෝප්පයක් බොනවා කියලා ඔයාලා දන්නවාද? මේක නිසා ආහාර ජීරණය හොදින් වෙනවා විතරක් නෙවෙයි සිරුරේ කැලරි ප්‍රමාණය වැඩිවෙලා මහත් වීමත් වලක්වනවා. එහෙනම් කෙට්ටු වෙන්න හිතන් ග්‍රීන් ටී බෙනවා නම් බොන්නන් වාලේ නොබී කෑම වේල් අතරතුර ම ගන්න පුරුදු වෙන්න. වෙනස අත්දැකලම බලන්න...



04. බඩ පිරෙන්න කලින් ආහාර ගැනීම නැවැත්වීම

අපිට නම් මේක පුදුම දෙයක් නේද? කන්නේ බඩපිරෙන්න නම් මොකට බාගෙට කනවද හිතෙන්න පුලුවන්. නමුත් සම්පූර්ණයෙන් ම බඩ පිරෙන්න ලගයි කියලා දැනෙද්දී කෑම ගැනීම ජපන් ජාතිකයෝ නවත්වන්නේ ඒකෙන් සිහින් ජවසම්පන්න සිරුරක් ලබා ගන්න. අනික කාලා කාලා ඉස්මුරුත්තාව වුණාම එන කම්මැලි දවසේ වැඩ පාඩු කරනවා වගේ දේවල් ජපන් ජාතිකයින් ට  නැත්තෙත් මේ නිසානේ....


05. සුෂී ට්‍රික්

සුෂී කියන්නේ ජපානයේ ප්‍රසිද්ධ කෑම වට්ටෝරුවක්. ඔමේගා 3 fatty acid බහුල මේ ආහාරය මොළයට හා හදවතට ගොඩාක් හිතකරයි. මේක හදාගන්නේ මාලු, මුහුදු පැළෑටි හා එළවලු එකතු කරලා. මේකට රසකාරක හෝ සෝස් වර්ග මුකුත් නොයොදා ගන්න ඕනෙ. අපිට අමු මාලු කාලා පුරුද්දක් නැති වුණත් සතියකට වරක්වත් තෙල් සහිත මාලු වර්ගයක් රසකාරක රහිතව තම්බලාවත් කනවා නම් හදවත හා මොලයේ පෝෂණයට හිතකරයි....


06. සෞඛ්‍යයට හිතකර බැක්ටීරියා ලබාගැනීම

ජලන් ජාතිකයෝ පැසුනු ආහාර අනුභව කරන්න පුරුදු වෙලා ඉන්නේ ඔරීරයට හිතකර බැක්ටීරියාවනුත් එමගින් ශරීරයට ඇතුලු වෙන නිසා. එමගින් ආහාර ජීරණය වගේ ම ජීර්ණ පද්ධතියක් පිරිසිදු කරලා පෝෂක උරා ගැනීම වැඩි කරනවා. රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවත් මේකෙන් වැඩි වෙනවා....


07. උණු දිය උල්පත්වල නෑම

මේක ආහාර රටාවක් වුණේ කොහොමද කියලා හිතෙනවාද? ජපානයේ ගිනිකදු ආශ්‍රිතව තියෙන උණු දිය උල්පත් වල ඛණිජ, විටමින් හා තවත් පෝෂක අඩංගුයි. මේවාට බැහැලා නානකොට ජලයේ තියෙන පෝෂක ශරීරයට උරා ගන්නවා.

ඔන්න ඔහොම තමයි ජපන්නු එයාලගේ සිහින් හැඩකාර සිරුර වගේ ම ජවයත්, තරුණ පෙනුමත් රැකගන්නේ.....


 මූලාශ්‍රය : අන්තර්ජාලය ඇසුරෙනි